page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / දේශපාලන / Chandrika Kumaratunga / චන්ද්‍රිකාගේ උපන් දිනයට මහින්ද එවන්න තිබුන තෑග්ග මෙන්න

චන්ද්‍රිකාගේ උපන් දිනයට මහින්ද එවන්න තිබුන තෑග්ග මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන අනෙකුත් දේශපාලන පක්ෂ සමග සංවාදයක යෙදී සිටින්නේ අනෙක් දේශපාලන පක්ෂවල අදහස් ගනිමින් ‍පොදු එකඟතාවක් ඇති කරගැනීමටය. මේ සාකච්ඡාවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනද එක්වෙයි. පසුගිය සතියේදී එක්සත් ජාතික පක්ෂය සමග මෙවැනි සාකච්ඡාවක් පැවැත්වූ අතර සිකුරාදා දිනයේදී දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡාවක් පැවැත්වූවේය.

පැජට් පාරේ පිහිටි මෛත්‍රීගේ නිල නිවෙස්දී පැවැති සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, දුමින්ද දිසානායක, ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ඩිලාන් පෙරේරා සහභාගී වූහ. දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළේ ආර්. සම්බන්ධන් හා එම්. ඒ සුමන්තිරන්ය.

ඒකීය ලංකාවක් ඇතුළේ බලය බෙදාහැරීම අපේ අපේක්ෂාවයි. එම බලය බෙදීම අපේක්ෂා කරන්නේ පළාත් පාලන ආයතන කාර්යක්ෂම කරගෙන යාමටයි. අපි කවදාවත් සිංහල ජනතාවට අසාධාරණයක් වන අන්දමේ විසඳුම් ඉල්ලීමට තරම් මෝඩ වෙන්නේ නෑ. ජනාධිපතිතුමා මේ ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාවි කියල අපි අපේක්ෂා කරනවා. ඒකීය රටක් ඇතුළේ සියලුම ජාතීන්ට සතුටින් ජීවත්වීමට හැකියාව ඇති කිරීම තමයි වැදගත් වෙන්නේසම්බන්ධන් කීවේය.

19 වැනි සංශෝධනය සම්මත කරගෙන ජනාධිපතිතුමයි අගමැතිතුමයි එකතුවෙලා සහයෝගයෙන් ඇමැතිවරු පත් කළා එතැන සිටි ඇමැතිවරයෙක් කීවේය.

මම මේ ජනාධිපති පුටුවේ ඉන්නේ නැතිව වෙන අයෙක් ජනාධිපති පුටුවේ හිටියා නම් මේ සහයෝගීතාව පවත්වාගෙන යන්න නම් ලැබෙන්නේ නෑමෛත්‍රී කීවේ සිනාසෙමිනි.

ඒක නම් ඇත්ත නිමල් සිරිපාල ද සිල්වා ඒ කතාව අනුමත කළේය.
ජනාධිපතිතුමා සමහර වෙලාවට හොඳ වැඩියිනේඩිලාන් කීවේ තමන් අසල සිටි ඇමැතිවරු කිහිපදෙනාට ඇසෙන පරිදිය.

-මෛත්‍රීට විරෝධයක්

මේ සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම සුපුරුදු පරිදි ජනාධිපති ‍ලේකම් කාර්යාලයේදී පැවැත්වුණේ මෛත්‍රීගේ ප්‍රධානත්වයෙනි. කැබිනට් මණ්ඩල සාකච්ඡාව ආරම්භයේදීම කාගේත් අවධානයට ලක්වූයේ උමාඔය සංවර්ධන ව්‍යාපෘතිය ගැනය.

උමාඔය ව්‍යාපෘතියට විරුද්ධව ජනතාව උද්ඝෝෂණයක් සංවිධානය කරලා තියෙනවාහරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා තත්ත්වය පැහැදිලි කරමින් කීවේය.

මේ ප්‍රශ්නයට ඔබතුමා කරන යෝජනාව මොකක්ද මෛත්‍රී ඇසුවේය.මේ ව්‍යාපෘතිය නතර කරන්න ඕන හරීන් කීවේය.
මේ ව්‍යාපෘතියේ කටයුතුවලින් සියයට හැත්තෑ පහක්ම ඉවරයි. පසුගිය ආණ්ඩුව මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ ශක්‍යතා අධ්‍යනයක්ද කරන්නේ නැතිවයි මෛත්‍රී ව්‍යාපෘතිය ගැන පැහැදිලි කළේය.සර් අපේ පැත්තේ ගෙවල් ඉරි තලලා ගිහින්. බණ්ඩාරවෙල නගරයේ ප්‍රධාන ගොඩනැගිලි දෙකක් ඇලවෙලා. ජනාධිපතිතුමා ඇවිත් මේක බලලා තීන්දුවක් ගන්න ඕන හරීන් පැවැසුවේය.මම ඔය හැම එකටම යන්න ඕන නැහැමෛත්‍රී ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේය.ඔබතුමා හැම එකටම යන්න එපා. සමහර වෘත්තීය සමිති එක්ක කතා කරන එකේ තේරුමක් නෑ පාඨලී චම්පික රණවක ඇමැතිවරයා කීවේය.

ඒ අතරවාරයේදී සයිටම් සම්බන්ධයෙන් රාජිත සේනාරත්න හා ලක්ෂ්මන් කිරිඇල්ල කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර චම්පික යළිත් සයිටම් ගැන අදහස් දක්වන්න ගත්තේය.

නෙවිල් ප්‍රනාන්දු රෝහල කොටස් වෙළෙඳ‍පොළට ඇතුළත් නොකර භාරයක් මගින් පාලනය කරන්න ඕන චම්පික යෝජනා කළේය.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාත් එක්ක පැවැත්වූ සාකච්ඡාව නිල නොවන සාකච්ඡාවක්. අපේ නිලධාරීන්ට බලපෑම් කරලා තමයි මේ සාකච්ඡාව අරගත්තේ. මේ සාකච්ඡාව නිල නොවන සාකච්ඡාවක් බව සාකච්ඡාව ආරම්භයේදීම මම කිව්වා.

මේ සාකච්ඡාව හොර සාකච්ඡාවක්. වීඩියෝ, ඡායාරූප, සහ ලිඛිත සාක්ෂි නැහැ. සයිටම් අර්බුදය ගැන රජයේ ස්ථාවරය කඩිනමින් ප්‍රකාශයට පත් කරන බව කිව්වා. නිල සාකච්ඡාවක් නොතිබුණ නිසා අපි මාධ්‍යයට කිසිවක් ප්‍රකාශ කළේ නෑ. ඒත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍යයට නිවේදනයක් නිකුත් කර තිබුණා. අඟහරුවාදා එක ජාතික පත්තරයක තිබුණ සිරස්තලයත් වැරදියි. මගේ ‍ලේකම් පී.බි. අබේකෝන් රජයේ ප්‍රතිපත්ති සංශෝධනය කිරීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමග සාකච්ඡා පැවැත්වුයේ නැහැ. ඔහු අසනීප තත්ත්වයේ සිටියේ. මගේ අතිරේක ‍ලේකම්වරු හෝ වෙනත් කවුරුවත් මේ ගැන සාකච්ඡා පැවැත්වූයේ නැහැ. මම මේ ප්‍රශ්නය ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු පාර්ශ්ව රැසක් සමග සාකච්ඡා කළා. මීට වඩා සාකච්ඡා පැවැත්වීමේ අවශ්‍යතාවක් නැහැ මෛත්‍රී දීර්ඝ වේලාවක් සයිටම් ප්‍රශ්නය ගැන කරුණු දැක්වූවේය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වගේ වෘත්තීය සමිති එක්ක සාකච්ඡා පැවැත්වීමේ කිසිම අවශ්‍යතාවක් නෑ. වෛද්‍ය සභාව, විශ්ව විද්‍යාල පීඨාධිපතිවරු, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය වගේ ආයතන එක්ක සාකච්ඡා පැවැත්වීම තමයි මේ වෙලාවේ වැදගත් වෙන්නේ චම්පික කී කතාව කැබිනට් ඇමැතිවරු සියල්ලෝම අනුමත කළහ.

අපි දැනටමත් පීඨාධිපතිවරු එක්ක සාකච්ඡා කරලා තියෙන්නේ රාජිත එම සාකච්ඡාවල ප්‍රගතිය පැහැදිලි කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශයට විශ්ව විද්‍යාල සිසුන් කඩා වැදීමත් සිසුන් අත්අඩංගුවට ගැනීම ගැනත් ඇමැතිවරුන්ගේ අවධානය යොමුවිය. සිසුන් අත්අඩංගුවට ගත් ආකාරය පැහැදිලි කළේ රාජිතය.

සෞඛ්‍ය අමාත්‍යාංශයට ළමයි කඩා වැදුණ වෙලාවේ සී.සී.ටී.වී. දර්ශන අරගත්තා. ඒ කැමරාවල ඉන්න අය තමයි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. පීඨාධිපතිවරු ඉදිරිපත් කරපු යෝජනා ගැන අපි අවධානය යොමු කරන්නත් ‍පොරොන්දු වුණා රාජිත කීවේය.
මේ කලබල පිටුපස ඉන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයයි. ඒ බලවේගය මොකක්ද කියලා රටට හෙළිකරන එක ඇමැතිවරුන්ගේ වගකීමයි මෛත්‍රී පැවැසුවේය.

-උදයංග යන තැන්

ගිං, නිල්වලා ගං ව්‍යාපෘතිය ගැනත් මේ සතියේ කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමුවිය. එම ව්‍යාපෘතියේ කටයුතු සිදු නොවුණත් මුදල් ලබාගැනීම් ගැන හෙළි කළේ රාජිතය.

මේකට මුදල් අරගෙන තියෙන්නේ 2015 ජනවාරි 8 වැනිදායි. 8 වැනිදා චෙක් එකකින් තමයි සල්ලි ගත්තේ. මේක සාමාන්‍ය දෙයක් නමෛයි.

රාජපක්ෂලාගේ කොමිස් ගෙවන්න තමයි මේ සල්ලි අරගෙන තියෙන්නේ. ඩුබායි බැංකු ගිණුම් ගැන පරීක්ෂා කරන අය ගිං, නිල්වලා ව්‍යාපෘතියේ සල්ලිත් බැර කරලා තියෙන බව හෙළිකරගෙන තියෙනවා රාජිත කීවේ මේ ගැන තවත් සොයා බැලිය යුතු බව අවධාරණය කරමිනි.

මේවාට උදයංග වීරතුංගගේ ඇති සම්බන්ධයද සාකච්ඡාවට ලක්විය.

උදයංග වීරතුංගට විරුද්ධව රතු නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. ඒත් දැන් රටින් රටට මාරුවෙමින් ඉන්නවා මෛත්‍රී කීවේය.
උදයංග වීරතුංගට රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් තිබුණා. ඒක අපි ගිය සතියේ අවලංගු කළා මංගල සමරවීර ඇමැතිවරයා පැහැදිලි කළේය.

රතු නිවේදනයක් නිකුත් කරපු අයෙක්ගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය තහනම් කරන්න මතෛක් කල් බලාගෙන හිටියා. ඒත් හිටපු ජනාධිපතිවරයා යන යන තැන ඔහු යනවා. ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රය 2015 ජනවාරි 8 වැනිදායින් අහෝසි වෙන්න තිබුණ එකක් රාජිත කීවේ උදයංග වීරතුංග විවේචනය කරමිනි.

-ඉඩම් සොයන හැටි

කැබිනට් රැස්වීම අවසන්වීමෙන් පසුව මෛත්‍රී පැමිණියේ ආපදාවලින් පීඩාවට පත් පුද්ගලයන්ට නිවාස ලබාදීම ගැන පැවැති සාකච්ඡාවකටය. නිමල් සිරිපාල ද සිල්වා, අනුර ප්‍රියදර්ශන යාපා, නවීන් දිසානායක හා සජිත් ප්‍රේමදාස සමග රාජ්‍ය නිලධාරීන් පිරිසක් සාකච්ඡාවට එක්ව සිටියහ.

ආපදාවන්ට ලක්වූ පුද්ගලයන්ට නිවාස ඉදිකිරීමේ වැඩසටහන ආරම්භ කරන්න ඕන. නිවාස අමාත්‍යාංශය හරහා නිවාස ඉදිකරනවා. එයට අවශ්‍ය ඉඩම් සොයා ගැනීම තමයි දැන් කළ යුතු වන්නේමෛත්‍රී සාකච්ඡාව ආරම්භ කරමින් කීවේය.එවිට දිස්ත්‍රික් ‍ලේකම්වරු පැවැසුවේ නිවාස ඉදිකිරීම සඳහා සුදුසු ඉඩම් මේ වන විට සොයාගෙන ඇති බවය.

පුළුවන් තරම් රජයේ ඉඩම් ඒ සඳහා යොදාගන්න. මම අවශ්‍ය මුදල් දෙන්නම්. පුළුවන් තරම් රජයේ ඉඩම් ඒ සඳහා යොදාගන්න. අවශ්‍ය අනෙක් ඉඩම් වැවැලි සමාගම්වලින් ලබගන්න මෛත්‍රී උපදෙස් දුන්නේ නවීන්ටය.වැවිලි සමාගම්වල තිබෙන වගා නොකළ ඉඩම්වලට ප්‍රමුඛතාව දෙමු නවීන් යෝජනා කළේය.ඒ අනුව නවීන් වැවිලි සමාගම් නියෝජිතයන්ට කතා කර ඉඩම් ලබාගැනීම ගැන අවධානය යොමු කළේය.

2004 අවුරුද්දේදී ගංවතුර වෙලාවේ නිවාස අහිමි වූ අයට ගෙවල් හදන්න වැවිලි සමාගම්වලින් ඉඩම් ලබාගෙන තිබෙනවා. ඒත් නිවාස ඉදි කරලා නැහැ. මේ ඉඩම් අපිට ගන්න පුළුවන්. හොඳ වතු විනාශ කරන්නේ නැතිව ඉඩම් ලබාගැනීමට කටයුතු කරන්නම් නවීන් කීවේය.

-නාමල් පාපැදි සවාරියක

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පසුගිය සතියේදී තිරිකුණාමලය බලා පිටත්ව ගියේ තිරිකුණාමලය නගරයේදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමක් පිළිබඳ ජනතාව දැනුවත් කිරීමටය. තිරිකුණාමලයට ගිය නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රාත්‍රිය ගත කිරීමට අනුරාධපුරයට ආවේය. ඔහු සමග ඩීවී චානක මන්ත්‍රීවරයාත් ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයාත් විය. පසුදා උදෑසන නාමල් සහෝදර මන්ත්‍රීවරු දෙදෙනා සමග අනුරාධපුර පූජාභූමිය වටා පාපැදි සවාරියක නිරත විය. ඔවුන් පාපැදි සවාරිය අවසන් කළේ කිලෝමීටර තිහක් පමණ ගමන් කිරීමෙන් පසුවය.

-රනිල් එද්දී මහින්ද යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ සමන් කැ‍ලේගමගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ගියේය. මහින්ද එහි යන විට දිනේෂ් ගුණවර්ධන, තිස්ස විතාරණ, කුමාර වෙල්ගම, ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් විය.

මොනවද අලුත් විස්තරමහින්ද කිරිඇල්ලගෙන් ඇසුවේ සයිටම් ගැටලුව ගැනත් අවධානය යොමු කරමිනි. කිරිඇල්ල සමගත් කතා කළ මහින්ද ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සමග ටික වේලාවක් කතා කරමින් සිටියේය.

මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහද එහි පැමිණියේය. රනිල් පැමිණ දේහයට අවසන් ගෞරව දක්වන තෙක් සිටි මහින්ද ඔහුට සුහදව ආචාර කළේය.මට තවත් අත්‍යවශ්‍ය ගමනක් යන්න තියෙනවායැයි කියමින් මහින්ද පිටත්ව ගියේ රනිල් සමග කතාවකට වැඩි වේලාවක් වෙන් කරන්නේ නැතිවය.

-බස් එක මිස් වෙයි

රත්නපුරයේ ප්‍රසිද්ධ මැණික් ව්‍යාපාරිකයෙකුගේ දියණියගේ විවාහ මංගල උත්සවය පසුගිය බදාදා පැවැත්වුණේ කොළඹ තරු පහේ හෝටලයකය. මහින්ද මංගල උත්සවයේ ආරාධිතයෙක් ලෙස පැමිණ සිටි අතර පවිත්‍රා වන්නිආරච්චි, ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර, කාංචන ජයරත්න ඇතුළු මන්ත්‍රීවරු මහින්ද සමග සිටියේ එක මේසයේය. මහින්ද අසලට පැමිණි අය ඔහු සමග ඡායාරූප ගන්නට ‍පොරකන්න විය. ඒ නිසා මංගල උත්සවයේ කටයුතුවලටද විටින් විට බාධා ඇතිවිය.

මේ මගුල් ගෙදර මගේ මගුල් ගෙදර නමෛයි. අර ඉන්නේ මනමාලි. ඒගොල්ලන්ගේ ආරාධනාවකට තමයි මම ආවේ. ඒ අයට ඕන විදියට මේ වැඩේ කරගන්න අපි ඉඩ දෙමුදමහින්ද ඡායාරූප ගැනීමට පැමිණි පිරිසගෙන් ඇසුවේ ඡායාරූප ගැනීම කෙළවරක් නැති බව දුටු නිසාය.

මේ අය පිංතූරයක් ගන්න අහනවා. ඒක ඕගොල්ලන්ට කරදරයක් නමෛයි නේදමහින්ද මනාලියගෙන් ඇසුවේ ඡායාරූප ගැනීමට පෙළ ගැසුන අය දෙස බලමිනි.

කමක් නැහැ. හැබැයි ඉස්සරවෙලාම අපිත් එක්ක පිංතූරයක් ගන්න ඕනමනාලිය කීවාය. ඒ අනුව මනමාලිය සහ ඇගේ යෙහෙළියන් සමග මහින්ද ඡායාරූප කිහිපයකට පෙනී සිටියේය. පසුව සෙසු ආරාධිතයන් සමග ඔහු ඡායාරූපවලට පෙනී සිටියේය.විවාහ මංගල උත්සවයේ ටික වේලාවක් රැඳී සිටි මහින්ද එතැනින් එළියට ආවේ මෝටර් රථයෙන් පිටත්ව යාමටය. මෝටර් රථයට එන අතරවාරයේදී ජෝන් සෙනවිරත්න ඇමැතිවරයා මහින්දට මුණ ගැසුණි. ජෝන් විවාහ මංගල උත්සවයට පැමිණියේ ඒ අවස්ථාවේදීය.

මොකද මේ පරක්කු. අපි නම් යන්නයි හදන්නේමහින්ද ජෝන්ගෙන් ඇසුවේය.‍පොඩි වැඩ වගයක් තිබුණා සර්. ඒ ටික ඉවර කරලයි ආවේ ජෝන් මහින්දට කීවේය.මඟුල් ගෙදරට පරක්කු වුණාට කමක් නැහැ. වෙන ඒවාට පරක්කු වෙන්න එපා. එහෙම වුණොත් බස් එක මිස් වේවි මහින්ද කීවේ සිනාවක් මුවට නංවාගනිමිනි. එයට ජෝන් කිසිවක් කියන්න ගියේ නැත.හරි හරි කමක් නැහැ. ඔය ‍ලේලිත් ඉන්නේ. එයත් එක්ක කතා කර කර ඉන්නකෝ මහින්ද පිටත්ව ගියේ ජෝන්ට පවිත්‍රා පෙන්වමිනි.හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ උපන්දිනය යෙදී තිබුණේ බ්‍රහස්පතින්දාටය. උදෑසනම අගමැති රනිල් වික්‍රමසිංහ දුරකථන ඇමතුමක් ගෙන චන්ද්‍රිකාට සුබපැතුවේය.යාළුවා කතා කළේ නැද්ද රනිල් චන්ද්‍රිකාගන් ඇසුවේ සිනාසෙමිනි.කවුද? මහින්දද? චන්ද්‍රිකා ඇසුවාය.ඔව්.. ඔව්… කතා කරලා හරි නම් තෑගිත් එවන්න ඕන රනිල් කීවේය.තෑග්ග හැටියට එයා පුළුවන් නම් මට ලොකු බෝම්බයක් එවාවි චන්ද්‍රිකා කීවේද උස් හඬින් සිනාසෙමිනි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දැනුවත් කරයි

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන මේ දිනවල සමාජයේ තැන තැන කතාබහට ලක්වෙයි. සිවිල් සංවිධාන හා සිවිල් ක්‍රියාකරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ගැන සිටින්නේ දැඩි අවධානයකින්ය. දේශපාලන පක්ෂ නියෝජිතයන් ඒ ගැන සාකච්ඡා කරන අතර විද්වතුන් හා වෘත්තිකයන් එම සාකච්ඡාවලට සම්බන්ධ කරගන්නේ විදෙස් අත්දැකීම්ද එයට මුසු කරගනිමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයන් හා අදාළ පාර්ශ්වයන් දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගිය බදාදා දිනයේදී පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීය. රනිල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති සම්මන්ත්‍රණයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ උප සභාපති, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, දකුණු අප්‍රිකාවේ හිටපු අගවිනිසුරු ඩික්යෑංග් මොසෙනෙකෙ ඇතුළු අමුත්තන් පිරිසක් එක්ව සිටියහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වර්තමාන තත්ත්වය, මහජන අදහස් විමසීමේ ක්‍රියාවලිය හා අනු කමිටු වාර්තාවන් පිළිබඳ පාර්ශ්වයන් එහිදී දීර්ඝ ලෙස දැනුවත් කළේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාගේ හිටපු රාජකීය ෙදෙවඥ සුමනදාස අබේගුණවර්ධනගේ මහරගම නිවසට දේශපාලන මිතුරන්, ව්‍යාපාරික මිතුරන් මෙන්ම මාධ්‍ය මිතුරන්ද ගිය බදාදා පිරී තිබුණි. ඒ ඔහුගේ හැටපස්වැනි උපන්දිනයට සුබ පැතීමටය.උදෑසනම කැවුම් කිරිබත් සහිත තේ මේසයක් සුමනදාසගේ නිවසේ සූදානම් කර තිබුණි. ඒ අතර උපන්දින කේක් ගෙඩියක්ද විය. එම කේක් ගෙඩිය සකස් කර තිබුණේ භාව කේන්දරයක හැඩය ගත් රවුම් හැඩයකටය. හිටපු කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර, නියෝජ්‍ය ඇමැති මනූෂ නානායක්කාර, හිටපු ඇමැති අතාවුද සෙනවිරත්න ඇතුළු දේශපාලනඥයන් ඔහුට සුබපැතුවේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමිනි.

උපන්දින කේක් අනෙක් අමුත්තන්ට සුමනදාස තමන්ගේ අතින්ම බෙදුවේ භාව කේන්දරයේ හැඩය ගැනත් කියමිනි.උපන්දින තේ පැන් සංග්‍රහය භුක්තිවිඳිමින් සිටින අතරවාරයේදී විජමු, මනූෂ සහ අතාවුද කතාකරමින් සිටියේ පාසල් ගොඩනැගිලි ගැනය. විජමු කීවේ පාසල් ගොඩනැගිලි ළමුන්ගේ ආකර්ෂණය දිනාගන්නා ගොඩනැගිලි නොවන බවය.

බලන්න පරණ පාර්ලිමේන්තුව දිහා. ඒක හරිම තේජාන්විතයි. සුද්දගේ වැඩනේ එතැන සිටි අයෙක් කීවේය.
ඒකට අලුත් පාර්ලිමේන්තුව. ඒක හැදුවේ ජපනානේ අතාවුද කීවේය.ජපනා නමෛයි. ජෙෆ්රි බාවාගේ නිර්මාණයක්නේ. ඕකේ නයි ඉන්නවානේ විජමු පාර්ලිමේන්තුවේ සිටින නයි ගැන කතාවක් පටන් ගත්තේය.

පාර්ලිමේන්තුවේ විතරක් නමෛයි කථානායක නිල නිවසේත් නයි ඉන්නවා විජමුගේ බිරිඳ කීවේ නිල නිවසේ සිටින නයි ගැනය.
පාර්ලිමේන්තුවට එන නයි එලවන්නත් අපි ලොකු උත්සාහයක් ගත්තා. කථානායක නිල නිවස හදලා තියෙන්නේ කණු උඩ. ඒ කණු අතරින් ගෙදර ඇතුළට නයි එනවා. මේ කණුවල තියෙන හිල් වහන්න කියලා අපි කතා කළාට කවුරුවත් ඒකට කැමැති වුණේ නෑනේ විජමු කීවේ පාර්ලිමේන්තුවේ සිටින නයි ගැන තවත් විස්තරද කරමිනි.

තිලකජය(මව්බිම)

Check Also

හිටපු ජනපති මහින්ද පිලිගන්න පැමිණි යතුරුපැදි දෙදහස පෙළපාලිය මෙන්න

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දඹුල්ල දඹුල්ලේ හිටපු නිදහස් පක්ෂ සංවිධායක නිවසේ පැවැති පුන්‍යමය කටයුත්තක් සදහා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!