page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / How To Go Success / සියදිවි තොර නොකර ජීවත්වෙන්න වෙර දරමු

සියදිවි තොර නොකර ජීවත්වෙන්න වෙර දරමු

ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයද මුහුණ පා සිටින දැවැන්තම ඛේදවාචකයකි සිය දිවි හානිකරගැනීමෙන් සිදුවන්නාවූ මරණ ප්‍රතිශතය ඉහල යාම. ලොව පුරා තරුණ තරුණියන් (අවුරුදු 15ත් – 44ත් දක්වා වයස් කාණ්ඩය) මරණයට පත්වන ප්‍රධාන හේතු තුනෙන් එකක් වන්නේ සියදිවි හානි කරගැනීමය. වයස අවුරුදු 15ත් – 19ත් වයස් කාණ්ඩයේ යෞවන යෞවනියන් මිය යාමට හේතුවන දෙවැනි ප්‍රධාන හේතුවද සියදිවි හානිකර ගැනීමය. ශ්‍රී ලංකාවේ වසරකට හාරදහසකට අධික පිරිසක් කුමන හෝ හේතුවක් නිසාවෙන් තම දිවි තමන් විසින්ම තොර කරගැනීමේ අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී ඇත.

කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුර ලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ

“බොහොම කලාතුරකින් බුදු කෙනෙකු උපදින්නේය. මිනිස් බව ලබාගන්නේ ඉතාමත් දුෂ්කරතාවෙකිනි. මේ සංසාර දුක දුරුකරන්නේ මේ කරුණු දෙකෙනි සත් පුරුෂයෙනි මෙය ලැබූ අවස්ථාවේ වීරිය නොකරන්නේ මන්ද?” ලෝවැඩ සඟරාවේ මෙසේ සදහන් වී ඇත. බෞද්ධ දර්ශණයේද සියදිවි නසාගැනීම බලවත් අකුසල කර්මයක් ලෙස දක්වා ඇතිවා සේම අන්‍ය ආගම් වලද තම ජිවිතය නසා ගැනීම පාපකර්මයක් ලෙස දක්වා ඇත.

සියදිවි නසාගන්නන් අතර බහුලව පිරිමින් සිටින අතර මීට ප්‍රධානම හේතුව ගැහැණුන් මෙන් දරාගැනීමේ හැකියාව අඩු සහ ක්ෂණික ප්‍රතිචාර දැක්වීමය. එමෙන්ම වැඩි වශයෙන් ලාබාල තරුණ කොටස් මෙන්ම අවුරුදු 50ට වැඩි වැඩිහිටි කොටස් අතරද සියදිවි නසාගැනීම බහුලය.

කරුණු කෙසේ කීවද අප සියදිවි හානි කරගන්නා අයගේ මානිසික චිත්තවේගී ක්‍රියාකාරිත්වය හදුනානොගෙන මේ ප්‍රශ්ණයට පිලිතුරු සෙවීමෙන් පලක් නැත. සියදිවි නසාගන්නා පුද්ගලයන්ට හේතුභූතවන අවදානම් කාරණා මනෝ විද්‍යාඥයන් මෙසේ සදහන් කරයි.

-පවුලේ සියදිවි නසාගැනීමේ ඉතිහාසය. (පුද්ගලයකුගේ ජානමය සම්බන්ධතා),පවුලේ දරුවන්ට සිදු කරන හිංසා කිරීම් වල ඉතිහාසය.,පෙර අවස්ථාවන් වලිදී සියදිවි හානි කරගැනීම් වලට දැරූ උත්සාහයන්.,කාලාන්තරයක් පැවති මානසික ව්‍යාකූලතා හා ප්‍රධාන වශයෙන් පැවති සායනික අවපීඩනය පිලිබඳ ඉතිහාසය.,මත්ද්‍රව්‍ය මත්පැන් වලට තිබූ ඇබ්බැහිය පිලිබඳ ඉතිහාසය.,බලාපොරොත්තු කඩවීම පිලිබඳ වු හැගීම්.,ආවේගික හෝ ආක්‍රමණශීලී ප්‍රවණතාවය.,සංස්කෘතික සහ අගමික මිත්‍යා විශ්වාස. (උදාහරණ – සියදිවි නසාගැනීමෙන් දෙවියන් වෙත යන්නට හැකි යැයි සිතීම),දේශනුරූප සියදිවි නසාගැනීමේ ප්‍රවණතාවය. එක් අයෙක් සියදිවි නසාගත් විට එය අනෙක් පුද්ගලයනුත් ආදර්ශයට ගැනිම.,හුදකලාවීම සහ අන් අයගෙන් වෙන්වීමට ඇති කැමැත්ත.,මානසික රෝග සදහා ප්‍රතිකාර ලබාගැනිමට ඇති බාධක.,සබඳතා, සාමාජීය, ආර්ථික, රැකියා බිදවැටීම්.,කායික බිදවැටීම්.,මාරක ක්‍රම අත්හදා බැලීම සදහා ඇති කැමැත්ත.,අපකීර්තියක් ඇතිවේයැයි බිය නිසා මානසික සෞඛ්‍ය උදෙසා අන් අයගේ උදව් උපකාර ලබාගැනීමට ඇති අකමැත්ත. ව්‍යාකූලත්වය -නිසා නින්දාවේ යැයි සීතිම හෝ අනිවාර්යෙන් සියදිවි නසාගත යුතුයැයි ස්ථීර අධිෂ්ඨානයේ සිටීම.

සියදිවි නසාගැනීම් වලින් ආරක්ෂා කරගැනීමට නම්.

සියදිවි නසාගැනීමේ අකල්පය පුද්ගල සංවර්ධනය වශයෙනුත් සාමාජීය වශයෙනුත් ඉවත් කිරීම කලහැකිය. මේ සදහා මුලින් අනතුරුදායක කරුණු හදුනාගැනීම සහ එ්වා ඉවත් කරගැනීමට සමාජයක් ලෙස ඒ සදහා කැපවීම තුලින් මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට හැකිය.

මානසික ව්‍යාකූලතා සඳහා නිසි වෛද්‍ය උපදෙස් මත ක්‍රමානූකූල සායනයන්ට භාජනය විය යුතුය.,ඉතා පහසුවෙන් මානසික සෞඛ්‍ය උපකාර ලබාගැනීමට හා මැදිහත්වීම් සදහා අවස්ථාව සලසාදීම.,පවුලේ සහ සමාජීය අත්වැල ලබාදීම. නිතර ඔවුන් ගැන සොයා බැලීම.,අඛණ්ඩ මානසික ප්‍රතිකාර ලබාදීම සහ අනෙකුත් සෞඛ්‍ය පහසුකම් ලබාදීම.,ප්‍රශ්ණ නිරාකරණය කරගැනීමට, ගැටුම් අවම කරගැනීමට, අවේගකාරී හැසීර්ම් අවමකරගැනීමට, ආරවුල් මතභේද දරාගැනීමට –අවශ්‍ය කරන කුසලතා වැඩි දියුණු කිරීම.,ආගමික සංස්කෘතික පසුබිමෙන් සියදිවි නසාගැනීමට අධෛර්යමත් කිරීම සහ ජීවිතයට ආදරය කිරීමට හා ජීවත් වීමේ වටිනාකම පහදාදීම.,තම ආත්ම ආරක්ෂාව සකසා ගැනීමට උපදෙස් හා අවශ්‍ය සහය ලබාදීම.,අන්තර්ජාලය මගින් සියදිවි හානිකරගත් අයගේ ඡායාරූප පලකිරීම, රූපවාහීනී මගින් එහි දර්ශන පෙන්වීම තුලින් තීරණ ගැනීමට නොහැකි අය ක්ෂණික තීරණ ගැනීම, මරණයට ඇති බිය නැති කරගැනීම සිදුකරගන්න බව ඔබ නොදන්නවා විය හැකිය. එම නිසා අන්තර්ජාලය හා රූපවාහීනී මගින් මෙවැනි සිදුවීම් පෙන්වීමෙන් මියයාමට උත්තේජන සැපයීම නොකරන්නට ඔබ වග බලාගන්න.

කුඩා කල සිට ආත්මශක්තිය ප්‍රගුණ කරවීම, ජීවිතයේ පරාජයන්ට හුරු කරවීම වැදගත්ය. ජයග්‍රහණයන්ගෙන් උමතු වන්නට වඩා පරාජිතයෙක් වීම වඩා හොද බව පෙන්වා දීම ඉතා වටිනා බව පෙන්වා දිය යුතුය. එවිට අනාගත බලාපොරොත්තු ගැන, තැන රැකගන්න, නම රැකගන්න අරගල කරන්නට වෙයත්න දැරීම වැලකෙනු ඇත. ජයග්‍රහණය පමණක් සොයා යන්නන්ට පීඩනයට මැදිවන්නට සිදු වනවා නොඅනුමානය. සතුටෙන් සිටින විශිෂ්ඨත්වයක් පුරුදු පුහුණු කිරීම වටී. එසේ නොවන්නට ආත්ම තෘප්තියක් නොලැබී ජීවිතයට වෛර බදින්නට පුළුවන. එම නිසා තෘප්තිය හා සතුට අත්පත් කරගෙන ජිවිතය ජීවත් කරවීමට සවිය ශක්තිය ලබාගැනීමට අවැසි මාර්ගය සකසා දිය යුතුය.

එමෙන්ම ඔබ අවට පරිසරයේ ඔබත් සමඟ සිටින්නාවූ කෙනෙකු මානසිකව ඇද වැටීමටකට ලක් වී ඇත්නම් ඔහු වෙනුවෙන් වහා ඔබ ක්‍රියාත්මක වන්න. “ගනන් ගන්න එපා“ කීමෙන් පමණක් කෙනෙකුගේ මානසික පීඩනය අවම කිරීම සිදු කල නොහැකි බව තේරුම් ගන්න. එවැනි අයව ආගමික කටයුතු වලට සම්බන්ධ කිරීම, පුජ්‍ය පක්ෂය වෙත යොමු කිරීම මෙන්ම මනෝ වෛද්‍යවරුන්ගේ සහය සහ මානසික සෞඛ්‍ය පිළිබඳව වූ රාජ්‍ය නොවන ස්වේච්ඡා සංවිධාන වල සහයෝගය ලබාගැනීම කඩනමින් සිදු කල යුතු බව සිතට ගන්න.

පහත ආයතන වලින් ඔබේ ගැටළු සදහා පිලිතුරු ලබාගත හැකිය.

සෑම පළාත් රෝහලකම මනෝ වෛද්‍ය එ්කක.
සහනය – 96/20, කිතුල්වත්ත පාර, කොළඹ 8. www.ncmh.lk – දු.ක. 0112 685 960
සුමිත්‍රයෝ – 60 බී, හෝර්ටන් පෙදෙස, කොළඹ 7. www.srilankasumithrayo.org-
දු.ක. 0112692909

පුලස්ති වන්නිආරච්චි,
නියෝජ්‍ය ලේකම්
ජාතික ඉංජිනේරු, තාක්ෂණ හා විද්‍යා වෘත්තීයවේදීන්ගේ සංගමය
www.facebook.com/Pulasthi.Priyan.Rasanga

මෙම ලිපිය ඔටබ හැකිතාක් share කරන්න අමතක කරන්න එපා

Check Also

ජලයේ බයෙන් ලෙඩ සුව කරමු..

ජපානයේ ලෙඩ රෝග සුව පිළිබඳ සංගමය නම් ආයතනය ජලය පානය කිරීමෙන් නිදන්ගත වූ සහ රෝග …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!