page hit counter
Monday , October 23 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / මින් ඉදිරියට විරෝධතා සහ උද්ඝෝෂණ පාලනයට පොලිසියට මිරිස් බෝල යෙදු කැටපෝල

මින් ඉදිරියට විරෝධතා සහ උද්ඝෝෂණ පාලනයට පොලිසියට මිරිස් බෝල යෙදු කැටපෝල

ලොව පුරා ඇතිවන විවිධ ආකාරයේ විරෝධතා උද්ඝෝෂණ වැනි කලහකාරී ක්‍රියාවන් පාලනයට යොදාගනු ලබන්නේ කදුලු ගෑස්, බැටන් පොලු ප්‍රහාර, රබර් උණ්ඩ සහ ජල ප්‍රහාර වැනි දෑය.විරෝධතාකරුවන්ට අවම හානියක් වන ආකාරයට විරෝධතා පාලනයට අලුත් ක්‍රමයක් හඳුන්වාදීමට ඉන්දීය පොලිසිය අත්හදා බැලීම් සිදු කර ඇති බව වාර්තා වේ.කැටපෝල යොදා ගැනීම මේ නව ක්‍රමය වේ. මෙහිදී ගල් භාවිතා නොකරන අතර ඒ වෙනුවට යොදාගනු ලබන්නේ මිරිස් කුඩු යෙදූ බෝලය.

විශේෂිත ක්‍රමවේදයකට අනුව සකස් කරන ලද මෙම කැටපෝලයෙන් ඉතා දුරක සිට පවා මිරිස් බෝල විදිය හැකි අතර එය අහසේදී පිපිරී එහි තුළ ඇති කුඩු විසිර යයි. අධික සැරකින් යුක්ත මෙම මිරිස් බෝල සිරුරේ ස්පර්ශ වීම දැඩි වේදනා සහිත බවද ඉන්දීය පොලීසිය වාර්තා කරයි.ඉන්දියාවේ හර්යානා ප්‍රාන්ත පොලීසිය විසින් මෙම ක්‍රමවේදය හදුන්වා දී ඇති අතර මෙහි මූලික අරමුණ වී ඇත්තේ විරෝධතාකරුවන් යම් නිශ්චිත ප්‍රදේශයකින් පලවා හැරීම බවට පොලීසිය පවසයි.

ජීවිත හානියක් සිදු නොකර මර්ධනය පාලනය කිරීමේ හැකියාවක් මෙම මිරිස් බෝලවලට ඇති බවට ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.මෙම මිරිස් බෝල ප්‍රහාර වෙනුවෙන් විශේෂිත බෝල වර්ගයක් සකස් කරන අතර ඒවා තුළ මිරිස් කැබළි පුරවනු ලැබේ. මේ සඳහා හර්යානා ප්‍රාන්තයේ වගා කෙරෙන අධික සැරකින් යුක්ත මිරිස් වර්ගයක් භාවිත කරනු ලබන අතර මේ හේතුවෙන් විරෝධතාවයන් සඳහා සහභාගී වන ප්‍රමාණයද සැලකිය යුතු මට්ටමකින් පහල ගොස් ඇති බවට ඉන්දීය පොලීසිය වාර්තා කරයි.බැටන් පොලු, කඳුලු ගෑස් සහ රබර් උණ්ඩ වැනි දෑ මගින් පොලිස් නිලධාරීන්ට බලපෑ හැකි මානව හිමිකම් ගැටලු මෙම ක්‍රමවේදයෙන් මග හැරී යන බවට ඉන්දීය ප්‍රාන්ත පොලිස් ප්‍රධානී අනිල් කුමාර් රාහෝ ප්‍රකාශ කර තිබේ.

Check Also

මෙරට 6 දෙනෙක්‌ සිරියා සටන් බිමේ ශ්‍රී ලාංකික75 කගේ අයිඑස්‌ සබඳතා ඉන්දියාව හෙළි කරයි

සිරියාවට ගොස්‌ අයිඑස්‌ ත්‍රස්‌තවාදීන්ට එක්‌ව ඉස්‌ලාම් රාජ්‍ය ත්‍රස්‌තවාදය වෙනුවෙන් සටන් වදින ශ්‍රී ලාංකික මුස්‌ලිම්වරුන් සිව් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!