page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / සුව අරණ / cancer / පිරිමින්ට පමණක් විශේෂ වු පිළිකාවක් – කරුණාකර සෑම කෙනෙක්ම දැනුවත් කරන්න

පිරිමින්ට පමණක් විශේෂ වු පිළිකාවක් – කරුණාකර සෑම කෙනෙක්ම දැනුවත් කරන්න

ආයුබෝවන්.. අපි අද ඔබට ගෙන එන්නේ වැදගත් ලිපියක්. ඔබ පිරිමි පුද්ගලයෙක් නැතිනම් ඔබට අයියා මල්ලි නැතිනම් දුවෙක් ,පුතෙක් සිටිය හැකියි .ඒ නිසා ඔබ සියලූ දෙනාට මේ ලිපිය වැදගත් වේවි. අප අද කතා කරන්නේ පුරුෂ ලිංග පිළිකාව ගැනයි.පුරුෂ ලිංග පිළිකා ගැන බොහෝ දෙනා කතාකරන්නේ නැත. ඒ නිසාම මේ පිළිබදව ඔබව දැනුවත් කරන්නට අප සිතුවා.

වයස අවුරුදු 60ට වැඩි නම් අවධානම වැඩියි ,

පුරුෂ ලිංගයේ පිළිකාව විරලය. නමුත් මෙය අද වන විට වැඩිවීමක් දක්නට ලැඛෙනවා.බොහෝවිට මෙම පිලිකාව දක්නට ලැඛෙන්නේ වයස අවු 60 පසු වු විටයි. නමුත් තරුණ වියේදි ඇති වෙන්නටත් පුලූවන්.

වෙනස කුමක්ද?

මෙම පිළිකාව වැඩි වශයෙන් දක්නට ලැඛෙන්නේ පුරුෂ ලිංගයේ කෙළවර ආසන්නයේ හෝ පෙර සම ප්‍රදේශයේය. එමනිසා කුඩා පිරිමි දරුවෙකුට පුරුෂ ලිංගයේ පෙර සම නිසි පරිදි පසුපසට කළ නොහැකි නම් හෝ මුත්‍රා පිටවන ස්ථානයේ පෙර සමේ ඇති සිදුර ඉතා කුඩා නම් එය ස්වභාවික තත්ත්වයක් නොවේ. එවැනි වෙනසක් තිබේ නම් පවා නොවි වෛද්‍ය උපදෙස් පතන්න.

රෝග ලක්ෂණ මොනවාද?

මෙම පිළිකාවේ දක්නට ලැඛෙන ප්‍රධාන රෝග ලක්ෂණයක් වන්නේ පුරුෂ ලිංගයේ ඇතිවන රතු හෝ සුදු පැහැති ලපයක් ගැටිත්තක්, තුවාලයක් හෝ ඉදීමිමක් ලෙස දක්වන්න පුලූවන් .මෙවැනි ගැටලූ පිලිකා තත්ත්වයක් ඇති විමට මුල පිරිමක් වන්නට පුලූවන්. ඒ නිසා මෙවන් ගැටලූ පවති නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

ඉහත රෝග ලක්ෂණ ඇතිවීමට පෙර කෙනෙකුට නිතර ඇතිවන ඉකිලියේ වේදනාව , කුද්දැටි හට ගැනීම වැනි ගැටලූත් ඇතිවෙන්න පුලූවන්. ඒ අවස්ථාවේම නිසි පරිදි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නේ නම් රෝගය බරපතල නොවි සාර්ථක ප්‍රතිඵල අත්කරගත හැකිය .

මේ හැර ශරිරයේ හටගන්නා වෙනත් පිළිකා ද්වීතියික තැන්පත් වීමක් ලෙසත් පුරුෂ ලිංගයේ පිළිකා දක්නට ලැඛෙනවා .එහෙත් මේවා ඉතා විරලයි.මෙවැනි දෙයක් සිදුවන්නේ නම් පුරුෂ ලිංගය වේදනා සහිතව සෘජු වි තිඛෙනවා. මෙවැනි ගැටලූ ලිම්ෆෝමා රෝගයට ගොදුරු වු දරුවන්ට ඇති වෙනවා.

රෝගයට අවධානම් සාධක මොනවාද?

මෙම රෝගයේ දක්නට ලැඛෙන අවදානම් සාධකය වන්නේ පුරුෂ ලිංගයේ පෙර සම සම්පුර්ණයෙන් පිටුපසට කිරිමේ නොහැකියාවයි. මෙය ප්‍රධාන අවධානම් සාධකයයි .පෙර සම පසුපසට කිරිමට අපහසු නම් එය බලා නොසිට ශල්‍ය කර්මයකින් ඉවත් කල යුතුයි .කුඩා කාලයේදි සිදුකරන චර්ම විච්ජේදනය මගින් පුරුෂ ලිංගයේ මෙවැනි පිළිකා හටගැනීමේ අවධානම අඩු වෙනවා .මෙවැනි සැත්කම් කරන අයට මෙම පිලිකාව සෑදෙන්නේ නැතිතරම්ය. මේ හැර Human Pupilloma සහ Hir යන වෛරස ආසාදන , දුම්පානය සහ ලිංගික ප්‍රදේශයේ අපිරිසිදුකම (එනම් පෙර සම හා ශිස්ණ මුණ්ඩය අතර එකතුවන සුදුපැහැති ද්‍රව්‍ය දිනපතා පිරිසිදු නොකිරිම) වැනි දේ මෙම පිළිකාව සෑදිමේදි අවධානම් සාධක ගණයට වැටෙනවා.මුලින් හදුනාගත්තොත් සුව කරන්න පුලූවන්.

මෙම පිලිකාවට ප්‍රතිකාර කිරිමේදි එය තිඛෙන්නේ කුමන අවධියක දැයි දැනගැනිම ඉතා වැදගත් වෙනවා .මුල් අවධියේදි හදුනාගත්තොත් රෝගය ඉතා සාර්ථකව සුව කරන්නට පුලූවන් .මෙහිදි අදාල පිළිකා කොටස සැත්කමකින් ඉවත් කළ යුතු වෙනවා .එසේම තරමක් විශාල වි පවති නම් විකිරණ ප්‍රතිකාර කිරිමට සිදුවෙනවා .එමගින් සාර්ථක ප්‍රතිකාර ලබාගන්නට පුලූවන් .දරුණු ලෙස පැතිරුණු පිළිකාවක් නම් ශල්‍යකර්මයක් මගින් පුරුෂ ලිංගය සම්පුර්ණයෙන්ම ඉවත් කරනවා .මේ සමගම ඉකිලි වල කුද්දැටි ඉවත් කිරිමට සිදුවෙනවා.එසේම පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාර ද ලබා දිය යුතු වෙනවා .

මේ පිළිකාව විවිධ ස්ත්‍රීන් සමග පවතින සම්බන්ධතා නිසා ඇති වන්නේ නෑ.ඒත් මේ වගේ සම්බන්ධතා නිසා අනෙකුත් සායනික රෝග බෝ වෙන්නට පුලූවන්.සබදතාවලින් පසුව නිසි පිරිසිදුබව මෙවැනි රෝගවලින් වැළකිමට වැදගත් වෙනවා .පුංචි දරුවාගේ පටන් ශිෂ්ණය පෙර සම පසුපසට කර පිරිසිදු කිරිම වැදගත් වෙනවා.(උපදෙස් : මහරගම පිළිකා රෝහලේ පිළිකා රෝග පිළිබද විශේෂඥ වෛදණ ජයන්ත බලවර්ධන)

හොදයි ,අදත් ඔබට වටිනා තොරතුරු රාශියක් කියා දුන්නා. මේ උපදෙස් නිසිපරිදි පිලිපැදිමෙන් මෙම රෝග අවදානම නැතිකර ගන්නට පුලූවන් .

කරුණාකර මේ ගැන තවත් කෙනෙක්ව දැනුවත් කරන්න පහතින් share කරන්න අමතක කරන්න නම් එපා..

Check Also

චීස් නිසා පියයුරු පිළිකා අවදානමක්.. තරුණියන් අනිවාරෙන් මේ ගැන දැනුවත් වෙන්න

කිරි ආහාරවල හොඳ මෙන්ම නරකත් පවති. ඒවා කැල්සියම් හොඳින් සපයයි. ඒත් මේදය වැඩි තත්ත්වයක් ද …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!