page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / Rape cases / විද්‍යා දැරිය පැහැර ගන්න රුපියල් 23,000ක කොන්ත්‍රාත්තුවක් දීලා

විද්‍යා දැරිය පැහැර ගන්න රුපියල් 23,000ක කොන්ත්‍රාත්තුවක් දීලා

ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය පැහැරගැනීම සඳහා මෙම නඩුවේ හය වැනි විත්තිකරු වන දුෂාන්තන් හෙවත් පෙරියම්බි විසින් රවී නැමති අයෙකුට රුපියල් 23,000ක කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇතැයි මෙම නඩුවේ රජයේ සාක්කිකරුවකු වන උදයසූරියන් සුරේෂ්කරන් අද (29) විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි දෙමින් සඳහන් කළේය.

කොන්ත්‍රාත්තුව ලබා දුන් පෙරියම්බි කලක පටන් විද්‍යා දැරිය ලුහු බැඳ ගිය බවත්, එක් අවස්ථාවකදී දැරිය පෙරියම්බිට සෙරප්පු ප්‍රහාරයක් එල්ල කළ බවත්, එය තමා දුටු බවත් සුරේෂ්කරන් කීවේය.

යාපනය පුංකුඩිතීව් ප්‍රදේශයේ පදිංචිව සිටි ශිවයෝගනාදන් විද්‍යා (17) සිසුවිය අපයෙහ්ජනය කර මරා දැමීමේ සිද්ධියට අදාල නඩුවේ දෙවන දිනවූ අද (29) සාක්ෂි විමසීම උදේ 9.30ට මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන්, මහාධිකරණ විනිසුරුවරුන් වන මානික්කවාසගර් ඉලංචේලියන් සහ අන්නාලිංගම් ප්‍රේමශංකර් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේදී ආරම්භ විය.

බූබාලසිංගම් ඉන්ද්‍රකුමාර්, බූබාලසිංගම් ජෙයක්කුමාර්,බූබාලසිංගම් තවක්කුමාර්,මහාලිංගම් ශෂිතරන්, තිල්ලේනාදන් චන්ද්‍රහාසන්,සිවදේවන් දුෂාන්ත්(පෙරියම්බි),පලනි රූපසිංහම් ගුහදාසන්,ජෙයතරන් කෝකිලන්, මහාලිංගම් ශෂිදරන්(ස්විස් කුමාර්) යන විත්තිකරුවෝ නව දෙනා බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් මහතාගේ මෙහෙයවීම මත සාක්කි ලබා දුන් උදයසූරියන් සුරේෂ්කරන් සාක්කි දෙමින් මෙසේ ද කීවේය.

‘‘මම යාපනය කයිඩ්ස් පුංකුඩිතීව් තමයි පදිංචි වෙලා ඉන්නෙ. වසර ගණනාවක් කොළඹ වෙළදසැලක වැඩ කළා. මේ ඝාතනය සම්බන්ධයෙන් රහස් පොලිසිය මාව අත්අඩංගුවට ගෙන විමර්ශනය කර නැවතත් මුදා හැරියා. ඉන් දින කිහිපයකට පසු ඔවුන් නැවතත් මාව අත්අඩංගුවට ගත්තා. මේ නඩුව ගැන මම කයිඩ්ස් මහේස්ත්‍රාත් අධිකරණයේදීත් ප්‍රකාශයක් ලබා දුන්නා.

ඝාතනයට ලක්වූ විද්‍යාව මම හොඳින් හඳුනනවා. ඇගේ පවුලේ අයවත් හොඳින් දන්නවා. විද්‍යා කිසිවෙකු හා ආදර සම්බන්ධයක් තිබුණාද කියා මම දන්නේ නැහැ. එහෙත් පෙරියම්බි හෙවත් දුෂාන්ත් (හයවන විත්තිකරු සිවදේවන් දුෂාන්ත්) විද්‍යාට ආදරය කරන බව කියා තිබෙනවා. මමයි පෙරියම්බි යි විද්‍යා පාසල් යන එන වෙලාවෙදී දිනපතාම යතුරු පැදියෙන් ඇය පිටුපස යනවා. විද්‍යා එක්ක කතා කරන්න පෙරියම්බි උත්සහා දරනවා. එහෙත් විද්‍යා ඔහු එක්ක කතා කරන්නෙ නැහැ. විද්‍යා සමහර වෙලාවලට ඇගේ අයියත් එක්කයි පාසල් යන්නේ. තවත් සමහර වෙලාවකට පාපැදියෙන් යනවා.

මමත් පෙරියම්බිත් මාස තුනක් විතර යතුරු පැදියෙන් විද්‍යා පසුපස ලුහු බඳිමින් ගියා. දවසක් පෙරියම්බි (හයවන විත්තිකරු) විද්‍යා එක්ක කතා කරන්න උත්සහා දැරිමේදී මාත් එක්ක කතා කරන්න එපා කියල ඇය තදින් කියුවා. ඝාතනයට මාස එකහමාරකට පමණ පෙර විද්‍යා, පෙරියම්බි ට පැළද සිටි සෙරප්පුව ගලවලා ගැහුවා. එවිට මම පෙරියම්බිට කිව්වා ඒ කෙල්ල උඹට කැමති නෑ ඒ ළමයව අතහැරපං කියලා.

පුංකුඩිතිවීහි රා මදින කෙනෙක් හිටියා මාපිල්ලෙ(නඩරාජා පුවනේෂ්වරන්) කියල. අපි ඔහුගේ නිවසට රා බොන්න ගියා. එතැනට මාත් එක්ක කොළඹ ඉඳන් ආව චන්ද්‍රහාසන්, නිශාන්තන්, කන්නා සහ සසි ත් හිටියා. පස්සේ උදේ 10ට කලිනුයි අපි එහේ ගියේ.

ඝාතනයට දින කිහිපයකට පෙර මමයි පෙරියම්බියි මාපිලෙයිගේ ගෙදර රා බීලා මධ්‍යහ්න 12 ට විතර මුහුදු වෙරළ පැත්තෙන් විද්‍යාගේ නිවසට ගියා. මම නිවසට මද දුරකින් ඈතයි සිටියේ. පෙරියම්බි විතරයි එහෙට ගියේ. ගිහිං ඒ ගෙදර කවුරුත් නෑ කියල හැරිල ආවා. ඊට පස්සේ අපි ආයෙත් රා බොන්න ගියා. ඒ යන මගදී චන්ද්‍රහාසන්වත් ගෙදරට ගිහිං එක්කගෙන ගියා. අපි එතනට ගිය වෙලාවේ තවක්කුමාරුනුයි රවී කියල කෙනෙකුයි ආවා. ඔවුන් එක්කමයි අපි රා බිව්වේ.

ඒ වෙලාවෙ තමයි තුවක්කුමාර්ටයි රවීටයි විද්‍යා තමන්ට සෙරප්පුවෙන් පහරදුන් කතාව කියුවේ. එතකොට රවී පෙරියම්බිගෙන් ඇහුවා උඹ විද්‍යාට ආදරය කරනවා ද කියල. එතකොට පෙරියම්බි ඔව් කියල පිළිතුරු දුන්නා. පස්සේ යනකොට රවී පෙරියම්බිට කියල ගියා මොකක් හරි උදව්වක් ඕන නම් කියපං කියලා. විද්‍යාව උස්සල දෙන්න ඕන නම් උස්සල දෙන්නම් කිව්වා. ඕන උනොත් කියන්නම් කියල මෙහිදී පෙරියම්බි කියා සිටියා. ඉන් දින දෙකකට පසු අපි දෙන්නා මාපිලේගේ ගෙදර රා බිබී ඉන්න වෙලාවේ රවී ආවා. එහිදී විද්‍යාව පැහැරගෙන වරෙං කියල පෙරියම්බි කියුවා. එතැන මමයි පෙරියම්බියි රවීයි චන්ද්‍රහාසනුයි තමයි හිටියේ.

විද්‍යා පැහැරගන්න නම් මට රුපියල් 20 000 -23 000ක් විතර ඕනෑ කියල රවී මුදල් කොන්ත්‍රාත්තුවක් යෝජනා කළා. මම පඩි අරගත්ත ගමන් මුදල් ගෙවන්නම් කියල පෙරියම්බිත් සඳහන් කළා. පසුව රවීට පෙරියම්බි මුදල් ලබා දුන්නා.‘‘

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමාර් රත්නම් – ‘කොපමණ මුදලක් දුන්නද?‘

සාක්කිකරු උදයසූරියන් සුරේෂ්කරන් – ‘මින් එහා ප්‍රශ්නවලට මම උත්තර දුන්නොත් නිවසේ තනිව ඉන්න මගේ අම්මායි නංගිලාටයි කරදර විඳින්න සිදුවෙනවා. ‘

මෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික මානික්කවාසගර් ඉලංචේලියන් මහතා සදහන් කර සිටියේ පෙරාතුව කයිඩ්ස් මහේස්ත්‍රාත් අධිකරණයේ සාක්ෂි ලබාදුන් ආකාරයටම බියෙන් තොරව මේ අධිකරණයේදී ද සාක්ෂි ලබා දෙන ලෙසයි. ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම අධිකරණය ගන්නා බවද විනිසුරුවරයා සඳහන් කළේය.

මහේස්ත්‍රාත් අධිකරණයේදී සාක්ෂි ලබා දුන් අවස්ථාවේ අධිකරණයේ කිසිවෙකු නොසිටීම නිසා විවෘතව සාක්ෂි දුන් බවත් මෙහිදී සාක්ෂිකරු සදහන් කර සිටියේය.

සාක්ෂිකරුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම අධිකරණයත් නීතිපති දෙපාර්තුමේන්තුවත් දරන බවත්, සාක්ෂිකරුට ආරක්ෂාව සලසන ලෙස කයිට්ස් පොලිසියට නියෝග කිරීමට පියවර ගන්නා බවත් විනිසුරු ඉලංචේලියන් මහතා සඳහන් කළේය.

අනතුරුව මේ සම්බන්ධයෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලත්, නීතිපති දෙපාර්තුමේන්තුවේ නිලදාරීන් සහ සැකකකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මිනිත්තු 10ක පමණ කාලයක් සාකච්ඡා කළ අතර අධිකරණයේ සිටි පිරිස් හා මාධ්‍යවේදීන් ඉවත් කිරීමට නියෝග කැරිණි.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපති දෙපාර්තුමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් කුමාර් රත්නම්, රජයේ නීතීඥවරුන් වන නිශාන්ත් නාගරත්නම්, ලක්සි ද සිල්වා සහ මාලිනී විග්නේෂ්වරන් යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.

01, 02, 03, 05 සහ 06 වැනි විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥ සුරංග බාලසිංහ සහ නීතීඥ මහින්ද ජයවර්ධන මහත්වරු ද, 05 වැනි විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආරුමුගම් රගුපති පිල්ලේ මහතා ද, 04, 07, 08 සහ 09 වැනි විත්තිකරුවන් වෙනුවෙන් නීතීඥ සින්නරාසා කේදීස්වරනුත් මහතා ද, විත්තිකරුවන් නව දෙනා වෙනුවෙන්ම රජයේ රජයේ නීතීඥ විග්නරාජා ජයන්තා මහතා ද පෙනී සිටියහ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර සහ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාගේ මෙහෙයවීමෙන් මෙම සිද්ධියේ විමර්ශන සිදු කරනු ලැබීය.

වැඩිදුර සාක්කි විමසීම (30) හෙට සිදු කිරීමට නියමිතය.

සිරාජ් හසීම් – ලංකාදීප

Check Also

රක්වානේ 19 වියැති පාසල් සිසුවිය ඝාතනය කලේ රුපියල් 210ක් ගන්න – පාපතරයා සියල්ල හෙළිකරයි

රත්නපුර පැල්මඩුල්ල ධර්මාලේක මහ විදුහල උසස් පෙළ කාලා අංශයේ අධ්‍යාපනය ලබමින් සිටි කේ ඩබ්ලිව් දීපිකා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!