page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Ranil wickremesinghe / “බුදු දහමට හිමි ස්ථානය අහිමි කරන්නේ නෑ” – අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී කියයි

“බුදු දහමට හිමි ස්ථානය අහිමි කරන්නේ නෑ” – අගමැති රනිල් පාර්ලිමේන්තුවේදී කියයි

අලුත් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම සඳහා ස්‌ථාපිත කළ ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුවේ සභාපති ධුරයේ තමන් සිටිනතාක්‌ බෞද්ධාගමට ප්‍රමුඛස්‌ථානය හිමිවන නවවැනි වගන්තිය ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවෙන් ඉවත් නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව පසුගිය 28 දා දකුණු අප්‍රිකාවේ ව්‍යවස්‌ථා විශාරදයන්ගේ සහභාගිත්වයෙන් බණ්‌ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති සම්මන්ත්‍රණයේදී බෙදා හරින ලද වාර්තාවක බුද්ධාගමට ඇති ප්‍රමුඛස්‌ථානය නව ව්‍යවස්‌ථාවෙන් අහිමි කරන බව සඳහන් කර ඇතැයි ඒකාබද්ධ විපක්‌ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කළ ප්‍රකාශයත් සමඟ සභාව තුළ ඇති වූ උණුසුම්කාරී විවාදයේදී අගමැතිවරයා මේ බව කීවේය.

මෙහෙයුම් කමිටුව මෙතෙක්‌ එවන් වාර්තාවක්‌ සකස්‌ කර නොමැති තත්ත්වයකදී මෙසේ වාර්තාවක්‌ එම සම්මන්ත්‍රණයේදී බෙදා හැරියා නම් එය වරදක්‌ බවද ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

මේ අවස්‌ථාවේදී අගමැතිවරයා වහා සභා ගැබෙන් පිටව පාර්ලිමේන්තු සංකීර්ණයේ සිවුවන මහලේ ඇති ව්‍යවස්‌ථා මෙහෙයුම් ලේකම් කාර්යාලයට ගොස්‌ අදාළ සම්මන්ත්‍රණයේදී බෙදා හරින ලද ලේඛන දෙකක්‌ සහ කමිටු හයක වාර්තා රැගෙනවිත් සභාගත කළේය.

අගමැතිවරයා – මම මෙහෙයුම් කමිටු ලේකම් කාර්යාලයට ගිහින් දැන් මේ ගැන සොයා බැලුවා. ඔවුන් එදා වාර්තා දෙකක්‌ සම්මන්ත්‍රණයේදී බෙදා තිබෙනවා. ඒවා අතර, ඔය කියන වාර්තාව නෑ. මම ඔය වාර්තාව ගැන සොයා බලන්නම්.

දිනේෂ් ගුණවර්ධන මහතා – අගමැතිතුමා කලබල විය යුතු නෑ. මම වාර්තාව දෙන්නම්. ඒක එදා බෙදලා තියෙනවා.

අගමැති – මම හොයලා බලන්නම්. මම සභාපති ධුරයේ ඉන්නා තුරු බුද්ධාගමට හිමි තැන ව්‍යවස්‌ථාවෙන් ඉවත් කරන්න දෙන්නේ නෑ. නමුත් සියම් නිකායේ මල්වතු පාර්ශ්වය කඩනවා කියලා ඒ කාලේ තර්ජනය කරද්දී කී දෙනෙක්‌ ඒ ගැන කතා කළාද?

දිනේෂ් ගුණවර්ධන මහතා – බී. එම්. අයි. සී. එච්. එකේ තිබුණ සම්මන්ත්‍රණයේදී අගමැති පිටව ගිය පසුවයි මේ ලේඛනය බෙදුවේ.

අගමැති – ස්‌ථාවර නියෝග අනුව මෙහෙයුම් කමිටුවට විතරයි ව්‍යවස්‌ථාවට අදාළ වාර්තා දෙන්න පුළුවන්කම තියෙන්නේ. නමුත් කමිටුව එවැනි වාර්තාවක්‌ දාලා නෑ. (විපක්‌ෂ මන්ත්‍රීවරු කෑ ගසති.)

අනුර කුමාර දිසානායක – මෙහෙයුම් කමිටුව එකඟතත්වයකට ආවේ නෑ වාර්තාවක්‌ ඉදිරිපත් කරන්න. එහෙම තියෙද්දි වෙනත් ස්‌ථානයක මෙවැනි ලේඛනයක්‌ බෙදුවා නම් වැරදියි.

අගමැති – කොහොම වුණත් බුද්ධාගමට හිමි ප්‍රමුඛ තැන සංශෝධනය කරන්න කියලා කවුරුත් කියලා නෑ. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් මමත් එකඟ වෙලා තියෙනවා බුද්ධාගමට හිමි ප්‍රමුඛස්‌ථානය ව්‍යවස්‌ථාවෙන් ඉවත් නොකරන බවට.

Check Also

“ආගම්වලට ජාතීන්ට එරෙහිව ප්‍රචණ්‌ඩ ක්‍රියා බැහැ” අගමැති රනිල් අනතුරු හඟවයි

කිසියම් ජනවර්ගයකට හෝ ආගමකට විරුද්ධව ප්‍රචණ්‌ඩ ක්‍රියාවල නිරතවන අය අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්‌ඩුව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!