page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / එකම පවුලේ මරණ 4න් කඹුරුපිටියම හඬාවැටේ – සහෝදර හිමි නම සියල්ල හෙළි කරයි (ViDEO)

එකම පවුලේ මරණ 4න් කඹුරුපිටියම හඬාවැටේ – සහෝදර හිමි නම සියල්ල හෙළි කරයි (ViDEO)

කඹුරුපිටිය බෙරළිඅතුර ප්‍රදේශයේදී ගෙල වැලලාගෙන මියගොස්‌ සිටි දරුවන් තිදෙනාගේ සහ පියාගේ මරණ දිවි නසා ගැනීම් බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඊයේ (28 දා) අනාවරණය වී තිබේ.මාතර කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරිවරයා සඳහන් කළේ දරුවන් තිදෙනාගේ මරණද ඝාතන නොව දිවි නසා ගැනීම් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී ඇති බවයි.මෙම සිද්ධියේදී මියගිය දැරියන් දෙදෙනා කිසිදු අතවරයකට ලක්‌වී නොමැති බවද මෙහිදී හෙළිවී ඇත.

දරු තිදෙනා සමඟ මියගොස්‌ සිටි ඔවුන්ගේ පියා වන වික්‍රමතුංග පතිරණ ආරච්චිගේ ප්‍රියන්ත නමැත්තා සිය බිරිඳ නිවසින් පිටව යැමෙන් පසු වැඩිමහල් දියණිය සම්බන්ධ කර අසල්වාසීන් ඇතැම් කතා පැතිරවීම හේතුවෙන් දැඩි ලෙස සිත්තැවුලට පත්ව සිටි බවද මේ වන විට අනාවරණය වී තිබේ.

මොවුන් සම්බන්ධයෙන් අසල්වාසීන් විසින් 119 හදිසි ඇමතුම් අංකය ඔස්‌සේ පොලිසියට ලබා දුන් ඇමතුම් හේතුවෙන් මියගිය දරුවන් හා පියා පසුගිය කාලයේ දැඩි පීඩනයකට ලක්‌ව සිටි බවද හෙළිවී ඇත. මියගිය ප්‍රියන්ත නමැත්තා ඒ පිළිබඳව කිහිප අවස්‌ථාවකම භික්‍ෂූන් වහන්සේ නමක වන සිය වැඩිමහල් පුත්‍රයාටද දැනුම් දී ඇත.ප්‍රියන්ත නමැති අයගේ බිරිඳ මොහු හැරගොස්‌ ඇත්තේ ඉකුත් මැයි 26 වැනිදා ඇතිවූ ගංවතුර තත්ත්වයට දින දෙක තුනකට පමණ පෙරය.මියගිය අයගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු ඊයේ ඔවුන් පදිංචිව සිටි නිවස අසල භූමියක සිදු කෙරුණු අතර එහිදී දියණියන් දෙදෙනාගේ හා පියාගේ සිරුරු එකම ස්‌ථානයක සාමණේර නමක වූ පුතුගේ සිරුර වෙනමත් භූමදානය කෙරිණි.

අවමංගල උත්සවයේ ආගමික වතාවත් සඳහා මියගිය පවුලේ වැඩිමහල් පුත්‍රයා වූ භික්‌ෂූන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය සහභාගි වූහ.අවසන් කටයුතු සිදුකරන අවස්‌ථාව වනතුරුත් මියගිය දරුවන්ගේ මව පැමිණ නොසිටි අතර ඇයගේ නොපැමිණීමද ගම්වාසීන් අතර විවිධ කටකතා පැතිර යැමට හේතුවක්‌ වී තිබේ.කඹුරුපිටිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

වීඩියෝව පහතින් නරඹන්න…

කඹුරුපිටියේ පියෙක් දරු තිදෙනා එල්ලා මරා, ඔහුත් සිය දිවි නසා ගනී.. #lka #TV1News #Matara

Posted by TV 1 News on martes, 27 de junio de 2017

දර්ශන අනුග්‍රහය – TV 1 News

Check Also

පෙරහරේ මොනර නැටුම නැටූ අක්ක නගෝ බොර කකුල් අයියා එක්ක අමුතු නැටුමකුත් නටලා

රුහුණු මාගම් පත්තුවේ ගමක ජීවත් වූ අක්ක නගෝ දෙදෙනෙකි. අක්කාගේ වයස අවුරුදු පහළොවකි. නංගිගේ වයස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!