page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / දේශපාලන / වාහන ගන්නයි ගෙවල් හදන්නයි ඇමැතිලා තවත් කෝටි 20ක්‌ ඉල්ලති

වාහන ගන්නයි ගෙවල් හදන්නයි ඇමැතිලා තවත් කෝටි 20ක්‌ ඉල්ලති

ඇමැතිවරුන් කිහිපදෙනකුට අලුතින් වාහන මිලදී ගැනීමට සහ නිල නිවාස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් වැය කළ රුපියල් දහනවකෝටි හැත්තෑ ලක්‍ෂ නවදහස්‌ තුන්සියයක (197,009,300) අතිරේක මුදලක්‌ ඉල්ලා ඊයේ (07 දා) පාර්ලිමේන්තුවට තවත් පරිපූරක ඇස්‌තමේන්තුවක්‌ ආණ්‌ඩුව විසින් ඉදිරිපත් කරන ලදී.

ආණ්‌ඩු පක්‍ෂයේ සංවිධායක, ඇමැති ගයන්ත කරුණාතිලක මහතා මෙම පරිපූරක ඇස්‌තමේන්තුව පාර්ලිමේන්තුවට ගෙන ආවේය.

ඒ අනුව ඇමැතිවරුන් දෙදෙනකුට, නියෝජ්‍ය ඇමැතිවරයකුට, උතුරේ ආණ්‌ඩුකාරවරයාට, ජනාධිපති කාර්යාලයට සහ විදේශයන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල කිහිපයකට අලුතින් වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් දොළොස්‌ කෝටි දසලක්‍ෂ අනූඅට දහස්‌ හයසියයක්‌ ඉල්ලා ඇත.

විදේශ ඇමැතිවරයාට පසු ගමන් ආරක්‍ෂක රථයක්‌ සඳහා රුපියල් අනූලක්‍ෂයක්‌, මහවැලි සංවර්ධන නියෝජ්‍ය ඇමැතිවරයාට වාහනය සඳහා රුපියල් හාරකෝටි තිස්‌ ලක්‍ෂයක්‌, තැපැල් හා තැපැල් සේවා ඇමැතිවරයාට වාහනයක්‌ සඳහා රුපියල් හාරකෝටි තිස්‌ලක්‍ෂයක්‌, උතුරු නැගෙනහිර ආණ්‌ඩුකාරවරයාට මිලදී ගත් වාහනයක ඉතිරි මුදල සඳහා රුපියල් අටලක්‍ෂ හතළිස්‌ අටදහස්‌ හාරසියයක්‌, රෝමය, සීෂෙල්ස්‌, සිංගප්පූරුව, නයිරෝබි හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලවලට වාහන මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් එක්‌කෝටි තිස්‌අට ලක්‍ෂ පනස්‌ නව දහසක්‌, ඕමාන් සහ බීජිංහි මෙරට තානාපති කාර්යාලවලට වාහන මිලට ගැනීම සඳහා වැය කළ රුපියල් එක්‌කෝටි හයලක්‍ෂ අසූපන්දහසක්‌ මෙන්ම ජනාධිපතිවරයාගේ තැපැල් බෙදාහැරීමට භාවිත කිරීම සඳහා ත්‍රිරෝද රථයක්‌ මිලට ගැනීම වෙනුවෙන් රුපියල් හත්ලක්‍ෂ හය දහස්‌ දෙසීයක්‌ ඉල්ලා මෙම පරිපූරක ඇස්‌තමේන්තුව ඉදිරිපත් කර තිබේ.

ඊට අමතරව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යවරියගේ නිල නිවස අලුත්වැඩියා කිරීම වෙනුවෙන් රුපියල් එක්‌කෝටි හතළිස්‌ අටලක්‍ෂ අනූදහසක්‌, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නිල නිවස අලුත්වැඩියාව සඳහා රුපියල් එක්‌කෝටි තිස්‌ලක්‍ෂයක්‌, ප්‍රාදේශීය සංවර්ධන ඇමැතිවරයාගේ නිල නිවස අලුත්වැඩියාව සඳහා වැය කළ රුපියල් දෙකෝටි දහඅටලක්‍ෂ විසිපන්දහසක මුදල (සම්පූර්ණ එකතුව රුපියල් හාරකෝටි අනූහත් ලක්‍ෂ පහළොස්‌ දහසක්‌) මෙම පරිපූරක ඇස්‌තමේන්තුව මගින් ඉල්ලා ඇත.

තවද ජනාධිපතිවරයාගේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂවරුන් සඳහා කල්බදු ක්‍රමය යටතේ ලබාදී ඇති වාහනවලට බදු කුලී ලෙස රුපියල් එක්‌කෝටි පනස්‌දෙලක්‍ෂ හැට දහසක්‌, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයට කල්බදු ක්‍රමය යටතේ ගෙන ඇති වාහන සඳහා බදු කුලී ලෙස රුපියල් හැටහත් ලක්‍ෂ හැටදහස්‌ හත්සියයක්‌, සමාජ සවිබල හා සුබසාධන අමාත්‍යාංයේ කල්බදු වාහනවල බදු කුලිය ලෙස රුපියල් ලක්‍ෂ තිස්‌පහක්‌, කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ වාහන සඳහා බදු කුලිය ලෙස රුපියල් හයලක්‍ෂ හැත්තෑපන්දහසක්‌ ද ලෙසින් රුපියල් එක්‌කෝටි හැටඑක්‌ ලක්‍ෂ අනූපන්දහස්‌ හත්සියයක මුදලක්‌ මෙම පරිපූරකයෙන් ඉල්ලා ඇත.

Check Also

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!