page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / Marriage life / සෙක්ස් හරියට search කරමු. වැරැද්ද තියෙන්නේ අපේද? නැත්නම් වචනෙ ද?

සෙක්ස් හරියට search කරමු. වැරැද්ද තියෙන්නේ අපේද? නැත්නම් වචනෙ ද?

ආයෙත් පාරක් Sex search කිරීමෙන් ලෝකේ අංක එක වෙන්ඩ අපේ අන්තර්ජාල පාරිභෝගිකයො ටික සමත් වෙලානේ ඉන්නේ. ඒ කියන්නෙ මේක දැන් අන්තර්ජංජාලයක්. අඩුම තරමේ Pornography හරියට search කරන්නවත් දන්නැතිකම තමයි ඒ. ස්වභාවයෙන් හම්බවෙන ලිංගික කුතුහලයයි අඩු ඉංග්‍රීසි දැනුමයි එකතු වුණාම නතර වෙන්නෙ ඔතන.

දැන් හෝමාගම උන් ටික ඕකට Bite වුණාට අපි රටක් හැටියට ඉන්නෙ එතනනම් අපේ රටේ ලිංගිකත්වය ගැන දැනුම සහ ලිංගික හැසිරීමෙන් ලබන සංතෘප්තිය ගැන දෙපාරක් හිතන්න වෙනවා.හැබැයි සමාජෙට ගියාම නම් අපේ පිරිමි තරම් සැප දෙන්ඩ දක්ෂ උන් ලොවෙත් නෑ. එහෙව් රටක ගැහැනුන්ගෙන් 90% ක් විතර ජීවිතේ කවමදාකවත් climax වෙන්නෑ කිව්වොත්? (පත්තරයක දැක්කෙ හොඳේ)

මට හිතෙන්නේ මෙතන තියෙන්නේ ලිංගික දැනුම ලබා ගන්න එක පිළිබඳ ප්‍රශ්නයක්. සාපේක්ෂව බුද්ධිමත් කැම්පස් කොල්ලෙක්ගෙන් කෙල්ලෙක්ගෙන් ඇහුවොත් කොන්ඩම් එකක් use කරන්නේ කොහෙමද කියලා අපිට බලා ගන්ඩ පුළුවන් අපි ඉන්නෙ කොතනද කියලා. 9 වසරෙ සෞඛ්‍ය පොතෙන් ප්‍රජනනය පාඩම ඉගැන්නුවා තමයි.

ඒක ඒ වයසට ගැලපුණාත් තමයි. හැබැයි ඊට පස්සෙ practically ඕවා කරද්දී අදාළ දැනුම ගන්නෙ කොහෙන්ද? වැඩේ තියෙන්නේ සමහර පාසල්වල ඔය පාඩම හරියට උගන්නන්නෙත් නෑ. විශේෂයෙන්ම මිශ්‍ර පාසල්වල .

අපි 9 වසරෙ හිටියෙ 2002 අවුරද්දෙ. සහ අපිට ‍සෞඛ්‍ය විෂය කරේ කළුගම්පිටිය සර්.දැන්නම් එතුමා Trinity එකේ මං හිතන්නේ.සර් ඒ කාලේ කොල්ලා. ඒ නිසාම අදාළ පාඩම සුපිරියටම ඉගැන්නුවා. කොල්ලන්ට chit යවන්ඩ, ඕනෙ මඟුලක් අහන්ඩ chance එකත් තිබුණ එකේ පාඩම boring නැතිව ගලාගෙන ගියා.ඒ පාඩම වෙනුවෙන් සර් වගේම අපි කොල්ලො ටිකත් නිවාඩු කාලෙන් දවසක් කැප කරා.(අන්න ගුරුවරු) පාසල් නිවාඩුව නිසා ගුරුවරියොත් නැති එකේ 9 වසරේ පන්ති 5ම එකට එකතු වෙලා Notes මොකුත් නැතිව Seminar එකක් විදිහට දවසම ගතවුණා.

ඒ තමයි අපි ඉගෙනගත්තු විදිහ.පිරිමි පාසලක් නිසා කිසිම අවුලකුත් නෑ.මේ විදිහටම බාලිකා පාසල්වලත් උගන්නන්න පුළුවන්. අද කාලෙටනම් Multimedia එහෙමත් use කරන්නත් පුළුවන්. ප්‍රශ්නෙ බලපාන්නෙ මිශ්‍ර පාසල්වලටනේ. ඒවාටත් ඕනෙ නම් පිරිමි දරුවො ටික වෙනමයි ගැහැනු දැරිවියො ටික වෙනමයි අරන් උගන්නන්නත් පුළුවන්. බැරිකමකුත් නෑ.

මෙතනින් එහාට තියෙන්නේ මගේ යෝජනාව.සා.පෙළ කරන කාලෙට ඒ දැනුම ඇති කියමුකො. ඒත් ඊට පස්සෙ A/L කරලා එළියට යන ළමයටත් තියෙන්නේ ඒ ලිංගික දැනුම නම් එතන ප්‍රශ්නයක්.එතනින් එහාට මිනිස්සු විවාහ වෙනවා. විවාහයට පෙර ලිංගික සබඳතා ඇති වෙනවා.

හැබැයි ඒ කොල්ලා කෙල්ලන්ට විධිමත් දැනුමක් නෑ. ඉතින් අනිවාර්ය ප්‍රතිඵලය තමයි අවිධිමත් දැනුමක් ලබන්න Sex search කරන එක.(එකම හේතුව නෙවෙයි.) නැතත් මේ බැලිල්ලෙන් වෙන්නේ අස්වාභාවික වගේම විකෘති හැසිරීම් ටිකකුත් නොමිලේම ඔළුවට වැටෙන එක.

ඉතින් නරකද දියුණු සෞඛ්‍ය ‍සේවයක් තියෙන රටක් වෙලා ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න එක.හිතමුකො මෙහෙම.(දන්න කියන නුවරම ගන්නම්). A/L ළං වෙලා ඉස්කෝලෙ හැර යන්න ඉන්න ළමයි ටික තමයි ඉලක්කය.නුවර Town එකේ පිරිමි පාසල් ළමයි ටික ගෙන්නනවා ධර්මරාජෙ හරි ඇන්තනීස් එකේ හරි Auditorium එකකට. නුවර hospital එකෙන් ගෙන්නනවා doctorsලා nurseලා සෙට් එකක්. Multimedia ද, අරකද මේකද හැමදේම පාව්ච්චි කරලා හොඳ seminar එකක් දෙනවා තරුණ ළමයි ටිකට. ලිංගිකත්වය මොකක්ද, අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වැළකෙන්නෙ කොහොමද?, උපත් පාලන ක්‍රම මොනවද?, ලිංගික රෝග මොනවද ? වගේ දේවල්. මේ විදිහටම ගැහැනු ළමයි ටිකටත් ඒ දැනුම දෙන්න පුළුවන්. ඉතින් අඩුම තරමේ පාසලෙන් එළියට එද්දි හරිහමන් ලිංගික දැනුමක් තියෙන උන් ටිකක්වත් එළියට එයි. සරල අදහසක්.(ප්‍රායෝගික නැද්ද මංදා.)

ඔය මොනවා කරත් රටේ බහුතරයක් sex search කරන්නේ ලිංගික දැනුම හොයන්ඩ නෙවේ. එතන තියෙන්නේ අසහනය, වගේම ලිංගික පීඩනය වගේ දේවල්. ගැහැනියක් එක්ක sex කරන්න බැරිනම් හෝ පිරිමියෙක් එක්ක sex කරන්න බැරිනම්… අවස්ථාවක් නැත්නම්.. අනුන් කරන එකක් හරි බලන එක. ඒක රටේ ප්‍රශ්නයක්, සංස්කෘතියේ ප්‍රශ්නයක්.

hadenakoluwa blog අඩවියේ දිනමිණ පුවත් පතේ පල වූ ලිපියක් ඇසුරින්

Check Also

අනාරක්ෂිත ලිංගික හැසිරීමකින් පසුව ඔබ ක‍්‍රියා කලයුතු නිවැරදිම ක‍්‍රමය මෙන්න.

බොහෝදෙනෙක් විමසනවා ආනරක්ෂිත ලිංගික එකතුවීමකින් පසුව සිදුකල යුත්තේ කුමක්ද කියා. සිදුකරනු ලැබූ එම සිදුවීම් සඳහා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!