page hit counter
Monday , December 18 2017
Breaking News
Home / උණුසුම් පුවත් / school girl sad story / ලිංගික අපචාරවලට ලක්වන දියණියන්ගේ ශෝචනීය ඉරණම

ලිංගික අපචාරවලට ලක්වන දියණියන්ගේ ශෝචනීය ඉරණම

පසුගිය දා ජාතික පුවත්පතක මුල් පිටුවේ පලවූ සිරස්තලයක් අනුව මෙම ලිපිය සැකසීමට මා සිතුවේ අද වනවිට බාලවයස්කාර ගැහැණු දරුවන්ට අත් වී ඇති ශෝචනීය ඉරණම නිසා සිදුවන ආනිශංසය ඔබට පවසන්නටයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන අන්දමට 2015 ස්තී‍්‍ර දූෂණ, පැමිණිලි 1854 වාර්තා වී ඇති අතර එයින් 80%ක්ම අවුරුදු 16 අඩු දැරිවියන්ය. දණ්ඩ නීති සංග්‍රහය අනුව වයස අ.වු 16 අඩු දැරිවියක් සිය කැමැත්තෙන් හෝ පිරිමියෙක් සමඟ ලිංගිකව එක් වූයේ නම් එය සැලකෙන්නේ ස්ත්‍රී දූෂණයක් ලෙසය.

හෙට දිනයේ විකසිත වන්නට පෙරුම් පුරා සිටින මේ යෞවනයේ මල් කැකුළු මෙලෙස තලා පෙලා සුනුවිසුනු කර දමන්නට සැහැසී වූවන්ට දෙන දඬුවම කුමක්ද? ළමා අපචාරවලට ලක් වී ලිංගිකව දූෂණ වී ඇති දියණියන් දෙස බැලූ විට තත්ත්වය අතීශයින් කණගාටුදායකය.

-හෝමෝර්න සක්‍රීයත්වය

වසර 12, 13 වනවිට දැරිවියක මල්වර වන්නේ කෙදිනක හෝ ඇය මවක් වන බව ජීව විද්‍යාත්මකව ලොවට කියා පාමිනි. හෝර්මෝන සක්‍රීයත්වය ආරම්භ වන මේ සමයේ දරුවන් තුළ ලිංගිකව පිපිදීමක් ඇති වන සමයයි. එබැවින් මව්පියන් හා වැඩිහිටියන් විසින් ඇයට නිසි ආරක්ෂාව හා නිසි මාර්ගෝපදේශකත්වය ලබා දීම ඇය කෙරෙහි දැඩි අවධානයෙන් සිටීම ලිංගික අපචාර වලින් ඇය ගලවා ගැනීමට තිබෙන හොඳම පියවරයි.

වර්තමානයේ බාලවයස්කාර දැරිවියන් සිය ඥාතීයෙකු (පියා, සීයා, සහෝදරයා හෝ සල්ලාලයෙකු) අතින් දූෂණයට ලක් වූ විට පුද්ගලයා හැදින්විය යුත්තේ ස්ත්‍රී දූෂකයෙකු ලෙසය. එය දණ්ඩ නීති සංග්‍රය යටතේ බලවත් වරදකි. එබැවින් ඔවුන්ට කිසි විටෙක නීතියේ රැහැනින් පැන යාමට ඉඩ නොතැබිය යුතුය. තමන්ගේ ලිංගික ආශාවන් සංතර්පනය කර ගැනීමට කුඩා දියණියකු බිලි ගන්නා පාපතරයන්ට නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක වුවහොත් එය කොතරම් යහපතක්ද?

-උතුම් වූ මව් පදවිය

කාන්තාවක් යනු අනාගතයේ උතුම් වූ මව් පදවිය ලබන්නට වරම් ලද එකම තැනැත්තියයි. ජීවිතයක් බිහි කිරීමේ ශ්‍රේෂ්ඨ කර්තව්‍ය හිමි වී ඇත්තේ කාන්තාවට පමණයි. එබැවින් අනාගතයේදී මවක් වන්නට සූදානම් වන කාන්තාව කුඩා අවදියේදීම රැක ගැනීම ඔබ සැමගේ යුතුකමයි. වෛද්‍ය නිර්දේශය අනුව ජීවවිද්‍යාත්මකව අවුරුදු 22 ට පෙර ගැබ් ගැනීම අවදානම් තත්ත්වයකි. සංකූලතා රාශියකට මුහුණ දීමට සිදුවන අතර මාතෘ මරණ බොහොමයක් ඇති වීමට ද තිබෙන ඉඩකඩ වැඩිය. ලාබාල දැරිවියන්ගේ සිරුරේ ඉන්ද්‍රියයන් දරු ප්‍රසූතියකට සූදානම් වී නොමැත. එබැවින් දැරිවියක් මවක් වීමේ ලකුණු පහළ වූ පසු දැරිවියට සිදුවන්නේ තවත් දැරිවියක් කුසේ තබා ඇති දැඩි කිරීමටයි. ගර්භනී මවක් සිටිය යුත්තේ යහපත් චිත්ත ස්වභාවයකිනි. නමුත් අපචාරයට ලක් වූ දැරිවියන් සිටින්නේ නිරන්තරයෙන් වික්ෂෝපයෙනි. එය කුස තුළ සිටින දරුවාට තදින්ම බලපානු ඇත. තවද ගර්භනී මවක් පෝෂ්‍යදායී ආහාර හා අතිරේක පෝෂණය ලබා ගත යුතුය. මෙලොවට බිහි කරන දරුවාට නිසි පෝෂණයක් නොලැබී අඩු බර දරු උපතක් හෝ අංග විකල දරුවෙකු, මානසික පීඩාවට ලක් වූ දරුවෙකු වීමට බොහෝවිට ඉඩ ඇත.

-ආත්ම ගරුත්වය

දියණියගේ ආත්මගෞරවත්වය පැත්තෙන් ගත් කළ දියණියට බිහිකිරීමට සිදුවන්නේ උප්පැන්නේ පියාගේ නම සඳහන් නොමැති දරුවෙකි. එවිට මෙලොව උපදින දරු පැටියාට උරුම වන්නේ අප්පෙක් නැති දරුවෙකු යන අපකීර්ති නාමයයි. මෙය දරුවාගේ අනාගතයට විශාල කැලලකි. ලෝක අපවාදයෙන් බේරීමක් නැත.

අපචාරයට ලක් වූ පාසැල් යන දියණියගේ අනාගතය ශෝකාලාපයකි. ඇයට කිසිවිටෙක නැවතත් පාසැල් මෑණියන්ගේ පහස ලැබීමට නොහැක. ඒ සමඟම අධ්‍යාපනයක් නොමැති ඇගේ අනාගතය බිඳ වැටී උගත් කම පස්සා දොරෙන් පැන යයි. සමාජයට, යහළුවන්ට, අසල්වැසියන්ට මුහුණ දීමට නොහැකිව වේදනාවත්, කදුළ උරුම කර ගනිමින් ජීවත් වන ඇය ඇතැම් විට දෙමාපියන් සමඟ එක්වී දරු ගැබ විනාශ කිරීමට පෙළඹේ.

-නිති විරෝධී ගබ්සාව

නමුත් ලංකාවේ නීතිය අනුව ගබ්සාවට ඉඩක් නැත. එය නීති විරෝධිය. ගබ්සාව සිදු කරන වෛද්‍යවරයා හෝ ගබ්සාව සිදු කරනු ලැබූ තැනැත්තිය නීතිය ඉදිරියේ වරදකරුවෙකු වේ. මෙලොව එලිය දකින්නට පෙරුම් පුරා සිටින ජීවියෙකුගේ ජීවිතය විනාශ කිරීම බරපතල අපරාධයකි. බාලවයස්කාර දැරිය ගබ්සාවට ලක් කිරීමේදී අධික ලෙස රුධිරය වහනය වීම නිසා අවසානයේදී ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදු වේ. එසේත් නොමැති නම් ආසාදන, සංකූලතා ඇතිවිය හැකියි.

-HIV වෛරසය

අවසානයේ ලිංගික අපචාරයන්ට ලක් වූ දියණියන්ට සිදුවන්නේ ලොව පැරණිම වෘත්තිය වන අභිසාරුලියන් ලෙස ගණිකා වෘත්තියේ නියෙලෙමින් සලෙලුන්ට පහස දී මහ මඟට වැටෙන්නටය. සෞඛ්‍යමය වශයෙන් තවත් එක් භයානක ප්‍රතිඵලයක් ඇයට දායද වේ. ඒ HIV මාරයා ඇයව වැළඳ ගැනීමයි. ඇයගෙන් පහස විදීමට පැමිණි සල්ලාලයින්ටද අවසානයේ තිළිණ වන්නේ HIV වෛරසයයි.

දීප්ති ෆොන්සේකා – දිනමිණ

හැමෝටම බලන්න පහතින් share කරන්න

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!