page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / Education / sri lanka history / විජිතපුර දකුණු දොරටුවෙහි බිහිසුණු සටන පිළිබදව සත්‍ය කතාව මෙන්න.

විජිතපුර දකුණු දොරටුවෙහි බිහිසුණු සටන පිළිබදව සත්‍ය කතාව මෙන්න.

සිංහල ධර්මද්වීපයේ ආරක්ෂාව හා උන්නතිය වෙනුවෙන් කැපවන්නන්ට ඉතිහාසයේ ගත හැකි හොදම ආදර්ශය වන්නේ දුරුගැමුණු අපේ වීර රජතුමා හා එම සෙන්පතියන් දේශය වෙනුවෙන් ඇපවූ කැපවූ ආකාරයයි. විජිතපුර දකුණුදොර බිහිසුණු සටනේදී නායකයෙකු ලෙස දුටුගැමුණු රජතුමාත්, සෙනෙවියන් ලෙස දස මහා යෝධයනුත් කටයුතු කළේ සිංහලය වෙනුවෙන් කැපවුනේ කෙසේද කියා කියවා දැනගන්න. ඔබ රට, ජාතිය, ආගම වෙනුවෙන් කොතෙක් කැපවන්නේදැයි සිතන්න.

මහවැලි ගං ඉවුරේ සිදුවූ සටන්වලින් හා ගල්කුලමේ දී වූ පරාජයෙන් පසු නොමැරී බේරුණු සොළී බළසෙන් ඔවුන් ගේ මහා බලකොටුව වන විජිතපුර බලකොටුවට වැදුණ හ. සෙනෙවියන් කී බස් අසා රජතුමා සේනා සංවිධානය පිණිස සැප පහසු ඇති සමතල භූමි භාගයක කඳවුරු පිහිටුවා ගත්තේ ය.

ඒ ස්ථානය පසු කලෙක ‘කඳවුරුපිටිය’ නමින් ප‍්‍රසිද්ධ විය. මෙහි දී එළාර සමඟ කළ යුතු මහ යුදයේ දී යෝධයන් සෝදිසි කරන්නට ඉටා ගත් රජු යෝධයන් ගේත් යෝධයා ලෙස සැලැකුණු නන්දිමිත‍්‍ර හා සටනට කඩොලැතු මෙහෙයැවූයේ විස්ම උපදවන මහ හටනක් බලාපොරොත්තුවෙනි.

මහ හඬක් නැඟූ කඩොලැතු දෙපයින් අළු දූලි නඟමින් ඉදිරියට දිව ආවේ නන්දිමිත‍්‍ර අල්ලා පොළොවේ ගසන්නට ය. එහෙත් නන්දිමිත‍්‍ර හිටිවන ම නැවැතී තමා හා පොරයට එන කඩොලැතු දෙස බලා සිනහවකින් සරදම් කෙළේ ය.

මහත් අභිමානයෙන් යුතු කඩොලැතු කෝපාවිෂ්ඨ ව ගර්ජනාවක් කැර නන්දිමිත‍්‍ර වෙත පැන්නේ ය. මහා බළසේනාවෝ මේ දැවැන්තයන් ගේ සටන බැලීමට රොද බැඳී සිටිය හ. සෙනඟ වෙතින් නැගුණු කාහල නදින් ද ඇතු තවත් ආඩම්බර විය.

තමා වෙත පනින කඩොලැතා ගේ දෙදළින් අල්ලා ගත් නන්දිමිත‍්‍ර ඊළඟ ක්‍ෂණයේ ඇතු උක්කුටික ව බිම හිඳ වූයේ තමා සතු ඇතුන් දස දෙනකු ගේ ශක්තිය මොනවට විදහා පාමිනි. ඇතා ගේ බල තෙද ක්‍ෂය වී ඌ නන්දිමිත‍්‍රට කීකරු වූයේ සිය ශක්තියට වඩා නන්දිමිත‍්‍ර ගේ ශක්තිය තේරුම් ගත්තාක් මෙනි. මෙසේ ඇතු හා නන්දිමිත‍්‍ර පොර වැදුණු ඒ ස්ථානය ‘හත්ථිපොර’ නමින් ප‍්‍රසිද්ධ විය.

රජතුමා පී‍්‍රතියෙන් උදම් වී විජිතපුරය අල්ලා ගනු පිණිස මහ හටනට පිටත් විය.

එළාර රජු ගේ ඒ මහා බලකොටුව විජිතපුරය අගල් තුනකින් වට වූ ද, මහා ප‍්‍රාකාරයකින් ආවරණය වූ ද එකකි. එහි ද්වාර සියල්ල ලෝහයෙන් කරන ලද්දේ ය. සතුරකු විසින් අල්ලා ගනු තබා සිතන්නටවත් බැරි තරමට ආරක්ෂා සහිත ව පිළියෙළ කැරුණු මේ බලකොටුවෙහි එළාර රජු ගේ මහා සේනාව සන්නාහ සන්නද්ධ ව යුදයට සැරැසී සිටිය හ.

විජිත පුර දකුණු දොරටුවෙහි දී බිහිසුණු සටන් ඇති විය. ගැමුණු රජතුමා ගේ යෝධ පිරිස මෙහි දී කෙළේ අති භයානක සටනකි. මෙහි දී හැම දා සටනට ප‍්‍රසිද්ධ වේළුසුමන අසු පිට නැඟී නැඟෙනහිර දොරටුවෙහි යුද වැදී, අහස් කරණම් ගසමින්, නැවත අසු පිට වැටෙමින් බොහෝ සොළීන් මැරී ය.

එයින් භීතියට පත් ඔව්හු ඇතුළු නුවරට වැද එහි දොර වැසූ හ. ඉක්බිති ගැමුණු රජ යුද කරනු සඳහා වෙනත් දොරටු කරා යෝධයන් මෙහෙයැවී ය. කඩොලැතු හා නන්දිමිතය, සුරනිමල යන යෝධයෝ දකුණු දොරටුවෙහි යුද කළ හ.

එනුවර දිය අගල් තුනකින් හා උස් වූ ප‍්‍රාකාරයකින් වට කරන ලද්දේ වී යැයි මම ඔබට පෙරදී ද කීවෙමි. ඒ කඩොලැතු දෙදණින් හිඳ ගල්සූරා ගඩොල් ඉවත් කැර යකඩ දොරටුව වෙත පිය මැන්නේ ය.

ඇතු දැන් යකඩ ද්වාරය බිඳ දමතැ යි බිය ගත් සොළියෝ බිහිද්වාරයන්හි ඉහළින් සිට රත් කළ යවට ද, කකියවන ලද ඉටි ද ඇතු පිටට දැමූ හ. රත් කළ ඉටි පිට මත වැටුණු කඩොලැතු වේදනාවෙන් මිරිකී මිරිකී දියත්තක් සොයා හඬ නඟමින් දිව ගියේ ය.

ඈත තිබූ මඩ වළක එරුණු කඩොලැතු ගේ පීඩාව දුටු රජ ඇත් වෙදුන් ගෙන්වා ශරීරය මත ලහටු ගල්වා ප‍්‍රතිකාර කෙළේ ය. ඉනික්බිති ගැමුණු රජතුමා ඉතා ආදරයෙන් තමා දරුවකු ලෙස සලකන මේ සතාට කතා කෙළේ ය. කුමරා කඩොලැතු ගේ කුම්භස්ථලය පිරිමැද,

“පුත මේ සටන සිංහල රාජ්‍යයේ විමුක්තිය සඳහා ය. ශාසනයේ ආරක්‍ෂාව සඳහා ය. දිරි ගනුව. නැඟිට ගොස් පහර දෙව” යි කීයේ ය. ඇතු ධෛර්යය උපදවා දියෙන් නැඟුණේ විදුලි වේගයෙනි.

තවත් තැනෙක ඇතු මෙහෙයැවූයේ මෙලෙස යැයි කියා තිබේ. “සතුටු වදන් කියා, මිහිරි ආහාර දී, සළුවෙන් වෙළා, ඇතු පිට සන්නාහ ලවා, ඒ මත සත් ගුණයක් වනසේ එක පිට එක තබා සකස් කරන ලද මී හරක් සම් යොදවා, ඒ මත තෙල් සම් යොදා, ඇතු සටනට මෙහෙයැවී ය.” යනුවෙනි.

කඩොලැතු පිටට සොළීන් විසින් රත් කළ ඉටි වත්කළැයි සැලකෙන බලකොටුව පිහිටි ස්ථානය.

එවර ඇතු හෙණ හඬක් මෙන් ගර්ජනා කරමින්, සියලු බාධක ඉවසමින් දොරගුලු සහිත ඒ යදොර වෙත පැමිණ ඊට පයින් ඇන්නේ ය. යදොර මහ හඬ නඟමින් බිම පතිත විය. යදොර ඉහළ තොරණෙහි වූ අබලි ද්‍රව්‍ය ඇතුපිට වැටෙන බව එතැන සටනේ යෙදී සිටි නන්දිමිත‍්‍ර යෝධයා දිටී ය. ඔහු ඉහළට පැන බාහුවෙන් ගසා ඒවා වෙනත් තැනෙක වැටෙන පරිදි පෙරළා දැම්මේ ය.

පළමු අවස්ථාවක ද තමා උක්කුටිකයෙන් හිඳුවීම පිළිබඳ කඩොලැතු සිතේ පහළ වූ වෛරය මේ අවස්ථාවේ දී පහ වී ගියේ ය. ඌ කවරදා හෝ නන්දිමිත‍්‍ර මරා දමන්නට එතෙක් හක්කේ සඟවා සිටි පොර පොල් ගෙඩිය සොඬයෙන් ඇද බිම දැම්මේ කෘතගුණ දැක්වීමේ විලාස පාමිනි.

කඩොලැතු බිඳ දැමූ ද්වාරයෙන් ඇතුළුවන්නට නො කැමැති නන්දිමිත‍්‍ර, සුරනිමල, ගෝඨයිම්බර ආදී යෝධයෝ ඒ ඒ තැනින් අටළොස් රියන් ප‍්‍රාකාරය බිඳ නුවරට ඇතුළු වූහ. එහි දී කඩොලැතු රථ රෝදයක් ගෙන දුවන සොළීන් පොදි පිටින් තළා දැම්මේ ය.

නන්දිමිත‍්‍ර ගැල් තට්ටුවක් ගත්තේ ය. නන්දිමිත‍්‍රගේ ප‍්‍රහාරය තව තවත් දැඩි විය. ගෝඨයිම්බර පොල් ගසක් ගලවා ඒ කඳින් පහර දිදී සොළීන් මරන්නට විය. සුරනිමල කඩුවක් ගෙන පහර දුන්නේ ය.

මහා සෝණ තල්කඳක් ගෙන සොළීන් එළවා පහර දුන්නේ ය. ථෙරපුත්තාභය මහත් වූ යකඩ පොල්ලක් ද ගෙන වෙන් වෙන් ව වීථියට බැස ප‍්‍රතිවාදීන් සුනු විසුනු කෙළේ ය.

ගැමුණු රජුගේ ප‍්‍රහාරයට මුහුණ දී ගත නොහැකි ව එළාර ගේ විසි මහා යෝධයෝ හා සේනාව අන්දුන් කුන්දුන් වූහ. ඔව්හු මඟ දිගට දුවමින් අනුරාධපුරය පැත්තට පලා ගිය හ. එළාර රජු පළා යන මඟ ලුහුබැඳ යන වේළුසුමන හා සුරනිමල යෝධයනට කුමරා මෙසේ කී ය. “ඒ රජු මරා දැමිය යුත්තේ මා පමණය. එනිසා ලුහුබැඳ නොයා යුතු ය.”

දුටුගැමුණු රජු තමා ලුහුබැඳ අනුරාධපුරයට ද එන බැව් ඇසූ පලා ගිය එළාර රජ එක් තොටක් අසළ ඇමැතියන් රැස් කෙළේ ය. ගැමුණු රජ විජිතපුර බලකොටුව බිඳ ලූ පී‍්‍රතියෙන් නැවතත් කඳවුරුපිටියේ පී‍්‍රතිඝෝෂා පැවැත්වී ය.

එළාර රජ ඇමතියන් රැස් කරවා මෙසේ කී ය. “ඇමතියනි, දැන් අප කුමක් කළ යුතු ද? අප ගේ ඇමැතියෝ කුමක් සිතත් ද? ඒ දුටුගැමුණු රජ තෙමේත් යෝධයෙකි. ඔහුගේ යෝධ පිරිසත් බොහෝ වෙති.

අවුරුදු 44 ක් මෙහි රජ කළත් විජිතපුරය මේ සා පරාජයකට මුහුණදී නැත. එය අසා සිටි එළාර රජුගේ බලවත්ම දීඝජන්තු ආදී වූ යෝධයෝ “සේනාව අප වට කෙළේ අපේ අසංවිධානාත්මක භාවය නිසා යැයි ද, ගැමුණු මනා සංවිධනාත්මක සටනක් කළ බව ද, එහෙත් අපි හෙට සටන් කරම්හ” යි ද කී හ.

මේ අතර දුටුගැමුණු නරනිඳු මෑණියන් දුන් උපදෙස් අනුව බලකොටු දෙතිසක් කැරැවූයේ ය. රජුට ම සමාන රජ රූප දෙතිසක් ද කරවා ඒ ඒ තන්හි තබා රජ තෙමේ ඇතුළු කොටුවෙහි සිටියේ ය.

දැන් එළාර රජු ද ගැමුණු රජු ද සිටින්නේ එක ම ප‍්‍රදේශයක තැන් දෙකක ය. ඔහු පලා ගියේ සටනට නිසි පරිදි සූදානම් වීමට මිස බියකට නොවන වගට පණිවිඩ ගැමුණු කුමරුට ලැබුණේ ය. හෙට උදයේ සටන සිදුවෙතැ යි ද දැන ගන්නට ලැබිණ.

පසු දා එළාර රජු ද යාන වාහන හා භට සේනා සහිත වූයේ පර්වත නම් ඇතු පිට නැඟ සංග‍්‍රාම භූමියට පැමිණියේ ය. දීඝජන්තු කඩු කෙළියෙහි මනා සූරයෙකි. මහ බළයෙන් යුත් දීඝජන්තු යෝධයා කඩු පළඟ ගෙන යුද කරමින් අටළොස් රියනක් අහසට නැඟී විකුම් පාමින් ඒ රජ රූ කඩුවෙන් සිඳිමින් එන්නේ, දුටුගැමුණු රජතුමා සිටි බලකොටුව කරා ද එමින් සිටියේ ය.

උපාලි සමරසිංහ විසිල් රචිත ලිපියක උපුටනයකි.(තෙවැනි ඇස – Third Eye)

මේ ලිපිය තවත් කෙනෙක්ට බලන්න පහතින් share කරන්න අමතක කරන්න එපා

Check Also

කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි “මුහුණු සයකි අත් දොළහකි මයුරාපිට වාහනේ”

‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!