page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / ආණ්ඩුව ගෙදර යවන්න මහින්ද රටපුරා වැඩ අරඹයි | ශ්‍රී ලනිප ඇමැති පිරිසක් යහපාලනයෙන් එළියට

ආණ්ඩුව ගෙදර යවන්න මහින්ද රටපුරා වැඩ අරඹයි | ශ්‍රී ලනිප ඇමැති පිරිසක් යහපාලනයෙන් එළියට

වත්මන් ආණ්ඩුව පලවා හැරීමේ අරමුණින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ මාලාවක් මේ මස 22දා සිට අගෝස්තු මස 6දා දක්වා දීප ව්‍යාප්තව පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා වන සියලු කටයුතු සූදානම් කරමින් පවතින බවත් එක් දිනකට දීපව්‍යාප්තව සම්මන්ත්‍රණ 18ක් පැවැත්වෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රචාරක ලේකම් රේණුක පෙරේරා මහතා ඉරිදා “මව්බිම”ට පැවැසීය.

ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් සදහන් කළේ යහපාලන ආණ්ඩුව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ඇමැතිවරු, නියෝජ්‍ය ඇමැතිවරු, මන්ත්‍රිවරු 18 දෙනකුට වැඩි පිරිසක් ඉදිරි තීරණාත්මක අවස්ථා දෙකකදී ඒකාබද්ධ විපක්ෂය හා එක්වීමට නියමිත බවයි.

ශ්‍රී ලනිප ඇමැති පිරිසක් යහපාලනයෙන් එළියට

යහපාලන ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඡන්දයෙන් තේරී පත්වූ මැති ඇමැතිවරුන් පිරිසක් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අභියෝගයක් නොවන අන්දමට ලබන සැප්තැම්බර් මාසයේදී ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කොට තිබේ.

මේ තීරණය ගෙන තිබෙන්නේ දින කිහිපයකට පෙර නියෝජ්‍ය ඇමැතිවරයකුගේ නුගේගොඩ පිහිටි නිවෙසේ පැවැති ශ්‍රී ල.නි.ප. ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැති විශේෂ රහස් සාකච්ඡාවකදීය. එම රහස් සාකච්ඡාවට ඇමැතිවරුන්, රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිවරුන් 12 දෙනකු සහභාගි වී ඇත. ඒ සියලු දෙනාම මහ මැතිවරණයේදී ඡන්දයෙන් තේරී පත් වූ අයයි.

මේ සාකච්ඡාවට සහභාගි වූ රාජ්‍ය ඇමැතිවරයකු “ඉරිදා මව්බිම”ට පැවැසුවේ ජනාධිපතිවරයා අපහසුතාවට පත්නොකර මේ තීරණය ක්‍රියාත්මක කරන බවත්, ජනාධිපතිවරයා ආණ්ඩුවට එකතු වන ලෙසට කළ ඉල්ලීම අනුව එකතු වූ බවත්, ඒ අනුව ආණ්ඩුවෙන් ඉවත්ව යන විට අපි යනවායි ජනාධිපතිවරයා දැනුවත් කර යන බවයි.

ශ්‍රී ල.නි.ප. ය ශක්තිමත් කිරීමත් එ.ජා.ප. ය මුල්වී පත්කරගත් මේ ආණ්ඩුවෙන් බලාපොරොත්තු වූ දේවල් ඉටු නොවීමත් නිසා මෙවැනි තීරණයකට ඒමට එම ඇමැති, නියෝජ්‍ය ඇමැතිවරු තීරණය කර ගත් බවත්, ආණ්ඩුවෙන් ඉවත්ව මේ පිරිස විපක්ෂයේ ස්වාධීන මන්ත්‍රි කණ්ඩායමක් ලෙස පෙනී සිටින බවත් පැවැසූ එම රාජ්‍ය ඇමැතිවරයා ඒකාබද්ධ විපක්ෂයට මේ කණ්ඩායම එකතු විය යුතු බවට යෝජනා අදහස් ඉදිරිපත් වී ඇතත්, ඒ පිළිබඳ තීරණයක් ගෙන නැති බවද කීය.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!