page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / Rajitha Senaratne / මහ නාහිමිවරු ව්‍යවස්ථාවක් එපා කීවත් රජය කටයුතු කරන්නේ ලක්ෂ 62ක ජන වරම අනුවයි

මහ නාහිමිවරු ව්‍යවස්ථාවක් එපා කීවත් රජය කටයුතු කරන්නේ ලක්ෂ 62ක ජන වරම අනුවයි

නව ව්‍යවස්ථාව සමග ගැටෙන්නට පෙර එය කෙටුම්පත් කරන තුරු සිටින ලෙසත් මහනාහිමිවරුන් ව්‍යවස්ථාවක් එපා යැයි කීවද රජය කටයුතු කරන්නේ හැට දෙලක්ෂයක ජනවරමට අනුව බවත් සෞඛ්‍ය අමාත්‍ය සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා පැවසීය.

එමෙන්ම ව්‍යවස්ථාව හදන්නේ එය ගේන්නට මිස බල බලා සිටින්නට නොවන බවද ඔහු අවධාරණය කළේය.

සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (05දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

මීට ප්‍රථම ගෙනෙන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ජනතා මතයෙන් තොරව සම්මත කරගනු ලැබුවද මෙවර පළමුවරට ජනාධිපති බලතල වෙනත් අයට පවරන්නට ව්‍යවස්ථාවක් ගෙන ඒමට පියවර ගනිමින් සිටියද එම ව්‍යවස්ථාව එපා කියන්නේ යැයිද ඔහු සඳහන් කළේය.

නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් මතෛක් කිසිදු එකඟතාවකට පැමිණ නැති බවත් එක් එක් පක්ෂවල මතය පමණක් ප්‍රකාශ වී ඇති බවත් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා එහිදී සඳහන් කළේය.

රටට අවශ්‍ය පුළුල් ව්‍යවස්ථාවක් සෑදීමේ කාර්යය රජය භාර ගන්නා බවත් ජනතා මතය ගොඩනැංවිය හැක්කේ ඇතුළේ කතාබහෙන් මිස එළියේ කරන කතාබහෙන් නොවන බවද ජයසේකර මහතා සඳහන් කළේය.

Check Also

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!