page hit counter
Monday , December 18 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / Lasith Malinga / දයාසිරිගේ නම සදහන් පුවරු පොලිසීයෙන් අත්අඩංගුවට ගනි !. රසිකයන් නොසන්සුන්.

දයාසිරිගේ නම සදහන් පුවරු පොලිසීයෙන් අත්අඩංගුවට ගනි !. රසිකයන් නොසන්සුන්.

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ගාලූ ජාත්‍යන්‍තර ක්‍රීඩා පිටියේදි දැන් පැවැත්වෙනවා.

එහිදි ගාලු ක්‍රීඩා පිටියට රැස්ව සිටින ශ්‍රී ලාංකේය රසිකයන් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකරට විරෝධය පා ලසිත් මාලිංගට සහය පල කර විරෝධතා පුවරු රැගෙන තරගය නරඹමින් සිටිනවා.

කෙසේ වෙතත් ගාලූ ක්‍රීඩා පිටියට පොලිසීය පැමින සිටින අතර , පොලිසීය විසින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ නම සදහන් පුවරු අත්අඩංගුවට ගනිමින් පවතිනවා.

මෙම හේතුව නිසාම ගාලු ක්‍රීඩා පිටියේ නරඹන්නන් නොසතුටින් සිටින බවත් සාමකාමීව පොලිසීයට සිය විරෝධය දක්වන බවත් සදහන්.

සිය ගම් ප්‍රදේශයේ පළමු වරට එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කරන ලසිත් මාලිංග ට සහය පළ කිරීමට ගාල්ල ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් ක්‍රීඩා පිටියට පැමින සිටිම විශේෂ්ත්වයකි.

ගාලු ක්‍රීඩා පිටියෙන් අපට ලැබුනු ඡායාරූපයක් පහතින්

-නෙත් පුවත්

Check Also

ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට අද දැඩි රැකවල් – ආරක්‍ෂාව සඳහා පොලිස්‌ නිලධාරීන් 1000ක්

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (31 වැනිදා) පැවැත්වීමට නියමිත ඉන්දීය – ශ්‍රී ලංකා සිව්වැනි එක්‌දින …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!