page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / උණුසුම් පුවත් / saitm / සයිටම් අර්බුදයට විසඳුම් ඉල්ලා යලිත් හෙට සිට අඛණ්‌ඩ වෛද්‍ය වර්ජනයක්‌

සයිටම් අර්බුදයට විසඳුම් ඉල්ලා යලිත් හෙට සිට අඛණ්‌ඩ වෛද්‍ය වර්ජනයක්‌

සයිටම් හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුදකාරී තත්ත්වයට විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලමින් හෙට (5 දා) සිට රජයේ වෛද්‍යවරුන් දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වන ක්‍රමවේදය පිළිබඳව අවසන් තීන්දුව ඉදිරි පැය 24 ක කාලය තුළදී ප්‍රකාශයට පත් කරන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවැසීය.

ජනාධිපතිවරයා සයිටම් අර්බුදය විසඳීමට බොහෝදුරට කටයුතු කරන ආකාරයක්‌ පෙන්නුම් කළද ඔහු සමඟ ඉකුත් ජුනි 24 වැනිදා සාකච්ඡා කර ඇති කරගත් එකඟතාවන් රජයේම ඇමැතිවරයකු විසින් බිඳ දැමීම නිසා සයිටම් අර්බුදය දැඩි අර්බුදකාරී තත්ත්වයකට පත්වී රට අවුල් ජාලාවකට තල්ලු වෙමින් තිබෙන බව හෙතෙම සඳහන් කළේය.

මෙම තත්ත්වය තුළ වගකිවයුතු වෘත්තීය සංගමයක්‌ ලෙස මෙම ගැටලුවට වහාම මැදිහත් වී රෝගී අයිතිවාසිකම් සුරැකීමට සාධාරණව හා ක්‍රියාශීලීව පියවර ගන්නා ලෙස රජයට බල කිරීමක්‌ වශයෙන් හෙට සිට මෙම දීප ව්‍යාප්ත අඛණ්‌ඩ වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව හෙතෙම අවධාරණය කළේය.

වර්ජනයට අමතරව දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් කමිටු පිහිටුවා මෙම අර්බුදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත්, වෘත්තීය සමිති ඇතුළු ක්‍රියාකාරීන් සංවිධානය කිරීමටත්, මෙම අර්බුදය විසඳීම සඳහා අනිකුත් වෘත්තීය සමිති හා සංවිධානවල සහයෝගය ලබා ගැනීමටත් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇතැයි වෛද්‍ය අලුත්ගේ මහතා පැවැසීය.

Check Also

සයිටම් ජනසතු නොකළොත් අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් අතලග | ViDEO

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් ලබන සතියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!