page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / වැඩිහිටියන්ට සුදුසු රූපවාහිනී වැඩසටහන් බැලූ අයියා 09 හැවිරිදි සිය නැගණියට කළ බිහිසුනු අපරාධය

වැඩිහිටියන්ට සුදුසු රූපවාහිනී වැඩසටහන් බැලූ අයියා 09 හැවිරිදි සිය නැගණියට කළ බිහිසුනු අපරාධය

රූපවාහිනී වැඩසටහනක් බලා ඒ අනුව සැළසුම් කර තම නැගණිය ඝාතනය කල 11 හැවිරිදි දරුවකු පිළිබදව පකිස්ථානයේ ලාහොර් නුවරින් වාර්තා වෙනවා.

මෙම ඝාතනය සිදුකල 11 හැවිරිදි දරුවා අබ්දුල් රහමාන් වන අතර ඔහුගේ නැගණිය 09 හැවිරිදි දැරියක්.

මොවුන් දෙදෙනා සිය මිත්තණිය සමග නිවසේ වාසය කර ඇති අතර මෙම ඝාතනයට හේතු වී ඇත්තේ බහින්බස්වීමක්.

ඝාතනයට ලක්වුනු දැරිය තම සොහොයුරාගේ අත්අකුරු අවලස්සනයි කියලා ඇති අතර මේ සම්බන්ධයෙන් මොවුන් දෙදෙනා රණ්ඩු වී තිබෙනවා. මෙම හේතුව මුල් කරගෙන අබ්දුල් තම නැගණිය ඝාතනය කිරීමට සැලසුම් සකස්කර තිබෙනවා.

දිනක් මිත්තණිය නිවසින් එලියට ගිය පසු මොහු ඇඳුමක් ගෙන ඒ මගින් නැගණියගේ ගෙල සිරකර තිබෙනවා. පසුව නිවසේ දොරගුළු දමා ඔහුගේ අතද තියුණු ආයුධයකින් කපාගෙන තිබෙනවා.

නිසට පැමිනි මිත්තණිය දොරගුළු දමා තිබෙනු දැක ඒවා විවෘත කිරීමට නොහැකි තැන සැක සිතී පොලිසිය දැනුවත් කර තිබෙනවා. පොලිසිය පැමිණ දොර කඩා බලන විට හමුව ඇත්තේ මිය ගිය 09 හැවිරිදි දැරියගේ සිරුරයි.

පසුව සෝදිසි කිරීමේදී මෙම 11 හැවිරිදි සොහොයුරා සැගව සිටිනු දැක පොලිසිය විසින් ප්‍රශ්න කිරීමේදී සිද්ධිය අනාවරණය වී තිබෙනවා.

පසුව සැකකාර දරුවා පවසා ඇත්තේ ඝාතන පිලිබදව විකාශය වන ඉන්දියානු වැඩසටහනක් නැරඹීමෙන් පසු එහි තිබු ආකාරයට මෙම ඝාතනය සැලසුම් කල බවයි.

කෙසේ වෙතත් ඝාතනයන් හා ඝාතන සිදුවන අයුරු දැක්වෙන එම වැඩසටහන මගින් සමාජයට සේවයක් වන බව පෙන්වන විදෙස් මාධ්‍ය මත පල කරන්නේ මෙම වැඩසටහන් වැඩිහිටියන්ට සීමා විය යුතු බවයි.


-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

Check Also

පෙරහරේ මොනර නැටුම නැටූ අක්ක නගෝ බොර කකුල් අයියා එක්ක අමුතු නැටුමකුත් නටලා

රුහුණු මාගම් පත්තුවේ ගමක ජීවත් වූ අක්ක නගෝ දෙදෙනෙකි. අක්කාගේ වයස අවුරුදු පහළොවකි. නංගිගේ වයස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!