page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / Sri Lanka Freedom Party / ශ්‍රීලනිප මන්ත්‍රීවරු 18ක් සැප්තැම්බරයේදී ආණ්ඩුවෙන් ඉවතට විසිවෙයි

ශ්‍රීලනිප මන්ත්‍රීවරු 18ක් සැප්තැම්බරයේදී ආණ්ඩුවෙන් ඉවතට විසිවෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූර හොබවන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා ප්‍රසිද්ධ පුවත්පතකට ප්‍රකාශයක් කර තිබෙනවා.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හා එක්ව ඇති කරගත් අවබෝධතා ගිවිසුම ලබන සැප්තැම්බර් මාසයේ දී අවසන් වන බවත් කී ඒකනායක මහතා ඒ අනුව සම්මුතිවාදී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පවසා තිබෙනවා.ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් පසු ස්වාධීන මන්ත්‍රීවරුන් පිරිසක් ලෙස පාර්ලිමේන්තුවේ අසුන් ගන්නා බව ද එතුමා පවසා තිබෙනවා.

Check Also

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!