page hit counter
Tuesday , January 16 2018
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / “ප්‍රේම සබඳතාවකට අම්මා බැන්න නිසා සිය දිවිි හානිකරගන්වා” | ViDEO

“ප්‍රේම සබඳතාවකට අම්මා බැන්න නිසා සිය දිවිි හානිකරගන්වා” | ViDEO

පන්නිපිටියේ – ධර්මපාල විදුහල ඉදිරිපිට යකඩ ගුවන් පාලම මතින් පැන බරපතල තුවාල ලැබූ ශිෂ්‍යාව සිය දෙමව්පියන්ට සටහන් කර තිබූ ලිපියක් රෝහලේ හෙදියක් විසින් සොයාගෙන තිබෙනවා.

ඇය එහි සඳහන් කර ඇත්තේ තම ප්‍රේම සබඳතාවකට මව අවවාද කිරීම හේතුවෙන් සිත්තැවුලට පත්ව සියදිවි හානිකරගන්නා බවයි.

ඊයේ (27) පෙරවරුවේ එම සිසුවිය ගුවන් පාලම මතින් පැන සියදිවි හානිකරගැනීමට උත්සාහ කළ අතර, ඇය වැටී තිබුණේ හයිලෙවල් මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මතටයි.

එහිදී බරපතල තුවාල ලැබූ ඇය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවුණා.අනතුරින් සිසුවියගේ කොන්දේ අස්ථී බිඳීමක් සිදුව ඇති බවයි ජාතික රෝහල් ප්‍රකාශිකාවක හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ. අදාළ සිසුවියගේ පාසල් බෑගය, පාවහන් යුවළ සහ ටයි පටිය පාලම මත තිබී පොලීසිය සොයාගත්තා.

ඇය කොට්ටාව- රුක්මල්ගම ප්‍රදේශයේ පදිංචි 11 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවියක්.

Check Also

ඥතීන් හා ගුරුවරුන්ගෙන් පාසල් වයසේ පසුවන දැරියන් විශාල ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්වෙලා

පාසල් වයසේ පසුවන දැරියන් අතර වැඩි ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්ව ඇති බව මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!