page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / youtube / Youtube එකේ ඉවුම් පිහුම් උගන්නන වයස අවුරුදු 106ක් වන අත්තම්මාගේ වැඩ මෙන්න

Youtube එකේ ඉවුම් පිහුම් උගන්නන වයස අවුරුදු 106ක් වන අත්තම්මාගේ වැඩ මෙන්න

අන්තර්ජාලය හරහා වැඩි ආකර්ෂණයක් ඇත්තේ තරුණ පිරිස්වලට යැයි බොහෝ විට අපට සිතේ. එහෙත් ඒ සිතුවිල්ල ලත් තැනම ලොප් වන්නේ මස්තානම්මා ගැන තොරතුරු ඇසූ දුටු දාටය.

මස්තානම්මා මීමිත්ණියකි. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයෙහි කුඩා අතුපැලක වාසය කරන ඇගේ වයස අවුරුදු 106ක් බව පැවැසේ. ඇයට වයස අවුරුදු 22 වෙත්ම සැමියා මිය ගිය හෙයින් ඇය ස්වාධීනව ජීවත්වීම අරඹා ඇත.

පසුගිය වසර තෙක්ම ඇය ඇගේ ඉවුම් පිහුම් දැක්වෙන වීඩියෝ පට අන්තර්ජාලයේ යූ ටියුබයට ඇතුළත් කර ඇත. මේ වනවිට ඉන්දියාවේ පමණක් නොව ඉන්දීය ආහාරවලට ප්‍රිය කරන ලෝකයේ බොහෝ දෙනාගේ හදවත් ඇද බැඳ තබා ගැනීමට ඈ සමත්ව සිටින්නීය.

මස්තානම්මාගේ ඉවුම් පිහුම් කෙරෙන්නේ වහළක් යට නොව එළිමහනේමය. ආහාර රස කරන සියල්ල සකසා ගැනෙන්නේ ඇය විසින්මය. ඒවා සාම්ප්‍රදායික ඉන්දියානු රසකාරකයන්ය. එළවළු, පරිප්පු, මාළු, ඉස්සන්, බිත්තර ආදී සෑම ආහාරයක්ම ඇය සකස් කර පෙන්වන්නීය. මේ අපූරු මිත්තණිය තම ආහාර පිස ගැනීම සඳහා භාවිත කරන්නේ දර ළිපයි. ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මැනීමට කිසිදු උපකරණයක් නැත. ඒ සියල්ලට ඇගේ අතේ නෙතේ මිම්ම සෑහේ. ඇගේ ප්‍රියතම උපකරණය වන්නේ සාම්ප්‍රදායික ඉන්දියානු පිහියකි. උක්කුටිකයෙන් බිම හිඳගෙන ඇය එයින් එළවළු කපයි. එහෙත් එළවළු ශුද්ධ කිරීමට, ‍පොතු හෑරීමට ඇගේ නිය‍පොතු තරම් උපකරණයක් ඇයට නොමැති තරම්ය.

පිසින ලද ආහාර බෙදනු ලබන්නේ කෙසෙල් කොළ මතටයි. ඇගේ පාරිභෝගිකයෝ බිම හිඳගෙන බිම එලන ලද කෙසෙල් කොළවලම ආහාර බුදිති. හැඳි ගෑරුප්පු භාවිතයක් ඇත්තේම නැත. ඇතැම් විටෙක ලොකු කෙසෙල් කොළයක වෙන වෙනම බෙදන ලද ආහාර කිහිප දෙනෙකු වටේට අනුභව කරන අයුරුද දැකිය හැකිය.

මස්තානම්මා පිළිබඳ කෙටි වාර්තා වීඩියෝවක් බි.බි.සී. ප්‍රවෘත්ති ඔස්සේ ප්‍රචාරය වීමත් සමග ලොව බොහෝ දෙනා ඇය ගැන සෙවීමට උත්සුක වූහ. මේ වනවිට එම වීඩියෝව නැරඹූ සංඛ්‍යාව 4,508,000 ඉක්මවා ඇත.

අද වනවිට මස්තානම්මා නමින් යූ ටියුබයේ චැනලයක් පවතී, පසුගිය අගෝස්තුවේ එය ආරම්භ කර ඇත්තේ ඇගේ වැඩිමහල් මුනුපුරා වන ලක්ෂ්මන් සහ ඔහුගේ මිතුරෙකු වන ශ්‍රීනාත් රෙඩ්ඩි විසිනි. ඒ දෙදෙනාම වීඩියෝ සංස්කාරකවරුන්ය. මුලින්ම ඔවුන් ආහාර පිළියෙල කරන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන 40ක් අන්තර්ජාලයට එක් කර ඇත. ඒවාට හොඳ ප්‍රතිචාර ලැබි ඇත.

ඒ අතරට මිත්තණියගේ ඉවුම් පිහුම් දැක්වෙන වීඩියෝ දසුන් එක්කර ඇත්තේ අනතුරුවයි. ඒ සමගම ඔවුන් නොසිතූ විරූ ලෙස එම දර්ශන ජනප්‍රිය වන්නට පටන්ගෙන ඇත. එක් දිනක් තුළ ලක්ෂයක පිරිසක් ඒවා නරඹා තිබුණි. තම මීමිත්තණිය පිළිබඳ එතරම් අවබෝධයක් නොතිබුණු ලක්ෂ්මන් නිවාඩුවකට ගමට ගිය අවස්ථාවක තම ඉවුම් පිහුම් ඇතුළත් අන්තර්ජාල විකාශයේ තොරතුරු ගම්වැසියන් හා පවසා ඇත.

සිය මීමිතණියගේ ආහාර පිසීමේ සමත්කම් ගැන සිය මවගෙන් ඔහුට අසන්නට ලැබෙන්නේ එහිදීය. එසේ නොවන්නට අතළොස්සක් දෙනා පමණක් දැන හඳුනාගෙන සිටි මේ පිටිසර ගැහැනිය ලොවට අනාවරණය නොවනු ඇත.(මව්බිම)

මේ අත්තම්මාගේ තවත් වීඩියෝ රැසක් Country Foods කියන youtube channel එකෙන් ඔයාලාට බලන්න පුළුවන්..

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

හිස් බද්ධ වී ඉපදුණු දරුවන්ව වෙන් කිරීමට වෛද්‍යවරුන් කරන්න යන විස්මිත සැත්කම | ViDEO

උපත ලැබූ දෙබිඩි ගැහැණු දරුවන් ලෙස උපත ලැබූ දෙදෙනෙකු වෙන් කිරීමේ සැත්කමකට බංගලාදේශ රෝහලක් සුදානම් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!