page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / උණුසුම් පුවත් / බඹරුන්ගෙන් සීයගේ පණ බේරන්න ගිය පුංචි කවිෂට අත් වූ කේදණීය ඉරණම

බඹරුන්ගෙන් සීයගේ පණ බේරන්න ගිය පුංචි කවිෂට අත් වූ කේදණීය ඉරණම

ගිරාදුරුකෝට්ටේ බතලයාය දුන්කොළවත්ත ගම්මානයේ සිව්හැවිරිදි දරුවෙකු ඉකුත් 04 වැනි දින බඹර ප්‍රහාරයකට ලක්වී ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු දහවල් 1.30ට පමණ මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ගිරාදුරුකෝට්ටේ බතලයාය දුන්කොළවත්ත ගම්මානයේ පදිංචි කවිෂ තුසිත කුමාර නම් සිව් හැවිරිදි දරුවෙක්.

මියගිය දරුවා අක්කර 80 ගම්මානයේ සිය මිත්තනියගේ නිවසේ තම පියා හා මුත්තා සමග වත්තේ ගම්මිරිස් කැඩිමට එක්ව සිට තිබෙනවා.

මුත්තා ගම්මිරිස් වැලකට ඉනිමග හේත්තු කරනවාත් සමගම එහි සිටි බඹරුන් ඇවිස්සී මුත්තා හට අනින්නට පටන් ගැනිමත් සමගම මුත්තා බිම පෙරලි බේරිමට උත්සා දරා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරේ.

බිම පෙරලි දගලමින් සිටි මුත්තා බේරාගැනිමට පුංචි කවිෂ දිවගොස් ඇති අතර ඒ සමගම බඹරුන් පුංචි පුතු වට කර දෂ්ඨ කර තිබෙනවා.

බඹර දෂ්ඨකිරිමට ලක්වු මුත්තා හා කවිෂ මහියංගණ මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු දැඩි සත්කාර ඒකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී පුංචි කවීෂ මියගියා.

සියා බේරාගැනිමට දිවගොස් දිවි අහිමි වු පුංචි කවිෂ ලබන වසරේ පෙරපාසැල් යෑම සදහා සුදානමින් ඇගිලි ගනිමන් සිටි පුංචි සිගිත්තෙක්.

පුංචි කවිෂගේ අවසන් කටයුතු ඊයේ (06) බතලයා දුන්කොල වත්ත ගම්මානයේදී සිදු කෙරුණා.

Check Also

මොවුන් ගැන තොරතුරක් දන්නවානම් වහාම දැනුම් දෙන්න – පොලීසිය ඔබේ සහය පතයි

ගම්පහ රෝහල අසළදී මෝටර් රථයක් තුළ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි 03 ක් සොයාගැනීමේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!