page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / saitm / සයිටම් විරෝධී රැලිය ඇරැඹෙයි, නුගේගොඩ පාරවල් වැසේ..

සයිටම් විරෝධී රැලිය ඇරැඹෙයි, නුගේගොඩ පාරවල් වැසේ..

-පස්වරු 6.26
අලුත් පරපුර සංවිධානයේ සුදන්ත මාධව මහතා රැලිය අමතයි.

-පස්වරු 6.04
අන්තරේ වැඩ බලන කැඳවුම්කරු මංගල මද්ධුමගේ රැලිය අමතයි.

-පස්වරු 5.57
මාධ්‍ය සේවක වෘත්තී සමිති සම්මේලනයේ ධර්මසිරි ලංකාපේලි මහතා රැලිය අමතයි.

-පස්වරු 5.49
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ සභාපති වෛද්‍ය හේමන්ත ද සිල්වා මහතා සභාව අමතයි.

-පස්වරු 5.43
ලංකා සම සමාජ පක්ෂය වෙනුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ මහතා රැලිය ඇමැතීය.

-පස්වරු 5.37
සමස්ත ලංකා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය ගිශාන්ත දසනායක මහතා රැලිය අමතයි.

-පස්වරු 5.27
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව මහතා රැලිය අමතයි.

-පස්වරු 5.20
එක්සත් සමාජවාදී පක්ෂයේ ශ්‍රීනාත් පෙරේරා මහතා රැලිය අමතයි.

-පස්වරු 5.11
රජයේ ආයුර්වේද වෛද්‍යවරුන්ගේ සංගමය නියෝජනය කරමින් වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා සභාව අමතයි.

-පස්වරු 5.03
ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහතා රැලිය අමතයි.

-පස්වරු 4.48
පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා රැලිය අමතයි.

-පස්වරු 4.41
ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සභාව ඇමැතීය.

-පස්වරු 4.30
රජයේ දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් වෛද්‍ය චන්දන ජයකොඩි මහතා සභාව අමතරයි.

-පස්වරු 4.24
ලංකා වෙළඳ කාර්මික සංගමයේ සිල්වෙස්ටර් ජයකොඩි මහතා සභාව අමතයි.

-පස්වරු 4.17
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා රැලිය අමතයි.

-පස්වරු 4.08
ජාතික හෙළ උරුමය වෙනුවෙන් එහි සම සභාපති හැඩිගල්ලේ විමලසාර හිමියෝ සයිටම් විරෝධී රැලිය අමතති.

…………………………………………..

සයිටම් විරෝධී පාගමනක් හේතුවෙන් නුගේගොඩ හයිලෙවල් මංසන්ධියේ සිට පාගොඩ පාර දක්වා ස්ටැන්ලි තිලකරත්න මාවත මේ වන විට වසා දමා ඇත.

එම හේතුවෙන් නුගේගොඩ සහ අවට ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් පවතී.

සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බල කෙරෙන රැලිය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග ශාලාවේදී ආරම්භ විය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්මේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ, ලාල් කාන්ත, දුමින්ද නාගමුව, චමීර කොස්වත්ත, චාපා බණ්ඩාර, ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින්, ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු විශාල පිරිසක් රැස්වීමට සහභාගී වීසිටිති.

හැඩිගල්ලේ විමලසාර හිමි, බද්දේගම සමිත හිමි ඇතුළු ස්වාමීන්වහන්සේලා රැසක් ද සහභාගී වී සිටිති.

Check Also

සයිටම් ජනසතු නොකළොත් අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් අතලග | ViDEO

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් ලබන සතියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!