page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / සයුරෙන් එතෙර / ISIS / “අයි.එස් ප්‍රහාරයක් ගැන මම දන්නෑ” – ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි

“අයි.එස් ප්‍රහාරයක් ගැන මම දන්නෑ” – ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලයට අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බවට ඇමෙරිකානු බුද්ධි අංශ ශ්‍රී ලංකා රජයට අනතුරු දක්වා ඇති බවට මාධ්‍ය තුළ සිදුවන කතාබහ සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බව ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ප්‍රසිද්ධ පුවත්පතකට පවසා තිබෙනවා.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ කතාබහට ලක්ව ඇති මෙම ආරංචිය පිළිබඳව එම පුවත්පත කළ විමසුමකදී ‍ලේකම්වරයා එසේ සඳහන් කර ඇත.

“මම පිටරට ඇවිල්ලා ඉන්නේ. ඔය කියන කාරණය ගැන මම දන්නෙ නෑ. දන්නෙ නැති දෙයක් ගැන මොකුත් කියන්න බෑනේ”යැයි ‍ලේකම්වරයා පවසා තිබේ.

මීට පෙර වාර්තාකල පුවත පහතින් බලන්න.
ශ්‍රී ලංකාවට අයි.එස්. ප්‍රහාරයක් ? ඇමෙරිකාවෙන් අනතුරු අඟවයි..

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

පිණ්‌ඩපාත වැඩි හිමිවරුන්ට කිරිබත්ගොඩදී කිඹුලා බනිස් පිළිගැන්වූ නිසා මහින්දට මල පැනලා

කිරිබත්ගොඩ නගරයේදී පිණ්‌ඩපාතයේ වැඩම කළ මහා සංඝරත්නයට කළ අපහාසය තමා තරයේ හෙළා දකින බව හිටපු …

error: Content is protected !!