page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි..කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉවත් කරයි?

ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි..කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉවත් කරයි?

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරින් ඉවත් කරන ලෙස සිවිල් සංවිධාන රැසක් පසුගිය කාලයේ රජයෙන් ඉල්ලීම් කළේය.

නව ආරක්ෂක ලේකම්වරයා සෙල නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයකු වන වෛද්‍යරත්න මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

කෙසේ වෙතෙත් මේ ගැන කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසන්නේ තමා ඉල්ලා අස් නොවූ බවයි. ඊයේ දිනයේද කාර්යාලයට පැමිණි බවත් තමා එම තනතුරින් ඉවත් කිරීමක් ගැන මෙතෙක් නොදන්නා බවත් හෙට්ටිආරච්චි මහතා කීවේය.

මීට පෙර වාර්තාකරන ලද පුවත
අයි.එස් ප්‍රහාරයක් ගැන මම දන්නෑ..ආරක්ෂක ‍ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!