page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Education / sri lanka history / රටවල් තුනක කරක්‌ගසා අගමැති ඩී. එස්‌. ලිවු අන්තිම කැමති පත්‍රය මෙන්න

රටවල් තුනක කරක්‌ගසා අගමැති ඩී. එස්‌. ලිවු අන්තිම කැමති පත්‍රය මෙන්න

ලංකා බැංකු ගිණුමේ මුදල් ජනතාවගේ.
දේශපාලන ප්‍රගමනයට යෙදවිය යුතුය.
‘චිත්‍රා’ අශ්වයාගේ අමුතු හැසිරීමක්‌.
පුද්ගලික අත් උදවුකාර කරෝලිස්‌ට මසකට රුපියල් 1000 ක්‌ .

සිය සහෝදරයන් දෙදෙනාත් සෙසු සිංහල ජන නායකයනුත්, දෙමළ, මුස්‌ලිම්, බර්ගර්, මැලේ ආදී ලංකා දේශය සිය ජන්ම භූමිය කරගෙන උපන් ඇත්තන් ද සමඟ රට නිදහස්‌ කර ගැනීමේ මහා කාර්යභාරයට උරදෙමින් සිටි ඩී. ඇස්‌. සේනානායක මැතිතුමෝ එසේ වූ මහ සටනින් ජයගෙන ඉංගි්‍රසීන්ගෙන් රට මුදාගත්හ. එය එකල හැටියට මහාම ජයග්‍රහණයක්‌ ද විය. ඉන්දියාව වැනි රටවල් නිදහස ලදුයේ ලේ ගංගාවන්ගෙන් පීනා ගොසිනි. කවර කටයුතු කෙසේ යෙදුන ද, අපේ රටට නිදහස ලබාගන්නට එවන් කුරිරු තත්ත්වයකට මුහුණ දෙන්නට සිදු නොවීය. නොයෙක්‌ අවස්‌ථාවලදී මෙසේ නිදහස ඉල්ලා ඉදිරියට පැමිණි ජාතික නායකයන්ට සිරබත් කන්නට සිදු වුවද, ඒවාද විඳ දරාගෙන සියලු රටවැසියන් උදෙසා සාමකාමීව නිදහස දිනාගැනීම එදා නයකයන්ගේ මූලික පරමාර්ථය විය.

ජර්මනියේ ආඥදායක ඇඩොල්ෆ් හිට්‌ලර්ගේ ලොවම සියතට ගැනීමේ කරිරු වියරු ප්‍රයත්නය නිසා අවුළුවන ලද ලෝක යුද්ධය දෙපිලකට බෙදී යුද කලි කලහයෙන් ලෝකය ගිනි තබද්දී එකල අපේ රට යටත් කරගෙන සිටි ඉංගි්‍රසීහුද හිට්‌ලර්ට විරුද්ධව යුද ප්‍රකාශකොට රැහැණිව සිටියහ. ඔවුන්ගේ එක්‌ යුද මධ්‍යස්‌ථානයක්‌ වශයෙන් ද ලංකාව පාවිච්චි කළහ.

අගමැති ලෙස දිවුරුම් දුන් පසු ජාතික ඇඳුමින් සැරසී දළදා මාලිගයේදී
අගමැති ලෙස දිවුරුම් දුන් පසු ජාතික ඇඳුමින් සැරසී දළදා මාලිගයේදී

න්තිමේ අවුරුදු හයක්‌ තිස්‌සේ මුළු ලොවම ගිනි ගන්වමින් පැවැති කුරිරු යුද්ධය අවසානයකට පත්කරන්නට හේතු වූවා යයි කියන්නෙ ජපානයේ හිරෝෂිමා නාගසාකි නගර දෙකකට පරමානු බෝම්බ දැමීම නිසාය. එතෙක්‌ නිපදවා නොතිබුණු මෙම කුරිරු බෝම්බය ජපානයට හෙළීමෙන් මිත්‍ර පක්‌ෂයේ ඇත්තන් විසින් සිදුකරන ලද මහා විනාශය නිසා කොන්දේසි රහිතවම ජර්මනියට යටත් වන්නට සිදු වීමෙන් දෙවැනි ලෝක මහා සංග්‍රාමය 1945 දී අවසන් වූයේය.

මෙම කුරිරු යුද්ධය අවසන් කිරීමේ මහා වීරයා වශයෙන් ගණන් ගන්නා ලද්දේ එංගලන්තයේ අග්‍රාමාත්‍යවර – සේනාධි නායක ශ්‍රීමත් වින්ස්‌ටන් චර්චිල් මහතාණන්ය. විශිෂ්ට රාජ්‍ය තාන්ත්‍රිකයකු,ගත් කතුවරයකු, චින්තකයකු ආදී වශයෙන් ලොව ජනප්‍රසාදයට පත්ව විසූ මෙතුමෝ ”බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බේරාගත් වීරයා” වශයෙන් කාගෙත් ජන සම්මානයට පාත්‍ර වුණේය. එය එතුමාගේ ජීවිතයේදී හමුවූ ශ්‍රේෂ්ඨතම විජයග්‍රහණයද විය.

අගමැති වශයෙන් දිවුරුම් දුන් අවස්‌ථාව......
අගමැති වශයෙන්
දිවුරුම් දුන් අවස්‌ථාව……

එහෙත් ඉන්පසුව වසරේදී යුද්ධය නිමා කළ කොන්සර්වේටිව් රජය එංගලන්තයේ මහ මැතිවරණයට මුහුණ දුන් අවස්‌ථාවේදී සිදුවූයේ කුමක්‌ද? සේ මහා යුද විපත්තියකින් එංගලන්තයත් ලෝකයත් බේරාගත් කොමන්ර්වේටිව් පක්‌ෂය පරාජය වී එහි ප්‍රධානී ‘බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය බේරාගත් වීරයා’ වූ ශ්‍රීමත් වින්ස්‌ටන් චර්චිල් අග්‍රාමාත්‍යවරයා තම ආසනයේ විරුද්ධව ආ ගොවියකුට පරාජය වීමය. මෙය ඇසූ දුටුවනට අදහාගත නොහැකිවූ කාරණයක්‌ ද විය.

ඉන්පසුව එංගලන්තයේ ජයග්‍රාහිකව රජයක්‌ පිහිටුවූයේ කම්කරු (ලේබර් පක්‌ෂයෙ එහි නායක ක්‌ලෙමන් ඇට්‌ලි මැතිතුමෝ එංගලන්ත පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයා බවට පත්වූහ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය යටත් කරගෙන තිබූ යටත් රාජ්‍යයන්ට නිදහස දීමේ ප්‍රතිපත්තිය යටතේ සිලෝන් රටට – ලංකාවට ද නිදහස ලැබිණ. මේ වන විට වර්ෂ 1947 දී පැවැති ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් වැඩි ආසන ප්‍රමාණයක්‌ දිනාගෙන සිටි එක්‌සත් ජාතික පක්‌ෂයේ නායක ඩී. ඇස්‌. සේනානායක ගොවිකම් ඇමැතිතුමාට රටේ ප්‍රථම අග්‍රාමාත්‍ය පදවිය හිමිවිය. වර්ෂ 1947 සැප්තැම්බර් 24 වැනි බදාදා උදය වරුවේදී මහනුවර ආණ්‌ඩුකාර මන්දිරයේදී තමන් හමුවන ලෙස එකල සිටි ශ්‍රීමත් හෙන්රි මන්ක්‌ මේෂන් මුවර් ආණ්‌ඩුකාර තුමෝ ඩී. ඇස්‌. සේනානායක මැතිතුමාට දන්වා සිටියහ.

ඉපැරණි සිංහල යෝධයන් සිහිකරවන දේහයකින් යුතු සේනානායක මැතිතුමෝ සිය මැතිනිය සමඟ නියමිත පරිදි එහි ගොස්‌ ආණ්‌ඩුකාරතුමන් වෙතින් රටේ අග්‍රාමාත්‍ය පදිවිය පිළිගත්හ. යුරෝපිය ඇඳුමින් සැරසී සේනානායක අග්‍රාමාත්‍ය තුමා සහ පාට සාරියකින් සැරසී මොලී මැතිනිය ද ඉන්පසු ආණ්‌ඩුකාර මන්දිරයෙන් එළියට පැමිණ කලින් සැලසුම්කරගෙන තිබූ පරිදි අසල නිවෙසකට ගොස්‌ අගමැතිතුමා සුදො සුදු සාරිය ඇඳුමින් ද මැතිනිය සුදු සාරියකින් ද සැරසී දළදා මාලිගාවට ගියහ. එහිදී දියවඩන නිලමේ සමන් මල් වට්‌ටියක්‌ දී නව අගමැතිවරයා සහ මැතිනිය පිළිගත්හ. තම ජීවිතයේ ප්‍රථම වතාවට සිංහල ඇදුමින් සැරසී ගත් ඩී. එස්‌. සේනානායක අගමැතිතුමාත් මැතිනියත් සමඟ දළදා මන්දිරයට සැපත්ව දළදා වහන්සේ වැඳ පුදා ගත්හ.

ඉන්පසුව නව අග්‍රාමාත්‍යවරයා සහ මැතිණිය යළිත් අගනුවරට එද්දී එහි ඇතිවූයේ කාලෙකින් දක්‌නට නොලැබුණු අන්දමේ මහා උත්සව මාලාවකි. ලංකාවට නව රජෙකු පහළ වූවා වැනි සිරියක්‌ නව අගමැතිතුමා වෙනුවෙන් පළ කෙරිණි. ජාති, ආගම්, පක්‌ෂභේද නොසලකා සියලුම ඇත්තන් ගරු සේනානායක අගමැතිතුමාට මුළු හදවතින්ම ආශිර්වාදය පිරිනැමූහ.

එයින් දින දෙකකට පසුව ප්‍රථම අමාත්‍ය මණ්‌ඩලය දිවුරුම් දීම සිදුකෙරිණි.

මෙම අමාත්‍ය මණ්‌ඩලය දිවුරුම් දීමෙන් අනතුරුව ගරු අග්‍රාමාත්‍යතුමන්ගෙන් පළවූයේ නුදුරු දිනයකදීම රටට පූර්ණ නිදහස ලැබෙන පණිවුඩය එංගලන්තයෙන් ලැබෙන බවය. ඒ අනුව සති කිහිපයක්‌ ගත වූ පසුව නියම නිදහස පිළිබඳව පණිවුඩය ලැබිණි.

1948 පෙබරවාරි 04 වැනිදා ලංකාව නිදහස්‌ රාජ්‍යයක්‌ බවට පත්වූයේ මෙසේ පාලක එක්‌සත් ජාතික පක්‌ෂයේ නායක ඩී. ඇස්‌. සේනානායක අගමැතිතුමාගේ නායකත්වය යටතේය. එංගලන්තය වෙනුවෙන් එහි රාජකීයයකු වූ ග්ලෝස්‌ටර් ආදිපාද තුමන් සහ දේවිය එම ප්‍රථම නිදහස්‌ දින උස්‌සවයට සහභාගි වූහ.

ජාතියේ මහ කළු සිංහලයකු වූ ඩී. ඇස්‌. සේනානායක අග්‍රාමාත්‍යතුමාගේ කැබිනට්‌ මණ්‌ඩලය යටතේ සිංහල මුස්‌ලිම්, ද්‍රවිඩ, මැලේ ජාතික නායකත්වයට ඉඩ සැලසී තිබිණ. එහෙයින් රටේ පොදු දියුණුව උදෙසා තම තමන් ජාතීන් වශයෙන් එකමුතුව කටයුතු කළයුතු බවට ඔවුහු ඒකමතිකව එකඟව කටයුතු කරගෙන ගියහ.

රටේ ජනතාව පිට රටටම අත නොපා බත කෑමට ඉඩ ලැබෙන පරිදි රට ස්‌වංපෝෂණය කරවීමේ මූලික පියවරක්‌ පරිද්දෙන් සේනානායක ගොවිකම් ඇමැතිතුමා විසින් රජරට අස්‌වැද්දා මහා ගොවිජනපද ඇතිකිරීම නිසාත් අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වුවද පහසු මිලට ලබා ගැනීමට ද කටයුතු යොදා තිබුණු නිසාත් සමස්‌ත රටේ සංවර්ධන කටයුතු දියුණු කරමින් ද ‘කොළඹ ක්‍රමය’ වැනි අප රටටද පොදුරාජ්‍ය මණ්‌ඩලයේ සෙසු රටවල් වලටද බලපාන අන්දමේ කටයුතු ද සිදුකරමින් සේනානායක පාලනය වර්ෂ 1948, 1949, 1950 වසර තුනක්‌ දක්‌වා කරගෙන යද්දී සේනානායක අගමැතිතුමෝ 1951 සැප්තැම්බර් අගදී තම නිල රාජකාරී මට්‌ටමෙන් අසල රටවල් තුනකට නිල සංචාරයක යෙදෙන්නට තීරණය කළහ.

ඉන්දියාව, සිංගප්පූරුව, ඔස්‌ටේ්‍රලියාව යන රටවලටය.

මෙම රටවල් තුනේදී පෞද්ගලිකව වියදම් කිරීමට (පොකට්‌ මනී) වශයෙන් නැෂනල් බෑන්ක්‌ ඔෆ් ඉන්දියා ලිමිටඩ් බැංකුවෙන් පවුම් 150 ක්‌ එතුමන් විසින් ලබාගෙන තිබිණ. මේ සඳහා එතුමන්ට විදේශ ගමන් බලපත්‍රය නිකුත් කර තිබුණේ සැප්තැම්බර් 18 වැනිදාය. දින විස්‌සක්‌ ගත වූ මෙම රටවල් තුනේ සංචාරයේදී එතුමාට වියදම් කරන්න ලැබුණේ පවුම් 150 න් පවුම් 45 ක්‌ පමණයි. එහෙයින් යළි සිය රටට පැමිණි ගමන්ම වාගේ එතුමන් කළේ ඉතිරි පවුම් 105 ක මුදල ආපහු රජයට බාර දීමය.

ඉන්පසුව සතියේ වර්ෂ 1951 ඔක්‌තෝම්බර් 06 වැනිදා එතුමෝ තම නීතිඥයන්ද කැටුව කිසියම් ලියකියවිලි කීපයක්‌ සකස්‌ කරවා අත්සන් තැබීමේ කටයුත්තක යෙදුණහ. සේනානායක මැතිතුමන් විසින් සිදුකරන හැම කටයුත්තක්‌ම එතුමාටම විෂය වන පරිද්දෙන් සිදුවන කටයුතු නිසා මේ කවර ලියවිල්ලක්‌ ද කවර තරමේ ප්‍රකාශයක්‌ ද යන වග පවුලේ වුවද කිසිවකුත් දැන සිටියේ ද නැත. ඇත්තෙන්ම එය රහස්‌ ලියවිල්ලකි. වෙන එකක්‌ නොවේ. අන්තිම කැමති පත්‍රයයි. මෙය ලියෑවුණේ සුප්‍රකට ශ්‍රේෂ්ඨාධිකරණි නීතිඥයකු හා ප්‍රසිද්ධ නොතාරිස්‌වරයකු වන එස්‌. ආර්. අමරසේකර මහතා ඉදිරියේය.

මෙය සිදුවුණේ 1951 ඔක්‌තෝබර් 06 වැනිදා අංක 4014 යටතේය. ඡේ. ඒ. ඩී. වික්‌ටෝරියා සහ එස්‌. එම්. ජෝසප් යන මහත්වරුන් සාක්‌ෂිකරුවන් ලෙස අත්සන් තැබූහ. මෙම අන්තිම කැමැති පත්‍රයේ නිල බල ගැන්වීම පැවරුනේ සේනානායක මැතිනියටය. තමන් සතු සියලු චංචල, නිශ්චල දේපළ සමසේ පරිහරණය කිරීමට ඩඩ්ලි ෂෙල්ටන් සේනානායක, රොබට්‌ පරාක්‍රම සේනානායක දරුවන් දෙදෙනාට බලය පවරා තිබිණ. කොවුල්වැව වත්තේ කොටස්‌ හිමි කොවුල්වැව ස්‌ටේට්‌ කොම්පැණියට අයත් සියලු දේපළ ද කොන්දේසිවලට යටත්ව දරුවන් දෙදෙනාට හිමිවේ. වත්තේ ආදායමින් මෑණියන්ට (සේනානායක මැතිනියට) මසකට රුපියල් 12,000/} ක්‌ දිය යුතුය. තවද උදව්කරු කරෝලිස්‌ට මසකට රුපියල් 1000/} ක්‌ දියයුතු වේ.

මගේ නීතිඥ ගාස්‌තු, බැංකු, ගිණුම් වලින් ගෙවිය යුතු අතර බැංකුවට ණය තිබේ නම් ඒවාද සියලු බැඳීම්, බදු හා වෙනත් ගෙවීම් ආදිය ගෙවිය යුතුය. මගේ බිරිඳ එමලි සේනානායක මැතිනිය කැමැති සුදුසු අන්දමට දේපළ පරිහරණය විය යුතුය.

ලංකා බැංකුවේ ‘සිරි ලංකා සංවර්ධන අරමුදල් නමින් ඇති ගිණුමේ ඇති සියලුම මුදල් පිටතට ගැනීමටත්, වියදම් කිරීමටත් අනුමැතිය ලැබේ. විශේෂයෙන් මෙම මුදල් යෙදවිය යුත්තේ ලංකා ජනතාවගේ දේශපාලන ප්‍රගමනය සඳහාය. එය තමන්ගේ අභිමතය පරිදි විය යුතුයි.”

මේ සමඟ වත්කම් පිළිබඳ තක්‌සේරු වාර්තාවක්‌ ද මෙම අන්තිම කැමැති පත්‍රයට ඇතුළත් කර ඇත. ඒ අනුව ප්‍රකාශිත වත්කම් තක්‌සේරු වටිනාකම රුපියල් එක්‌ලක්‌ෂ අසූහයදහස්‌ පන්සිය පනස්‌ හයක්‌ වේ. වර්ෂ 1965 ඔක්‌තෝබර් 25 දින දක්‌වා ආදායම් බද්ද වශයෙන් රුපියල් 17067 ක්‌ ද, ගෙවා තිබිණ.

මෙයට කලින් එතුමාගේ ‘මද්දුම සහෝදරයා වූ දේශබන්ධු ඇෆ්. ආර්. සේනානායක මැතිතුමෝ තම අභාවයට වසර 12 කට පෙර වර්ෂ 1914 දී තම අන්තිම කැමැති පත්‍රය ලියා අත්සන් කොට ලියාපදිංචි කර තිබිණ. ඒ ගැන දන්නා අය මෙසේ සේනානායක අගමැතිතුමන්ද මෙසේ අන්තිම කැමැති පත්‍රයක්‌ ලියා තිබීම ගැන පුදුමයට පත්වූහ.

විශේෂයෙන් මෙසේ මෙවන් කෙනකුගේ අන්තිම කැමැති පත්‍රයක්‌ ගැන ප්‍රසිද්ධියට පත්වන්නේ අභාවයෙන් පසුවයි. එහෙත් ළඟකදී සිදුකෙරන තම හදිසි අභාවය ගැන කිසියම් ප්‍රතිචින්ත බලයකින් දැනගෙන හෝ වියහැකි පරිද්දෙන් සේනානායක අගමැතිතුමන් විසින් මෙසේ සකස්‌ කරවා ලියාපදිංචි කර තිබෙන අන්තිම කැමැති පත්‍රය ගැන සිය හිතවතුන් කිහිප දෙනකු සමඟ කියා තිබෙන්නේ වර්ෂ 1952 පෙබරවාරි 04 වැනිදා සිය අන්තිම නිදහස්‌ සමරු දිනයේ පසුවදා පෙබරවාරි 05 වැනිදාය. එය කනින් කොනින් කියෑවී ප්‍රකට වුණේය.

කිසියම් ලෙසකින් හදසියේ තම අභාවය සිදුවුවහොත් දේපළ මුදල් මැතිණියට හා දරුවන්ට අවුරුදු ගණනක්‌ උසාවි ගානේ යන්නට ඉඩ නොතබා සේනානායක අගමැතිදුන් විසින් මෙසේ සිදුකරන ලද කටයුත්ත පිළිබඳව වැඩිදෙනා වැඩිදුර කතා කරන්න ගන්නේ වර්ෂ 1952 මාර්තු 22 දින සිදුවූ එතුමාගේ අභාවයෙන් පසුවය.

පසු කලෙක අපට වූඩ්ලන්ඩ් මන්දිරයට ගිය අවස්‌ථාවෙක දැකගන්නට ලැබුණේ එදා – 1952 මාර්තු 04 වැනිදා උදේ තම මන්දිරාංගනයේ පැවැති අශ්ව ගාල වෙත ගිය සේනානායක අගමැතිතුමා තම අශ්වයා පිට යන්නට අශ්වයාගේ කටකලියාවෙන් අදින ලද නමුදු – අශ්වයා දෙවරක්‌ම එය අහකට ඇද තිබෙන බවය. ඒ නිසා ඒ වෙලේ එහි ගෙනවිත් තිබූ ‘චිත්‍රා’ නම් අශ්ව වෙළඹ පිට නැගී ගාලු මුවදොර පිටිය දක්‌වා ගිය බවය වුඩ්ලන්ඩ්හි අශ්වයාට අද දින තම ස්‌වාමියා පිළිබඳ තීරණාත්මක යමක්‌ සිදුවන බව හැඟී තිබුණා දැයි පසුව සමහරු කතාකළ බවද කියෑවේ.

චිත්‍රා වෙළඹ පිට සේනානායක ඇගමැතිතුමා කලින් ද සංචාරය කර ඇත. එහෙත් කර්ම නියාමය වැළැක්‌විය නොහැකිය. කුඩා කාලයේ සිටම අශ්වයා පිටින් යන්නට හුරු වී සිටි එතුමෝ මාර්තු 24 වැනිදා උදයවරුවේ ගාලු මුවදොර පිටියේදී අසු පිටින් වැටී තුවාල ලබා සිහිසුන්ව සිට පසුවදා උදේ අභාවප්‍රාප්ත වූහ. එතුමන් එසේ අශ්වයා පිටින් ගියේ සිය හැට අටවැනි වියේදීය.

නිදහසලත් 1948 පෙබරවාරි 04 වැනිදා අග්‍රාමාත්‍ය ගරු ඩී. ඇස්‌. සේනානායක මැතිතුමා ගුවන් විදුලියෙන් ජාතිය අමතා කරන ලද කතාව

”අද විශේෂ දිනයකි. ලංකා වැසියෝ සියලු දෙනාටම ප්‍රීතියක්‌ යෙදෙන දිනයක්‌ය. අවුරුදු දෙදහස්‌ ගණනක්‌ නිදහස්‌ ජාතියක්‌ව සිටි අවුරුදු හාරසිය ගණනක්‌ නිදහස ආරක්‌ෂා කරගනු පිණිස අපේ මුතුන් මිත්තෝ තමන්ගේ ජීවිත පුදකර ආරක්‌ෂාකර ගන්නට බලාපොරොත්තු වූ ලංකාව අවුරුදු එකසිය ගණනකට ඉස්‌සර ඒ ආරක්‌ෂාව ප්‍රවේසම් කරගන්නට බැරි නිසා ඉංගි්‍රසි කිරීටයට අපේ ලංකාව පාවා දෙන්නට හේතුවිය. ඒ පාවාදීම මේ අවුරුදු ගණනාවකට පස්‌සේ අපේ ලංකාවට ආයේ විඩයක්‌ ලාංකිකයනටම බාර දුන්නා.

සත්තකටම අද අපි සියලු දෙනාටම බොහොම සන්තෝස දිනයක්‌ය. මං විශ්වාස කරනවා මේ ලංකාවට මීට ඉස්‌සර දිනයක්‌ ඇති කෙරුණා නම් මීට වඩා උතුම් දිනයක්‌ ඒ දිනය නම් ලංකාවට බුද්ධ ධර්මය වැළඳගන්නට හේතු වූ දිනයයි. මීට පස්‌සේ මේ අපට ලැබුණු නිදහස අපි භුක්‌ති විඳින්නට නම් ඒ නිදහසේ බලාපොරොත්තුව මොනවාද කියා අපි සියලු දෙනාම කල්පනා කරන්නට වුවමනාය.

නිදහසක්‌ වුවමනා කරන්නේ ඒ රටේ ඉන්න සියලු වැසියන්ගේ දුක අඩුකර සැප වැඩිකර ගන්න මාර්ග සලසා ගැනීමටයි. ඒ මාර්ග සලසාගන්න පුළුවන් වන්නේ මේ සියලු දෙනාට සහෝදර ප්‍රේමයෙන් අපි එකිනෙකාගේ දියුණුව වැඩිකරගන්ඩ වීර්ය කරනවා නම් ඒ නිදහස අපට භුක්‌ති විඳින්නට ලැබෙන එක සහතිකයි.

මේ වෙලොවේ අපි සියලු දෙනාම සන්තෝස වෙන්ඩ ඕනෑ අපිට මේ නිදහස කිසි කලබලයක්‌ නැතුව, ලේ වැගිරීමක්‌ නැතිව අපට භුක්‌ති විඳින්නට ලැබිව්ච එක ගැන. ඒකට හේතු වනුයේ මේ අපේ ආගම්වල හැටියට අපි කටයුතු කරලා හිටන් ලේ වැඟිරීම්වලට සම්බන්ධ වෙන්නේ නැතුව අපේ උරුමය ලබාගත්තා යෑයි කියා මා විශ්වාස කරනවා.

මේ කාලයේදී මේ ලංකාවට නිදහස ලැබිච්ච වෙලාවේදී අපි සියලු දෙනාම සිංහල, ද්‍රවිඩ, මරක්‌කල, ලන්දේසි සහ ලංකාවට උරුමකම් කියන කවුරුත් එක්‌සත් වී එක සහෝදර ප්‍රේමයෙන් එක බැම්මෙන් බැඳී අපි ධෛර්යය දා අපේ රටේ, අපේ ජාතියේ අපේ මනුෂ්‍යයන්ගේ දියුණුව වැඩිකර ගන්නට සිතට ගන්නට ඕනෑ..”

(සෝමසිරි කස්‌තුරිආරච්චි) – දිවයින

Check Also

කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි “මුහුණු සයකි අත් දොළහකි මයුරාපිට වාහනේ”

‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!