page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / King Ravana / මහා බලගතු ස්ත්‍රිවශි යන්ත්‍රය – අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

මහා බලගතු ස්ත්‍රිවශි යන්ත්‍රය – අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

ඉහතින් දැක්වෙන්නේ මහබලගතු ස්ත්‍රි පුරුෂ වශි යන්ත්‍රයකි.සාමාන්‍ය පෙල විභාගයෙන් පසු ප්‍රතිපල පැමිනෙන තෙක් කාලය තුල මා යන්ත්‍ර,මන්ත්‍ර ගුරුකම් ගැන ඉගෙන ගත්තේ මෙම ක්ෂේත්‍රයේ උපන් හපනෙක් වූ අපේ පවුලේම සීයාකෙනකුගෙනි.බොහෝ මන්ත්‍ර කාටපාඩමින් කිමේ හැකියාවක් තිබු ඔහු ඉතා දක්ෂ ගුරෙක් ලෙස ප්‍රසිද්ධියක් ලබා තිබුනි.

ජෝතිෂ්‍ය ශාස්ත්‍රය හා මෙම විෂය ගැන ඉගෙන ගැනීමට මා හට තිබු බලවත් ආශාව නිසාම මමද සියාගේ වැඩ කටයුතු වලට උදව් වෙමින් මේ පිළිබදව හදාරන්නට උත්සහ දැරුවෙම්.ඕනැම යන්ත්‍රයක් ජිවම් කිරිමට පෙර සිදුකල යුතු වත්පිලිවෙත් බොහොමයකි.ඒවා සදහන් කරන්නට ගියහොත් මෙම ලිපිය දිර්ඝවන බැවින් ඒ කරුනු මගහැර ඉහත යන්ත්‍රය ජිවම් කරන ආකාරය පමනක් මෙහි සදහන් කරන්නට බලාපොරොත්තු වෙමි.

යන්ත්‍රය ඇදිමට ගන්නා තඹපත පළල මෙන් තුන්ගුණයක් විය යුතුය.එසේ කිරිම සුභඵල ඇති කරයි…
යන්ත්‍රයේ ඉරි එකිනෙක අකුරු නොකැපෙන සේ ඉරි ඇදිය යුතුය.කැපිම අසුභය…
වශි යන්ත්‍ර ජප කිරීම උතුරු දිසාව බලා සිදුකල යුතුය…
යන්ත්‍රය ජිවම් කිරිමේදි කිලි වලට අසු නොවි සිටිය යුතුය….
යන්ත්‍රය එල්ලා ගැනිම සදහා කන්‍යාවක විසින් කටින ලද නූල් පටවල් 5,7,9 යොදා ගත යුතුය.පාට රතු වීම වඩා සුභයි.
නූල පහත මන්ත්‍රයෙන් හත්වරක් මතුරමින් සේදිය යුතුය…

ඕං නමෝ අග්‍ර මණ්ඩල දේසේ ඊශ්වර දෙවියෝ මංග්‍ර පොකුණේ තිබුන කහ අත්ත ගෙන්වා පිරිමැද්ද ආනුභාවයෙන් ආජීව ආජීව යේස්වහා.

සුභ හෝරාවෙන් යන්ත්‍රය ඇද කස්තුරි සදුන් අඹරා ප්‍රාණ මන්ත්‍රයකින් මතුරා ගෑ යුතුය.කිලි පහකිරීමට හා කිලිනොවැදීමට මතුරන මන්ත්‍රයක් ජප කරමින් දුම් ඇල්ලිය යුතුය.කිසිදු අවස්ථාවක 108 වරක් ජප කිරිමට පෙර ජපය නැවැත්වීම නොකල යුතුය.(මේ සදහා පිලිවෙත් තිබේ)

ඉහතින් දක්වා ඇත්තේ කරුනු කිහිපයකි.තව බොහෝ කරුනු තිබේ.වරම් ගැනිම,ජප කිරිම සමබන්ධයෙන් පිලිපැදිය යුතු කරුනුද ඇත.ඒ සදහා මන්ත්‍රද ඇත..මේ සියල්ල කිරිමෙන් අනතුරුව යන්ත්‍රය ජිවම් කල යුතුය..එම මන්ත්‍රය මෙසේය

ඕං හ්‍රීං රක්තවා මුණ්ඩ කුරු (වශි කරගැනිමට අවශය අයගේ නම) ආකර්ෂය හ්‍රීං ඕං නාරාඩිකාලි වරාඩි දේවරාවෙන් මුන්ඩේන් වාරාඩව: ( 1008 වරයි)

ඉන්පසු නැවත මදන මෝහිනි දිෂ්ටියෙන් ජීවම් කල යුතුය..

ඕං හ්‍රිං අං ආං සර්ව මදන මෝහිනි දිෂ්ටි වර වර ඕඩිවා වාර්ශද්ධි වා වා ඕං හ්‍රීං රතිකාම මදන මෝහිනි යන්ත්‍ර ජීවං වර වර එං ඒං ඒස්වාහා… (108 වරයි)

ඉන්පසු හිමිදිරි පාන්දර දින හතක් මදන මෝහිනි දිෂ්ටියෙන් ජප කරමින් යන්ත්‍රය අලුයට තබා උඩින් ගිනි මොලවමින් රත්කල යුතුය.එහිදි වශි කරගැනිමට අවශ්‍ය පුද්ගලයා තමා වෙත ක්‍රමයෙන් වශි වේ.දින හත ගෙවුන පසු යන්ත්‍රය තම ඉනේ පැලද වශි කරගැනිමට අවශය පුද්ගලයා ඉදිරියට යා යුතුය….

අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි

සැලකිය යුතුයි…ඉතා බලගතු මෙම යන්ත්‍රය යමි කිසි ආකාරයකින් කිල්ලකට අසුවුවහොත් මෙම යන්ත්‍රයේ ප්‍රතිපල නොලැබි යා හැකිය.

Check Also

රෝග 98ක් එක රැයින් නසන විස්මිත වෙදැදුරා – ලිංගික බෙලහීනතාවය ඇතුළු රෝග 200ක් නිල වෙදකමින් සුව කළ හැක

ඇදුම රෝගයෙන් නිතර නිතර පීඩා විඳි මම ඇදුම රෝගය නිසාම විවිධ අපහසුතාවනට භාජනය වූ අයෙක්මි. …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!