page hit counter
Sunday , October 22 2017
Breaking News
Home / සුව අරණ / Ayurvedic / ඕනෑම සමාජ රෝගයක් සමනය කරන දේශීය වෙදකමේ හාස්කම් මෙන්න

ඕනෑම සමාජ රෝගයක් සමනය කරන දේශීය වෙදකමේ හාස්කම් මෙන්න

දේශීය වෙදකමෙන් සුව කළ නොහැකි රෝගයක්‌ මේ යෑයි නම් කළ නොහැක. එසේ නම් මිනිස්‌ සිරුරට වැළඳෙන සියලු රෝග නිවාරණයට දේශීය වෙදකමේ ප්‍රතිකාර ඇතැයි යන අදහස එයින් ගම්‍ය වේ. ඇතැම් අවස්‌ථාවකදී බටහිර වෛද්‍ය විද්‍යාවේදී මේ මතයට කෙසේ පිළිතුරු සැපයුවත් එය සිංහල වෙදකමට අවැඩක්‌ නොවන්නේම ය.

සන්ධි වාත රෝග හෙවත් ආතරයිටිස්‌ රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවේදී ප්‍රතිකර්ම නැතැයි බොහෝ වෛද්‍යවරු පවසති. එහෙත් දේශීය වෙදකමේදී කෙරෙන ප්‍රතිකාර කිසිදිනෙක වැරදුනේ නැත. වේදනා නාශක දීමෙන් තාවකාලික සුවයක්‌ හන්දිවාත රෝගයට ලබා දීමට උත්සාහ ගන්නා වෛද්‍යවරයාට අභියෝග කරමින් දේශීය වෙදැදුරු එය මුලිනුපුටා දමන්නට කටයුතු කරන්නේ ඉසිවරයකු පරිද්දෙනි.මේ සමාජයේ සිටින මෙවැනි රෝගීන් සුව කළ නොහැකි යෑයි හුදෙකලා වෙද්දී අප ඕනෑතරම් මෙම ලිපි හරහා වෙදැදුරුවරු හඳුන්වා දී ඇත. එය සනාථ කිරීමට සුව වූ රෝගීන්ගේ තොරතුරු ද අප සතුව තිබේ.

පසුගිය දිනෙක විදේශ රටක සිට ශ්‍රී ලාංකික තරුණයකු මට සතියකට වරක්‌ කතා කරමින් සමාජ රෝගයට ප්‍රතිකාර කළ හැකි දේශීය වෙදැදුරුවරයකු මුණගස්‌වන මෙන් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේය. නමුත් එයට මට නිසි පිළිතුරක්‌ සැපයීමට අපොහොසත් වීම නිසා එය දිනෙන් දින කල්ගත වුවත් තරුණයා දිගින් දිගටම කතා කරමින් කෙසේ හෝ වෙදැදුරුවරයකු සොයා දෙන මෙන් ඉල්ලා සිටියේය.මේ තරුණයාගේ දුක්‌ ගැනවිල්ලට කෙසේ හෝ පිළිතුරක්‌ සැපයීමට අදිටන් කරගත් මා ඔබට වැළඳී ඇති සමාජ රෝගය කුමක්‌ දැයි ඇසීමි. ඊට පිළිතුරු සැපයීමට තරමක මැලිකමක්‌ දැක්‌වූ ඔහු රෝගය ප්‍රකාශ කරනවාට වඩා එය වැළඳීමට හේතු ප්‍රකාශ කළේය.

ඉදිරි අනාගතය සාරවත් කර ගැනීම සඳහා නොයෙකුත් බාධක මැද විදේශ රැකියාවකට ආවත්, දැනුණ පාළුව මකා ගැනීමට කාන්තාවක්‌ ඇසුරු කළ බවත් තවත් තරුණයන් කිහිපදෙනකුම එම කාන්තාව ඇසුරු කළ බවත්, ඒ තුළින් තමාටත් මෙම රෝගය වැළඳුණු බවත් අකමැත්තෙන් වුව ප්‍රකාශ කළේය.ඔබ බටහිර ප්‍රතිකාරයක්‌ සඳහා එරට වෛද්‍යවරයකු හමුවූයේ නැත්දැයි මම ඔහුගෙන් ඇසීමි. එහෙත් කරන්නට තිබෙන සියලු ප්‍රතිකාර කළත් සුවයක්‌ නම් නොලැබූ හෙයින් ඊට සිංහල වෙදකමෙන්වත් පිහිටක්‌ අපේක්‍ෂාවෙන් මට කතා කළ බව ඔහු කීවේය.

දිගින් දිගටම මේ ඉල්ලීම කළ හෙයින් මම නිරන්තරයෙන් මේ පිළිබඳ අවධානයෙන් සිටියදී අහම්බෙන් මෙන් හෙළ වෙදදුරුවරයකු සමාජ රෝග සඳහා ප්‍රතිකාර කරනවා යෑයි මට දැන ගැනීමට ලැබිණි. මේ තොරතුරත් සමඟ වහා ක්‍රියාත්මක වූ මා නාරම්මල බෙම්මුල්ල ගෙදර සැවැන්දන සුව සෙවණට ගියේ එම වෙදැදුරුවරයාගේ තොරතුරු ලබා ගැනීමටය.තම නිවසෙන් පිටස්‌තර සුවදායී පරිසරයක පිහිටුවා තිබූ මේ වෙද ගෙදරින් එවකට බොහෝ රෝගීන්ට ප්‍රතිකාර සලසා දෙන බව මට මුලින්ම ප්‍රදේශවාසීන්ගෙන් දැන ගන්නට ලැබිණි.

ඉතා නිහඬ ජීවිතයක්‌ ගත කරමින් ආගමානුකූල හා චාරිත්‍රානුකූල දැහැමි දිවියක්‌ ගත කරන මේ වෙදැදුරු නමින් වෙළගෙදරවත්ත ආරච්චිගේ එඩ්මන් වෙළගෙදර ය. සබරගමු වෙද පරම්පරාවට නෑකම් කියන ඔහු සර්වාංග රෝගවලට ප්‍රතිකාර කරන අතර තුර ගුප්ත විද්‍යාවෙන් වැඩ ගැනීමට ඉතා දක්‍ෂයකු බව බොහෝ පිරිසක්‌ මට පැවසූහ. මේ අනුව ඔහු සමඟ සාකච්ඡාවකට පිවිසෙමින් ඔබ සමාජ රෝගවලට ප්‍රතිකාර කරනවාදැයි මම පළමුවෙන් ම ප්‍රශ්නයක්‌ ඇසීමි.

සමාජ රෝගවලට විතරක්‌ නෙවෙයි වෙනත් රෝගවලටත් ප්‍රතිකාර කරනවා යෑයි මගේ ප්‍රශ්නයට පිළිතුරක්‌ සපයමින් ඔහු සිනහසුනේය.නෑ මට පැහැදිලිවම දැන ගන්න ඕනකමක්‌ තියෙන්නේ ඔබ සමාජ රෝග පිළිබඳව ප්‍රතිකාර කරනවද කියල මම යළිත් ඇසීමි.

පැහැදිලිවම ඔව්. මම සමාජ රෝගවලට ප්‍රතිකාර කරනවා.

එතකොට මොනවද මේ සමාජ රෝග කියල පැහැදිලි කළොත්. මම තවත් ප්‍රශ්නයක්‌ ඇසීමි.

මේ සමාජ රෝග අද ඊයෙක හැදුනු රෝගයක්‌ නෙවෙයි. එදා අන්තඃපුර තිබුණ කාලෙ ඉඳල මේ රෝග පැවත ගෙන එනවා. එහෙම නම් අද කාලෙ මේ ගැන කවර කතා ද?

මෙතෙන්දී මේ කාරණය ගැන පැහැදිලිව යමක්‌ කියනව නම් අපේ දේශීය වෙදකමේදී සමාජ රෝග ගැන පුළුල් විවරණයක්‌ නෑ. නමුත් පසු කාලීනව එම වෛද්‍ය මතත් සමඟ රෝග විවරණය අපේ අවධානයට යොමු වෙලා ඊට නිසි ප්‍රතිකාරයක්‌ සොයාගෙන තිබෙනවා.

මේ සමාජ රෝග ගැන කෙටි හැඳින්වීමක්‌ කළොත්…

සමාජ රෝග වර්ග රැසක්‌ තිබෙනවා. සාමාන්‍යයෙන් ගණනක්‌ හැටියට කිව්වොත් 27 ක්‌ පමණ තියෙනවා. ඉනුත් හයක්‌ තමයි ප්‍රධාන වශයෙන් ගැනෙන්නේ. මේ හයට ඇතුළත් වෙන්නෙ.

(1) සුදු බින්දුව හෙවත් ගොනෝරියා

(2) උපදංශ නොහොත් සිපිලිස්‌

(3) ලිංගික හර්පිස්‌

(4) ලිංගික ඉන්නන්

(5) ක්‌ලැමීසියා

(6) සුදු බින්දුව හෙවත් මුත්‍රාශ ප්‍රදාහ

මේ සමාජ රෝග හය තමයි සමාජයේ බහුලව දකින්න ලැබෙන්නේ. මෙතනින් හර්පිස්‌ කියන සමාජ රෝගය ලිංගික හර්පිස්‌ සහ පැපොල දෙවැනි වරට හැදුනාම හට ගන්නා තත්ත්වයක්‌ කියල කොටස්‌ දෙකක්‌ තිබෙනවා.

මෙම රෝග හැදුනාම දැන ගන්නේ කොහොමද ?

එකක්‌ තමයි මුත්‍රා දැවිල්ල. ලිංගයෙන් සැරව පිටවීම, ලිඟුව කැසීම, බිබිලි හට ගැනීම හා අධික වේදනාව මේ කාරණා ඇත්නම් ඔහුට හෝ ඇයට කිසියම් වූ සමාජ රෝගයක්‌ වැළඳී ඇති බව සැලකිල්ලට ගන්න ඕන.

මෙම රෝග වැළඳීමට හේතු කිව්වොත් මම තවත් ප්‍රශ්නයක්‌ ඇසීමි.

ගොඩක්‌ රෝග හැදෙන්නේ තුන්දොස්‌ කිපීමෙන් හෝ ඒ යටතේ ලිංගික හැසිරීම් වලින් පමණයි.

අනික තමයි රෝගියකුගේ රුධිරය ශරීරගතවීම, රුධිර සංසරණය (හුවමාරුවීම) තොල්, දිව ආදිය තුවාල වීමෙන් රෝගීන්ගේ තුවා, රෙදි ආදිය පරිහරණයෙන් හා විවිධ සිපගැනීම්වලින් මෙම රෝගය බෝවීමේ ප්‍රවණතාව වැඩි වෙනවා.

වෙළගෙදර වත්තේ වෙදැදුරු මේ සියල්ල කරන්නේ පරපුරේ ප්‍රතිකාර විධි සැලකිල්ලට ගෙන ය.ගුප්ත විද්‍යාව හා නක්‍ෂත්‍රයත් දේශීය වෙදකමේ එක්‌ පැතිකඩක්‌ ලෙස සැලකිය හැකිය. එක පවුලෙ නෑයන් සේ මෙම ශාස්‌ත්‍ර එකකට එකක්‌ බැඳී පවතින හෙයින් දේශීය වෙදකමේ දී මේවා ප්‍රයෝජනයට ගැනීම දක්‍ෂ වෙදැදුරුවරයකුගේ කාර්යභාරයයි.

වෙළගෙදරවත්තේ වෙදැදුරුට මේ පිළිබඳව හසල දැනුමක්‌ තිබෙන බව ඔහු හා ඇසුරු කළ ඉතා කෙටි කාලය තුළ මට අවබෝධයක්‌ ඇති වූයේ මා ඉදිරිපිටම කළ ප්‍රතිකාර කිහිපයක්‌ මුල් කර ගෙනය.

මගේ අම්මා දක්‍ෂ වෙදැදුරුවරියක්‌. ඇය දේශීය වෙදකමට බොහොම දස්‌කම් පෑවා. මමත් එයාගෙන් වෙදකම හරිහැටි ඉගෙන ගත්තා. දැන් එයා මිය ගිහිල්ලා. ඒත් තවමත් වෙදකම් කරනවා.

මේ ප්‍රශ්නයෙන් අන්ද මන්ද වූ මා මියගිය අයකු වෙදකම් කරන්නේ කෙසේ දැයි උභතෝකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙමින් ඔබේ මව මියගිහින් නම් කෙසේ වෙදකම් කරන්නේ දැයි ඇසීමි.

මඳ සිනහවක්‌ පෑ වෙදදුරු ඔහොමම පොඩි වේලාවක්‌ විමසිල්ලෙන් ඉන්න යෑයි කියමින් බුදුන් වහන්සේ ඉදිරිපිට පහනක්‌ දල්වන මෙන් සිය බිරිඳට කීවේය.

බිරිඳ දැල්වූ පහන ඉදිරිපිට දොහොත් මුදුන් දී නමස්‌කාර කළ වෙදැදුරු විනාඩි කිහිපයක්‌ කිසියම් ගාථා කිහිපයක්‌ කියමින් සිටියදී ඔහුගේ ස්‌වභාවික තත්ත්වය වෙනස්‌ වී දේවාරූඪයකට පත්ව දැන් මගෙන් ඔබට ඇදීමට තිබෙන ප්‍රශ්න තියෙනවා නම් ඒවා අසන්නට පුළුවන් යෑයි කීවේය.

මේ අනපේක්‍ෂිත තත්ත්වයෙන් කලබලයට පත් මා ඇසීමට තරම් ප්‍රශ්නයක්‌ සිතා ගැනීමට නොහැකිව මදක්‌ කල්පනා කරමින් සිටියදී ඔහුගේ බිරිඳ මහත්තයාගේ නිවසේ තත්ත්වය අසන්න යෑයි ඉල්ලීමක්‌ කළාය.

මේ ඉල්ලීමත් සමඟ මා නිවසේ වර්තමාන තත්ත්වය පිළිබඳ විමසීමක්‌ කරමින් කිsසියම් ප්‍රශ්න කිහිපයක්‌ ඇසීමි.

වෙළගෙදර වත්තේ වෙදැදුරු මා හඳුනාගත්තේ එදිනය. අප දෙදෙනා කිසි දිනෙක මුණගැසී නොමැති අතර වචනයකින් හෝ සබඳතාවක්‌ පවත්වා නොතිබුණි. එහෙත් මා සිතූ බොහෝ දේ හා ඇසූ ප්‍රශ්නවලට ඇසින් දුටුවකු මෙන් සියල්ල නිවැරැදිව කීමට තරම් ඔහුගේ දේව වරම ප්‍රබල වී තිබිණි.

විනාඩි කිහිපයකින් පියවි සිහියට පත් වෙදැදුරු නැවතත් සිය අසුනෙන් වාඩි වෙමින් ඔබගේ ප්‍රශ්නවලට මගෙන් පිළිතුරු ලැබුණා දැයි ඇසීය.

මා සිතුවාටත් වඩා නිවැරැදිව මගේ ප්‍රශ්නවලට පිළිතුරු ලැබුණා යෑයි කියද්දී වෙදැදුරු කීවේ මගේ මව සෑම විටම මා ළඟින් ඉඳගෙන සියලු ප්‍රතිකාරයන්ට සහාය වනවායි යන්නය.

මම ඕනෑම රෝගයකට ප්‍රතිකාරයක්‌ කරද්දී මම දන්නා ශාස්‌ත්‍රයට වඩා වැඩි යමක්‌ මගේ අම්මා මට කියනවා.

මට වෙද මහත්තයා කියන දේ එතරම් පැහැදිලි නෑ යෑයි මම කීවෙමි.

ඒ කියන්නේ මගේ අම්මා මට නිතර බෙහෙත් කියනවා.

ඒ කිව්වේ.

යම් රෝගියකුට මම ප්‍රතිකාර කරන්න හදනකොට ක්‍ෂණයෙන් මගේ හිතට පහළ වන ඖෂධ මගේ අම්මා කියනවා වගේ මට දැනෙන්නේ. මේ අවස්‌ථාවේදී දන්න බෙහෙතකට වඩා ඇඟට දැනෙන හිතට හිතෙන ඖෂධ තමයි මම නියම කරන්නේ. එහෙම නියම කරපු කිsසි බෙහෙතක්‌ අද වනතුරුත් වැරදිලා නෑ.

එතකොට ඔබ සමාජ රෝග පිළිබඳව කරන ප්‍රතිකාරයන් ගැන පැහැදිලි කිරීමක්‌ කළොත් මම තවත් ප්‍රශ්නයක්‌ අසමින් වෙදැදුරු දෙස විමසිල්ලෙන් බැලීමි.

“හාමිනේ අර සමාජ රෝගීන් පිළිබඳ ලියපු පොත මේ මහත්තයට පෙන්නන්න” වෙදැදුරු තම බිරිඳට කියමින් කිසියම් කල්පනාවකට වැටෙද්දී මට ඔහු ගැන තරමක කුතුහලයක්‌ ඇතිවිණි.

විටෙක සිනහසෙන තවත් විටෙක ප්‍රතිකාර පිළිබඳ කතා කරන හා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල ඇති ප්‍රබල බව මෙන් ම තමා කළ ගුරුකම්වල හාස්‌කම් විස්‌තර කරන මේ වෙදැදුරු ගැන මට ඇති වූයේ තරමක විමතියකි. එනිසාම තවත් විමසිලිමත් වෙමින් මා අත තැබූ සමාජ රෝග පිළිබඳ විස්‌තර ඇතුළත් පොත නිරීක්‍ෂණය කළෙමි. එහි රෝගීන් කිහිපදෙනකුගේ නම්, ලිපිනයන් සහ දුරකථන අංක සඳහන් කර තිබුණු හෙයින් මේ සියලු දෙනා සමාජ රෝග වැළඳුන අය දැයි වෙදැදුරුගෙන් විමසීමි. ඒ අතර ඒඩ්ස්‌ රෝගියකුගේ නමක්‌ ද සඳහන් වී තිබුණු හෙයින් ඔබ ඒඩ්ස්‌ වලටත් ප්‍රතිකාර කරනවා දැයි ඇසුවෙමි.

ඒකත් සමාජ රෝගයක්‌ නේ. මම ඒකටත් ප්‍රතිකාර කරනවා. ඔය ඒඩ්ස්‌ රෝගියා කෝටිපතියෙක්‌. දැන් සනීපයි. බොහෝ වෙලාවට ඇවිත් මගේ කකුල් දෙක අල්ලාගෙන වැඳල යන අවස්‌ථාත් තියෙනවා. මම ඔය සමාජ රෝග බෝවුන අයගේ නම් ගම් තොරතුරු ඇතුළත් ඔය වාර්තාව කිසි කෙනෙකුට දෙන්නේ නෑ. මේ සියලු දෙනා ඉතා රහසිගතව මගෙන් ප්‍රතිකාර ගත්තේ. කොහොමටත් මේ වගේ රෝගීන් සමාජය පිළිකුල් කරනවා නෙ. ඒක නිසා මම කිසිවකුට පෙන්නන්නේ නැහැ. ඒත් ඔබ මා කෙරෙහි සහ මගේ ප්‍රතිකාරයන් කෙරෙහි තිබෙන විශ්වාසය නිවැරදි කරන්න තමයි මම ඔය වාර්තාව පෙන්නුවේ.

මේ ප්‍රතිකාරවලදී දේශීය ඖෂධවල බලය වැඩි කිරීම සඳහා මම ගුප්ත විද්‍යාවත් යොදා ගන්නවා. ඇතැම් ඖෂධ වර්ග රෝගියකුට නියම කරද්දී මන්ත්‍ර බලයේ ශක්‌තියත් මම ඒවාට කා වද්දවනවා. ගොඩක්‌ මේ සමාජ රෝගවලට නියම කරන ඖෂධ වර්ග මම සොයාගන්න දේවල්. ඒ කියන්නේ ඒවට මගේ මියගිය අම්මාත් ගොඩක්‌ උදව් කරල තියෙනවා. සමහර ඖෂධ මට සිහිනෙන් කියපුවා. ගොඩක්‌ වෙලාවට යම් රෝගියකුට ප්‍රතිකාර කිරීමේදී මට ගැටලුවක්‌ මතු වුණොත් තුණුරුවන්a සිහිකර ගෙන නින්දට ගියපුවාම ඖෂධය අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි කියල සිහිනෙන් පෙන්නුම් කරනවා. ඇතැම් වෙලාවට ඒ මගේ අම්මා ඇවිත් කියන ඒව තමයි වැඩිපුරම තියෙන්නේ.

ඔබ සමාජ රෝගීන්ට එහෙම සොයාගත්ත ප්‍රතිකාරද ඔය කරන්නේ යෑයි මම තවත් ප්‍රශ්නයක්‌ ඇසීමි.

සත්තකින්ම ඔව්. ගොඩක්‌ ප්‍රතිකාර මම ඉගෙන ගත්තා. ඒවාට වඩා සිහිනෙන් කියපුව. මුලින් මුලින් සමාජ රෝගියෙක්‌ දෙන්නෙක්‌ මගේ ළඟට ආවාම තමයි මම මේක ගැන විමසිලිමත් වුණේ. ඒ අතර මට ගොඩක්‌ ප්‍රතිකාර සොයා ගන්න ලැබුණා.

යන්ත්‍ර මන්ත්‍ර ගැන ඔබට මොනවද කියන්න තියෙන්නේ යෑයි මම නැවතත් වෙදැදුරුගෙන් විමසීමි.

ප්‍රබල මාධ්‍යයක්‌. මේ පිළිබඳ පුළුල් අවබෝධයක්‌ හා අධ්‍යයනයක්‌ මට තියෙනවා. ඕනෑම අණවිනයක්‌ කොඩිවිනයක්‌ කපනවා කියන එක මට ඉතාමත් සුළු දෙයක්‌. මේ රටේ විවිධ පළාත්වල එවැනි කොඩිවින දහස්‌ ගණනක්‌ මම කපල යහපතක්‌ උදාකරල දීල තියෙනවා.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු ජනතාව මේ රටේ ප්‍රබල චරිතයෝ ය. මහා සඟරුවනට දෙවනුව සැලකෙන වෙදැදුරුවරු රටක අති දැවැන්තයෝ ය. ඔවුන්ගෙන් කෙරෙන කාර්යභාරය කිසිවිටෙක සුළුකොට තැකිය නොහැකියි. වත්මන් සමාජයේ ඇතැම් පිරිසක්‌ දේශීය වෙදකමට හා දේශීය වෙදැදුරුවරුන්ගේ කාර්යභාරය අවඥාවට ලක්‌කරමින් තම තමන්ගේ මඩිය තරකර ගන්නා හදන යුගයක දේශීය වෙදැදුරුවරයා සමාජය වෙනුවෙන් කරන කැප කිරීම ඇගයීමට වචන නැත. එනිසාම ඔවුනට ඉසිවරයෝ යෑයි කීම කිසිසේත්ම වරදක්‌ නැත. මේ වෙළගෙදර වෙදැදුරු සමඟ මා ගතකළ කාල සීමාව තුළ ලැබූ අත්දැකීම් හා දේශීය වෙදකමේ බලමහිමය තහවුරු වෙද්දී ඔහුගේ දෙනෙත නොපෙනෙන බවක්‌ කිසිසේත්ම මට දැන ගැනීමට හැකියාවක්‌ නොලැබිණි.

දැස්‌ නොපෙනුනත් වෙළගෙදර වෙදැදුරු සැබැවින්ම මිහිපිට සිටින ඉසිවරයෙක්‌ යෑයි කිවහොත් එහි මුසාවක්‌ නැතැයි මගේ හැඟීමය.

විමලසිරි අගලකඩ – දිවයින

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!