page hit counter
Saturday , October 21 2017
Breaking News
Home / Education / King Ravana / මහසෙන් දෙවියන් ලෙස හදුන්වන මහසෙන් රජුගේ රත්‍රන් වළළා දැමූ මින්නේරිය පුරාණ දෙවොල

මහසෙන් දෙවියන් ලෙස හදුන්වන මහසෙන් රජුගේ රත්‍රන් වළළා දැමූ මින්නේරිය පුරාණ දෙවොල

මහසෙන් දෙවියන් ලෙස ලාංකික ජනතාවගේ ඉමහත් ගෞරවාදරයට පත් මහසෙන් රජතුමාගේ පාලන කාලය වූයේ ක්‍රි.ව.276- 303 අතර කාලයයි.

මහසෙන් රජතුමාගේ රාජ්‍ය සමය තුළ අනුරාධපුර වෙහෙර විහාර මෙන්ම මින්නේරිය,හුරුළු වැව ඇතුළු දැවැන්ත වාරිමාර්ග රැසක්ද ඉදිකරනු ලැබිණ.මින්නේරිය ජලාශය පාමුල පිහිටා ඇති බත්ගම්පත්තුවේ මහසෙන් රජුගේ මාලිගයක් තිබූ බව ඉතිහාසයේ සදහන්වේ.මහසෙන් රජුට අයත් එම මාලිගය පිහිටි ස්ථානයේ පසුකාලීනව දෙවැනි රාජසිංහ රජු විසින් දේවාලයක් ඉදි කර මහසෙන් රජු එවක පැළදි රාජාභරණ රැසක් එහි තැන්පත් කරන ලද බවද ඉතිහාසයෙහි දැක්වේ.

එදා සිට රජුගේ ආභරණ ඇතුළු සියළු දේ සුරක්ෂිකව ආරක්ෂිතව පරම්පරාවෙන් පරම්පරාවට පවරමින් ආරක්ෂා කරන පිරිසක් අපට හමුවිය. රාජාභරණ මෙන්ම මහසෙන් රජු භාවිතා කළ කඩු කිහිපයක්ද තැන්පත් කොට නිමවා ඇති මෙම දෙවොල අයත් භූමිභාගය ක්‍රි.ව.1628 දී තමන්කඩුව දිසාව භාර රටේ මහත්තයාවූ මොනරවිල රාජපක්ෂ වික්‍රමසේකර වෙත තඹ සන්නසක් මගින් පවරා දුන් බව සදහන්ය.

මින්නේරිය ජලාශය සහ එයට අයත් පරිසරයද මෙම දේවාලය පිහිටි භූමියට අයත්වන අතර, හෙළ රජ පරපුරේ සිට පැවත එන මින්නේරිය බත්ගම්පත්තුවේ පදිංචි මොනරවිල රටේ මහත්තයාගේ පරපුරට අයත් මේ පිරිස පැරණි චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් තවමත් පැරණි දේවාලය පවත්වාගෙන යති. එම පිරිස නම් මන්ත්‍රී උදලාගම (81) මහත්මිය, ඇගේ නැගණිය සහ දරු තිදෙනායි.

උදලාගම මැතිණියගේ වැඩිමහල් පුතු වන අසංක උදලාගම ඓතිහාසික මින්නේරිය පුරාණ දේවාලය භාරව කටයුතු කරයි.මොනරවිල පරපුරේ වත්මන් නියමුවරිය වන මන්ත්‍රී උදලාගම මහත්මිය මහසෙන් රජුගේ රාජාභරණ සහ අවි ආයුධ පිළිබදව සහ මින්නේරිය වැව ඉදිකළ ආකාරය පිළිබදව විස්තරයක් ඉදිරිපත් කළාය.


අඩි 8 ක් දිග කඩුවක්,තවත් කඩු තුනක්, රජතුමාගේ සළඹ ජෝඩු දෙකක්,රිදී හවඩියක් සහ තෝඩු දෙකක් රාජාභරණවලට අයත්වෙනවා.මහසෙන් රජතුමා මින්නේරිය වැව හැදුවේ යක්ෂ ගෝත්‍රිකයන්ගේ සහායෙන්.වැවේ රළපනාව හදන්න යෝධ ගල් ඔසවාගෙන ඇවිත් තියෙන්නේ මේ යක්ෂ ගෝත්‍රිකයින්.වැව් බැම්ම හදලා තියෙන්නේ අලිඇතුන් යොදාගෙනයි. ඇලහැරට යන කල් යෝධ ඇළ කපලා තියෙන්නෙත් මේ මිනිස්සු.මේ මිනිස්සුන්ට කෑම දීපු පිගන් තවමත් මේ දේවාලයේ තියෙනවා.

මින්නේරි දෙවියන් නමින් හදුන්වන්නේ මහසෙන් රජතුමා.ලක්ෂ ගණනක් ජනයා අද ජීවත්වන්නේ එතුමා විසින් එදා කරවන ලද මේ වාරි කර්මාන්ත නිසයි.මින්නේරි දෙවියන්ගේ පිහිටෙන් මේ රජ රට ජනයාට කිසිදු උපද්‍රවයකින් තොරව අද ජීවත්වීමට හැකිවී තිබෙනවා.ඉතින් ඒ නිසාම ගොවි ජනතාව මින්නේරි දෙවියන්ට පින් පැමිණවීම සදහා මේ දේවාලයට එනවා.

මේ වටිනා තොරතුරු තවත් කෙනෙක්ට බලන්න පහතින් Share කරන්න

Check Also

සතුරු කරදර වලින් මිදී සතුරන්ට දඩුවම් ලබාදෙන්න කාලි මෑණියන්ට නිවැරදිව පහන් තියන්නේ මෙහෙමයි

ශ්‍රී ලාංකීය ජනයා අතර ගෞරවයටත් වන්දනා මානයටත් ලක්‌වන කාලි මෑණියෝ ඉතා ගරු ගාම්භීර තේජස්‌ සහිත …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!