page hit counter
Friday , September 22 2017
Breaking News
Home / Education / sri lanka history / පැය 18න් ඩෙංගු රෝගීන් සුවකරන පාරම්පරික සිංහල වෛද්‍යවරයා මෙන්න

පැය 18න් ඩෙංගු රෝගීන් සුවකරන පාරම්පරික සිංහල වෛද්‍යවරයා මෙන්න

ඕනෑම අසාධ්‍ය තත්ත්වයක පසුවන ඩෙංගු රෝගියකු පැය 18ක් වැනි කෙටි කාලයක් තුළ පාරම්පරික සිංහල වෙදකමෙන් සුව කරන වෙද මහතකු ගැන වාර්තා වෙයි…ඔහු ගණේමුල්ල, කැන්දලියද්ද පාළුවේ, සිසිර මාවතේ පදිංචි ඩී. ඩී. පී. හෙට්ටිආරච්චි වෙද මහතාය. ඒ මහතා විසින්ම පැරැණි මට්ටෝරුවකට අනුව සකස් කරගෙන තිබෙන ඔෟෂධ දියරයක් පානය කිරීමට දීමෙන් මෙසේ සුවකරන බව සුවය ලත් රෝගීහු පවසති..

ඉකුත්දා රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය මාස 3ක් වයසැති තම දරුවා මෙම වෙද මහතාගේ ප්‍රතිකාරවලින් පැය 17ක් ඇතුළත සම්පූර්ණයෙන්ම සුවය ලැබූ බව දරුවාගේ පියා වන මාතර කඹුරුපිටිය ප්‍රදේශයේ පදිංචි මේජර් ධනුෂ්ක මහතා පවසයි.

පසුගිය 29දා තමයි වෙද මහත්තයා හොයාගෙන ගියේ. දරුවා දැඩි සත්කාර ඒකකයේ හින්ද ගෙන්න විදියක් නෑ ගේන්නත් බයයි. දරුවා වෙනුවට බෙහෙත් දුන්නේ දරුවාගේ අම්මට. එයාට කිව්වේ බෙහෙත් බීල ගිහින් දරුවට කිරි දෙන්න කියලා. එදාම අසනීපය සුවවෙලා දැන් ටිකට් කපලත් ඉවරයි. මේ වාගේ වෙද මහත්තුරු රැකගත යුතු ජාතික වස්තු.

වෙදදුරු හෙට්ටිආරච්චි මහතා ඔහුගේ නිවෙසේදීම මෙම ප්‍රතිකාර ලබාදීම සිදුකරන අතර ඉතාමත් සුළු මුදලක් අය කරමින් මුදල් ඇතිව හෝ නැතිව ඔහු කරන්නේ අගනා සේවාවක් බව ප්‍රතිකාර ලද පිරිස් පවසති.

මිතුරන්ටත් බලන්න share කරන්න

Check Also

කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි “මුහුණු සයකි අත් දොළහකි මයුරාපිට වාහනේ”

‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!