page hit counter
Monday , December 18 2017
Breaking News
Home / Education / sri lanka history / සංඝයාට නොදී මිරිස් සම්බෝලයක් කාපු වරදට, දුටු ගැමුණු රජතුමාට ලැබුන දඬුවම මෙන්න

සංඝයාට නොදී මිරිස් සම්බෝලයක් කාපු වරදට, දුටු ගැමුණු රජතුමාට ලැබුන දඬුවම මෙන්න

දුටුගැමුණු රජතුමා විසින් කරවන ලද පළමුවන චෛත්‍යය මිරිසවැටියයි. සංඝයා වහන්සේට නොදී මිරිස් සම්බෝලයක් තමා විසින් ආහාරයට ගැනීමේ වරදට දඬුවම් වශයෙන් දුටුගැමුණු රජු ඒ නමින් මිරිසවැටිය කරවා සංඝයා වහන්සේට පූජා කරන ලද බවද කියැවේ. එසේම තිසාවැවේ පවත්වන ජල ක්‍රීඩා උත්සවයට සහභාගී වූ දුටුගැමුණු රජු දියට බැසීමට පෙර බුදුරජාණන් වහන්සේගේ ධාතු සහිත තම ජයකොන්තය බිම සිටුවා තබා ගියේය. ආපසු පැමිණ ජයකොන්තය ගැනීමට උත්සාහ කළද එය අපහසුවූ නිසා එම ජය කොන්තය එතැනම තබා ඒ වසා චෛත්‍යයක් කරවන ලද බවද ඒ මිරිසවැටිය බවද මහාවංශයේ සඳහන් වෙයි.

මේ චෛත්‍ය ඉදිකිරීම සඳහා අවුරුදු තුනක පමණ කාලයක් ගතවී ඇති අතර චෛත්‍ය ඉදිකර අවසානයේ සතියක් පමණ කාලයක් උත්සව පවත්වා තිබේ. 1 ගජබාහු රජු විසින් චෛත්‍යයට වැස්මක් කළ බවද වොහාරිකතිස්ස රජු විසින් ජත්‍රයක් සවිකර ප්‍රාකාරයක් ද ගොඩනැංවූ බව මහාවංශයේ වැඩිදුරටත් සඳහන් වේ. සතුරු ආක්‍රමණත් සමඟ විනාශ වූ මිරිසවැටි දාගැබ රියන් 80ක් උස දාගැබක් ලෙස නැවත ප්‍රතිසංස්කරණය කර ඇත්තේ පරාක්‍රමබාහු රජතුමා විසින්ය.

ලේක් හවුස් – චතුරිකා

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

ලිංගිකත්වය එළිපිටට ගෙනා ලංකාවේ අපේ පැරණි ජන ක්‍රීඩා

ලිංගිකත්වය යනු ප්‍රසිද්ධියේ ක්‍රියාවට නැංවීමට තබා ප්‍රසිද්ධියේ කතා කිරීමට වත් නුසුදුසු ‘අසභ්‍ය’ මාතෘකාවක් බව සමාජයේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!