page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / සුව අරණ / Beauty Tips / ඔයාගෙත් ශරීරයට වඩා පියයුරු විශාල ද? තරුණියන් අනිවාරෙන් කියවිය යුතුම ලිපියක්

ඔයාගෙත් ශරීරයට වඩා පියයුරු විශාල ද? තරුණියන් අනිවාරෙන් කියවිය යුතුම ලිපියක්

-ගැටලුව
වෛද්‍යතුමනි, මාගේ වයස අවුරුදු 22කි. ශරීරය කෙට්ටුය, සැහැල්ලුය. නමුත් පියයුරු විශාලය. බරකින් ද යුක්තය. පවුලේ වෛද්‍යවරිය පැවසුවේ රෝගී තත්ත්වයක් නොවන බවයි. ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයා පැවසුවේ ශල්‍යකර්මයක් කළ හැකි බවත්, මව්කිරි දිය නොහැකි බවත්ය. ශල්‍යකර්මයකට නොගොස් පියයුරුවල විශාලත්වය අඩු කර ගත හැකි ක්‍රම තිබේද?

තවද සතියකට දින 3ක් වි. 45 හොඳින් පිහුනුම් කටයුතු වසරක් පමණ කළෙමි. නමුත් ශරීරයේ කිසිදු වෙනසක් සිදු නොවිණි. පියයුරු සඳහා කළ යුතු ව්‍යායාම තිබේද? විශාලත්වය, අධික බර නිසා එල්ලා වැටෙන තත්ත්වයක්ද පවතී. මීට කළ යුත්තේ කුමක්ද?

-පිළිතුර
ඔබට ඇති ගැටලුව බොහෝ තරුණියන්ට අඩු වැඩි වශයෙන් ඇති ගැටලුවකි. ඔබේ ගැටලුවට කීප ආකාරයකින් විසඳුම් සපයා ගැනීමේ හැකියාවක් ද ඇත.

මෙහිදී ටෝනිං එක්සර්සයිස් නම් වූ ව්‍යායාමය මෙන්ම චෙස්ට් වෝල් එක්සර්සයිස් වැනි ව්‍යායාම මඟින් පියයුරුවල වෙනසක් ඇති කරගත හැකිය. තවද පියයුරු හොඳින් තදට පිහිටන ආකාරයෙන් යුක්ත තනපට භාවිත කිරීම ද වැදගත් වේ. විශේෂයෙන්ම කුඩා කල පටන්ම පියයුරු එල්ලා නොවැටෙන ලෙස තනපට ඇඟලුම් ඇඳීමට පුරුදු වීම අවශ්‍යය. මෙහිදී මේදය අඩු කර ගැනීම ද තවත් වැදගත් කරුණකි.

ඒ නිසා ඔබ වෛද්‍ය උපදෙස් ලබාගෙන අදාළ ව්‍යායාම්වලට යොමු වීම සුදුසුයි.

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

“චව් චව්” කෑවොත් ගොඩම තමයි මෙහි ඇති විශ්මිත ගුණ මෙන්න

ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!