page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / “මාපිල්ලේගේ” ඇසින් දුටු සාක්ෂියෙන් එලියට ආපු විද්‍යා සිසුවිය දූෂණය කළ නඩුවේ හෙලි නොවූ කතාවක්

“මාපිල්ලේගේ” ඇසින් දුටු සාක්ෂියෙන් එලියට ආපු විද්‍යා සිසුවිය දූෂණය කළ නඩුවේ හෙලි නොවූ කතාවක්

“කෙල්ලගෙ ඇඟ දැක්කම උඹටත් ආස හිතෙයි..”
“කොළඹට පැන්නෙ දේශපාලනඥයෙකුගේ සහෝදරයෙකුගේ වාහනේ..”
“සිද්ධියට සම්බන්ධ අය පොලිසියත් එක්ක සමීපය..”

යාපනයේ විද්‍යා සිසුවිය සමූහ දුෂණයට ලක් කර ඝාතනය කිරීමේ සිද්ධිය ඇසින් දුටු බව කියන පුංකුඩිතීව්හි පදිංචි නඩරාජා පුවනේස්වරන් හෙවත් මාපිල්ලේ නැමැත්තා යාපනය විශේෂ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්කි දී තිබෙනවා.

ඔහු පවසා ඇත්තේ විද්‍යා සිසුවිය සමූහ දූෂණයට ලක් කළේ ඝාතනයට අත්අඩංගුවට ගෙන සිටින විත්තිකරුවන් සිව් දෙනෙකු බවයි.

ඔවුන් සිසුවිය පාළු නිවසකට පැහැරගෙන ගොස් ගෙන ඇයව දූෂණයට ලක් කරන දර්ශන රූගත කර ස්විස්කුමාර් නැමැත්තා වෙත ලබාදුන් බව ද සාක්ෂිකරු කියා සිටියා.

“මම මේ ගැන පොලිසිය හමුවේ පාපොච්ඡාරණය කළේ නැත්තේ අපරාධයට සම්බන්ධ අය මුදල් බලය ඇති අය, වගේම යාපනය-කයිට්ස් පොලිසිය ද සමීපව ඇසුරු කරන අය නිසයි.”

“ස්විස් කුමාර්ව මට හදුන්වලා දුන්නේ පෙරියම්බි. ඔහුට පිටරට ගෙනියන්න තමයි මේ වීඩියෝ එක ගත්තේ කියල පෙරියම්බි මාත් එක්ක කියා සිටියා. මේ සිද්ධිය සිද්ධ වෙලා ටික කලකට පස්සේ මට දුරකථන මාර්ගයෙන් තර්ජන පවා එල්ල වුණා”

2015 මැයි මස 13 වනදා සිදුවූ විද්‍යා සමුහ දුෂණයට ලක් කර ඝාතන කළා.

ස්විස් කුමාර් නැමැත්තා රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වීමට සී.අයි.ඩී. යේ පරීක්ෂණ කළ, අයි.පි නිශාන්ත සිල්වා වෙත රු. දෙකෝටියක මුදලක් ලබා දීමට තැත් කළ බවත් අධිකරණයේ දී හෙළි වුණා.

ඒ, 30 වන දා සාක්ෂි දුන් මොහොමඩ් ඉෆ්රන් නැමැත්තා සාක්ෂි දීමත් සමගයි.

ස්විස් කුමාර් විද්‍යා සිසුවිය ඝාතනය ගැන තමන් හා කි දේ නිශාන්ත සිල්වාට කි බව දැන ගැනීමෙන් පසු තම බිරිඳ ටද විද්‍යාට සිදු වූ දේම සිදු කරන බවට ඔහු තර්ජනය කළ බවත් සාක්ෂිකරු සඳහන් කළා.

සක්ෂිකරුට ස්විස් කුමාර් හමුවී ඇත්තේ බන්ධනාගාරයේ දී යි.

“මට ස්විස් කුමාර් මෙහෙම කිව්වා. මම ස්විට්සර්ලන්තයේ හිටියේ. එහි මාෆියා කල්ලියක් හමුවුනා.දකුණු ආසියාවේ ඉන්න අවු. 20ක පමණ දැරියක් දුෂණය කරලා ඇය ඝාතනය කරන සිද්ධියක වීඩියෝ එකක් කරන්න ඒ මාෆියා එකත් එක්ක ගිවිසුමකට ආවා. විද්‍යා දුෂණය වෙන තැන උඹ හිටිය නම් උඹයි මුලින්ම කරන්නේ. කෙල්ලගේ ඇඟ දැක්කම උඹටත් ආස හිතෙයි’. තව මෙහෙමත් කිව්වා. ‘සිද්ධියෙන් පස්සේ යාපනේ ඉදන් කොළඹට පැනලා ආවේ දේශපාලකයෙකුගේ සහෝදරයෙකුට අයත් වාහනේක.උසස් පොලිස් නිලධාරියෙකුත් එකට සහාය වුණා.කොළඹ ඇවිත් වැල්ලවත්තේ හැංගිලා ඉන්න කොට තමයි පොලිසියට අහුවුනේ”

සාක්ෂිකරු කියා සිටියා.

විත්තියේ නීතිඥවරයෙක් මෙහිදී ඇසුවේ අයි.පී නිශාන්ත දන්නා බව අඟවා සැකකරුවන් බිය කර මුදල් ගැරීමේ උත්සහයක් තිබුනේද යන්නයි.

සාක්ෂිකරු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Check Also

ඥතීන් හා ගුරුවරුන්ගෙන් පාසල් වයසේ පසුවන දැරියන් විශාල ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්වෙලා

පාසල් වයසේ පසුවන දැරියන් අතර වැඩි ප්‍රමාණයක්‌ ගැබිනියන් බවට පත්ව ඇති බව මධ්‍යම පළාත් ආණ්‌ඩුකාර …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!