page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / Ranjan Ramanayake / “මාලිංගට – සුසන්තිකාට අපේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වුණා” – රන්ජන්

“මාලිංගට – සුසන්තිකාට අපේ ආණ්ඩුවෙන් අසාධාරණයක් වුණා” – රන්ජන්

ලසිත් මාලිංග, සුසන්තිකා ජයසිංහ වැනි ශ්‍රී ලංකා නාමය ලෝකයට ගෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වත්මන් ආණ්ඩුව මගින් අසාධාරණයක් සිදුවූ බවට හැගෙන බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

සිය ෆේස් බුක් ගිණුම හරහා ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි. එසේම කිසිම රටක අමාත්‍යවරු, දේශපාලඥයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග නොගැටෙන් බවත් ඔහු සඳහන් කළේය.

“අපේ රට ලෝකයට ගෙන ගිය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, සමහර චරිතවලට අපේ සමාජයෙන්, අපේ ආණ්ඩුවෙන් අපේ රටින් අසාධාරණයක් වුණා කියා සිතනවා. සුසන්තිකා ජයසිංහ, ලසිත් මාලිංගට අසාධාරණයක් වුණා. මේ චරිත අපේ රට ලෝකයට ගෙන ගිය චරිත. මම ලංකාවේ ජනප්‍රියම නළුවා ලෙස සම්මාන ලැබිලා තියෙනවා.නමුත් එයාපෝට් එකෙන් වෙනත් රටකට ගියාම මාව මෙලෝ කෙනෙක් දන්නේ නෑ.

අපේ රට ලෝකයට ගෙන ගිය චරිත වලට ගෞරවයෙන් ආදරයෙන් කතා කරන්න ඕන. මම සියලු පාර්ශ්වලට කතා කළා. ලසිත් මාලිංග ලෝකෙ පුරා ජනප්‍රිය පුද්ගලයෙක්. සනත් ජයසූරිය, අර්ජුණ රණතුංග, සුසන්තිකා, අරවින්ද ද සිල්වා ලෝක පුරා ජනප්‍රිය පුද්ගලයන්.

මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මිට වඩා ගෞරව කළ යුතුයි. පුවත්පත්වලින් ගහ ගන්න සියලු දෙනා අපේ යාලුවෝ. දෙපැත්තේ සිට වාද විවාද කර ගන්න එක ලෝකයට යනවා. මම හිතන්නේ නෑ ලෝකේ කිසිම රටක ඇමතිවරයෙක් හෝ දේශපාලකයෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එක්ක හැප්පෙනවා කියලා. ඒක හොඳ මදි කියන එකයි මගේ මතය.

පසුගිය කාලයේදීත් ජනප්‍රිය රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය කළා. මේකත් එක්තරා විදියකට මානසික පීඩනයක් දීලා කෙනෙක්ව මරණ ලෙසට මම දකිනවා. කෙනෙක්ව මරුවත් එකයි. ඔහුට පීඩනයක් දුන්නත් එකයි” යැයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.-අද පුවත්පත

නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා දැක්වූ අදහස් පහතින්..

අපිට වඩා ක්‍රිඩකයින් ලෝකය පුරා ජනප්‍රියයි රන්ජන් කියන අලුත්ම කතාව..අපි ඔවුන්ට නිසි ගෞරවය දිය යුතුයි ..රන්ජන්ට අර්ජුන රණතුංග ඉදිරියේ මුහුණ පාන්නට සිදුවූ සිදුවීම

Posted by Ranjan Ramanayake on miércoles, 28 de junio de 2017

මිතරුන්ට බලන්න පහතින් share කරන්න

Check Also

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!