page hit counter
Friday , September 22 2017
Breaking News
Home / උණුසුම් පුවත් / SL Army / විශේෂ බලකායේ සුපිරි වැඩ කරුවෙක් නව යුද හමුදාපති ධූරයට පත්වෙයි

විශේෂ බලකායේ සුපිරි වැඩ කරුවෙක් නව යුද හමුදාපති ධූරයට පත්වෙයි

හිටපු යුද හමුදාපති ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරට උසස් කිරීමෙන් පසුව නව යුද හමුදාපති වශයෙන් මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා පත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.

ඒ අනුව ඔහු ලුතිනන් ජනරාල් ධූරයට උසස් කර මෙම පත්කිරීම සිදුකරනු ඇත.

මේජර් ජනරාල් මහේෂ් සේනානායක මහතා මේ වන විට යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරයි.

1981 වසරේ දී යුද හමුදාවට සම්බන්ධ වූ සේනානායක මහතා කොළඹ ආනන්ද විද්‍යාලයයේ ආදි ශිෂ්‍යයෙකි.

යාපනය ආරක්ෂක සේවා ආඥාපති ලෙස ද කටයුතු කර ඇති මහේෂ් සේනානායක මහතා ඔහු නීති ගරුක අයෙක් වන අතර යුද හමුදා සාමාජිකයන් අතර දැඩි ප්‍රසාදයක් දිනා ගත් නිලධාරියෙකි.

හැමොටම බලන්න පහතින් share කරන්න

Check Also

ප්‍රභාකරන් මැරුවා ද? මැරුනා ද? ප්‍රභාකරන් මළේ හිසට වෙඩි තබාගෙන?

කොටි නායක ප්‍රභාකරන් තමන්ගේ පිස්තෝලයෙන් හිසට වෙඩි තබාගෙන සියදිවි හානි කරගත් බවත් ඔහුගේ බිරිඳ හා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!