page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / පාසල් ශිෂ්‍යාවන් රැගෙන යන ගුරුවරුන්ට යහන්ගත වෙන්න රූම් දීපු කොල්ලා මාට්ටු

පාසල් ශිෂ්‍යාවන් රැගෙන යන ගුරුවරුන්ට යහන්ගත වෙන්න රූම් දීපු කොල්ලා මාට්ටු

පාසල් ශිෂ්‍යාවන් රැගෙන යන ගුරුවරුන්ට හා තරුණියන්ට කාමර පහසුකම් ලබාදුන් බව කියන කළුතර නාගොඩ සංචාරක නිකේතනයක සේවය කරන 20 හැවිරිදි කළමනාකරුවකු පෙරේදා (28 දා) රාත්‍රි කළුතර කොට්‌ඨාස ළමා හා කාන්තා කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගුරුවරයකු අතින් ගැබිනියක වූ 15 හැවිරිදි ශිෂ්‍යාවක විසින් පොලිසියට කරන ලද ප්‍රකාශයකින් පසු කළුතර නියෝජ්‍ය පොලිස්‌පති ජී. කේ. පෙරේරා කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරී උපුල් නිල්මිණි ආරියරත්න, සහකාර පොලිස්‌ අධිකාරී කපිල ප්‍රේමදාස යන මහත්වරුන්ගේ උපදෙස්‌මත කළුතර ප්‍රදේශයේ ගෙස්‌ට්‌ හවුස්‌ සංචාරක නිකේතන පරික්‍ෂා කළ කළුතර කොට්‌ඨාසභාර ළමා හා කාන්තා කාර්යාංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක මල්කා තුෂාර මහත්මිය ඇතුළු කණ්‌ඩායමක්‌ බාලවයස්‌කාර පාසල් දැරියන් රැගෙන යන පුද්ගලයින්ට කාමර පහසුකම් ලබාදෙන ආයතන පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබුණි.

හෝටල් අයිතිකරු නොමැති හෙයින් එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබු අතර ඔහු ඊයේ (29 දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-දිවයින පුවත්පත

Check Also

රක්වානේ 19 වියැති පාසල් සිසුවිය ඝාතනය කලේ රුපියල් 210ක් ගන්න – පාපතරයා සියල්ල හෙළිකරයි

රත්නපුර පැල්මඩුල්ල ධර්මාලේක මහ විදුහල උසස් පෙළ කාලා අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි කේ ඩබ්ලිව් දීපිකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!