page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / Police / රීප්ප පටියේ ඉවෙන් හොරා අල්ලා දුන් “රෙජී” ගේ වැඩ මෙන්න බලන්න

රීප්ප පටියේ ඉවෙන් හොරා අල්ලා දුන් “රෙජී” ගේ වැඩ මෙන්න බලන්න

රෙජී වැඩකට අත ගැසුවොත් එය කවදාවත් වරදින්නේ නැත. පොලිස් නිලධාරීන්ගේ කනින් රිංගා යන සොරුන්ට, අපරාධකරුවන්ට රෙජී ගේ කනින් රිංගන්නට නම් කිසිම විටක හැකි වන්නේ නැත.

තලාතුඹය පොලිස් වසමේ නිවෙසක් බිඳ එල්.ඊ.ඩි. රූපවාහිනී යන්ත්‍රයක් සහ නවීන පන්නයේ ජංගම දුරකථනයක් සොරාගෙන ගොස් තිබුණේ පසුගිය හත්වැනිදා අලුයම් කාලයේදීය.

මෙම නිවෙසේ පියා දියණිය ඇතුලු පිරිස නිදා සිටියදී මෙම සොරකම සිදුව තිබිණි. අලුයම හතරත් හතරහමාරත් අතරතුර හොරා නිවෙසට ඇතුල්වී තිබුණේ නාන කාමරයේ කුඩා ජනේලයෙනි.

එම ජනේලයට ආරක්ෂිත පියන් යොදා තිබුණේ නැත. තාවකාලිකව එයට කුකුල් දැලක් ගසා එය රීප්ප ගසා සවිකර තිබිණි. ඒවා ගලවා නිවෙසට ඇතුලු වූ හොරා මුලින්ම කර තිබුණේ නිවෙසේ ඉදිරිපස දොර විවෘත කිරීමයි. ඉන් අනතුරුව සාලයේ තිබු විශාල ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයත්, ඒ අසල චාර්ජ් වීමට ගසා තිබු වටිනා ජංගම දුරකථනයත් සොරා විසින් රැගෙන ගොස් තිබිණි. නිවෙසට සොරුන් ඇතුලු වූ බව නිවැසියන් දුටුවේ එදින උදේ පහට පහමාරට පමණය. ඉදිරිපස දොර විවරව තිබෙනු දුටු නිවැසියන් බියට පත්ව සෝදිසි කරද්දී දුටුවේ රූපවාහීනි යන්ත්‍රය සහ ජංගම දුරකථනය අතුරුදන් බවත් නාන කාමරයේ කුඩා ජනේලයේ රීප්ප සහ දැල ගලවා ඇති බවත්ය.

මෙම සොරකම පිළිබඳ නිවැසියන් එදින උදේ තලාතුඹය පොලිසියට පැමිණිල්ලක් කළේය. එම පැමිණිල්ලට අනුව ක්‍රියාත්මක වූ පොලිසිය අපරාධ ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළ අතර අස්ගිරිය අපරාධ නිල සුනඛයකු කැඳවීමට ද තීරණය කළේය.

ඒ අනුව එදින උදේ කොස්තාපල් (67126) නලීන් විජේසිරිට මෙම මෙහෙයුමට සහභාගී වන ලෙස ස්ථානාධිපතිවරයා විසින් දැනුම්දෙන ලදී. එම දැනුම්දීමට අනුව රෙජී ද රැගෙන නලීන් අපරාධ ස්ථානයට යනවිට වේලාව සවස තුන පමණ වී තිබිණි.

එම නිවෙසට ගිය නලීන් රෙජීට ඉව ඇල්ලීම සඳහා දීමට යමක් සෙවීය. එවිට… කඩා දමන ලද ජනේලයේ රීප්ප බිම වැටී තිබෙනු දක්නට ලැබිණි. එම රීප්ප ගලවා දැමීම සඳහා නිවෙසට පැමිණි හොරා දැඩි වෙහෙසක් ගෙන ඇති බවක් පෙනේ. ඒ අනුව නලීන් ගේ තීරණය වුයේ මෙම රීප්ප පටිවල හොරා ගේ සුවඳ තැවරී ඇති බැවින් ඉව ඇල්ලීම සඳහා රෙජීට රීප්ප පටියක් ලබාදීම සුදුසු බවය.

රීප්ප පටිය හොඳින් ඉව ඇල්ලු රෙජී නිවෙස වටා රවුමක් ඇවිද නිවෙස ඇතුලට ද ගොස් ඉව ඇල්ලීය. ඉන් අනතුරුව ඉදිරිපස දොරෙන් පිට වු රෙජී වත්ත පහළට ගොස් පහළින් පිහිටි මොරගොල්ල මාර්ගයට පිවිසියේය.

එම මාර්ගය දිගේ කිලෝමීටරයක් පමණ ඉදිරියට ගිය රෙජී කපරාරු නොකළ නිවෙසක් ඉදිරිපිට නතර විය. එහි ඉදිරිපස දොර පිටතින් ඉබ්බකු දමා වසා ඇත. පිටුපස දොර මෙන්ම ජනේල ද වසා ඇත.

නිවෙස වටා වටයක් ගිය රෙජී ඉදිරිපස දොර අසල බිම හිඳගෙන නලීන් දෙස බලන්නට විය. ටික වේලාවක් එලෙස රෙජීට විවේක ගැනීමට දුන් නලීන් යළිත් රීප්ප පටිය ඉව ඇල්ලීමට දුන්නේය.

එය ඉවකළ රෙජී පෙර පරිදිම නිවෙස වටා වටයක් ගොස් ඉදිරිපස දොර අසල නිදා ගත්තේ “මේ ගේ ඇතුලේ රීප්පය අල්ලපු කෙනා ඉන්නවා” කියන්නාක් මෙනි.

රෙජී හා පොලිස් කණ්ඩායම සමඟ ගමේ කිහිප දෙනකු ද මෙම මෙහෙයුමට එක්ව සිටි ගිය අතර ඔවුන් පවසා සිටියේ මෙම නිවෙසේ පදිංචිව සිටින අය මෑතකදී නිවෙස කුලියට ගෙන පැමිණි බවයි.

“ඔය ගේ වහලා තිබුණට ඇතුලේ කට්ටිය ඇති. මොකද දැන් ටික වේලාවකට කලින් තමයි ළමයා ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ. ඒක නිසා කට්ටිය දුරක යන්න විදිහක් නෑ. එම නිවෙස අසල පදිංචිඅයකු පොලිස් නිලධාරීන් ටපැවසීය.

“ඔය ගෙදර ගෑනු කෙනා මේ ළඟ ගෙදරක ළමයෙක් බලාගන්නවා. එයාව එක්කගෙන ආව නම් හරි” තවත් අයකු එලෙස පවසා සිටියේය.

ඒ අනුව පොලිසියේ අයකු ගැමියන් ද සමඟ ගොස් නිවෙසක වැඩ කරමින් සිටි මෙම නිවෙසේ පදිංචි පවුලේ බිරිය කැඳවාගෙන ආවේය.

එලෙස පැමිණි ඇය යතුරෙන් ඉදිරිපස දොරේ ඉබ්බා විවර කළේය. දොර ඇරගෙන ඇතුලට ගිය ඇයත් පොලිස් කණ්ඩායමත් දුටුවේ සැමියා සහ දරුවා කාමරයේ සැඟවී සිටින අයුරුය.

පොලිසිය මෙම පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය. ඒ…. නිවෙසකට හොර රහසේ ඇතුලු වී භාණ්ඩ සොරාගැනීමේ චෝදනාවටය. නිවෙස පරීක්ෂා කිරීමේදී වේවැල් පුටුවක් යට සඟවා තිබු රූපවාහිනී යන්ත්‍රයත්, ජංගම දුරකථනයත් පොලිසියට හමුවිය.

සොරකම සිදු වී පැය දොළහක් ගතවීමටත් පෙර “බඩුත් එක්ක හොරු” අල්ලා දීමට රෙජී ට හැකිවිය. හොරාට කට උත්තර නැත. සොරකමට භාජනය වූ නිවැසියන්ට හරි සතුටුය. නලීන්ට ඊටත් වඩා සතුටුය. ඒ…. තමාගේ අනු දැනුම යටතේ සේවය කරන රෙජී ඉතා සාර්ථක ලෙස සොරා අල්ලාදීම නිසාය.

මෙම සොරකම කළ පුද්ගලයාට ස්ථිර රැකියාවක් නැත. මේෂන් වැඩ, කුලී වැඩ ආදියේ යෙදෙමින් බීමට ඇබ්බැහිව සිටින මොහු එක් දරු පියෙකි. බේබදු කම නිසා හරිහම්බ කරන මුදල ජීවත් වීමට ප්‍රමාණවත් නැත. එබැවින්…. අමතර ආදායමක් සොයා ගැනීම සඳහා ඔහුගේ අතිරේක රැකියාව වන්නේ සොරකමයි. බිරිය අසල නිවෙසක වැඩට යන්නේ ද පුරුෂයාගේ නාස්තිකාරකම නිසාය.

එහෙත්… සැමියා හොරකමේ යන බව බිරිය දැන සිටියේ නැත. එදින අලුයම් කාලයේ හොරකමේ ගොස් සැමියා රූපවාහිනී යන්ත්‍රයක් රැගෙන ආ බව ද ඇය දැන සිටියේ නැත.

තක්‍ෂිලා ජයසේකර – දිණමින පුවත්පත

Check Also

පෙම්වතා විවාහ කර ගන්න ඕනි නිසා පෙම්වතා අතවර කළා යෑයි පොලිසියට බොරු පැමිණිල්ලක්‌ කරලා

සිය පෙම්වතා විසින් තමන් දූෂණය කළ බවට බොරු පැමිණිල්ලක්‌ කළ තරුණියක්‌ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!