page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / “ඉංජිනේරුවන් කියපු දේවල් ඇහුවේ නෑ කෝටි ගානක් සාක්කුවේ දාගන්නයි ඕනි උනේ” – video

“ඉංජිනේරුවන් කියපු දේවල් ඇහුවේ නෑ කෝටි ගානක් සාක්කුවේ දාගන්නයි ඕනි උනේ” – video

උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහය ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඉංජිනේරුවන්ගේ උපදෙස් නොතකමින් දේශපාලන තීන්දු මත එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම හේතුවෙන් මේ වන විට ප්‍රදේශයේ ජනතාවට අයහපත් ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුව ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

එම වැරදි දේශපාලන තීන්දු ගනිමින් කෝටි ගණන් මුදල් වංචා කළ පිරිස අද පැනනැගී ඇති ජනතා විරෝධතා හමුවේ නිහඩ පිළිවෙතක් අනුගමනය කළ ද වැරදි ඇස්තමේන්තු සකස් කරමින් ව්‍යාපෘතියේ මූල්‍ය වංචා සිදු කළ අය පිළිබඳ වෙනම පරීක්ෂණයක් සිදු කිරීමට තමා ඉදිරියේදී අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා කියා සිටියේය.

නුවරඑළිය ප්‍රදේශයේ පැවැති උත්සවයකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මතුව ඇති තත්ත්වය හමුවේ උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව තමා පසුගිය දින කිහිපය තුළ දේශීය මෙන්ම විදේශීය විශේෂඥයින් සමඟ සාකච්ඡා පැවැත් වූ බවයි.

Check Also

මහින්ද රාජපක්ෂ ඝාතන කුමන්ත්‍රණයක්මෙ | මෙම පුද්ගලයාව ඔබත් හදුනනවා ද?

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය අනතුරේ හෙලමින් එතුමන් පිලිබදව තොරතුරු රැස් කිරීම් සදහා පොලිසිය …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!