page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Gotabaya Rajapaksa / “බඩේ ඉන්න දරුවාට කේන්දර හදන්න එපා” මල්වතු අනුනාහිමි ගෝඨාගේ මුනටම කියයි..

“බඩේ ඉන්න දරුවාට කේන්දර හදන්න එපා” මල්වතු අනුනාහිමි ගෝඨාගේ මුනටම කියයි..

හිටපු ජනාධිපතිවරයා පෙරටු කොට ගත් දේශපාලන බලවේග ව්‍යවස්ථා සම්පාදනයට එරෙහිවීම “හිතේ මවාගත් එකක්” සම්බන්ධයෙන් මතුකරන නොමනා විරෝධයක් බවට මල්වතු අනුනාහිමි නමක් විසින් හිටපු ආරක්ෂක ලේකම් වරයා හමුවේ දෝෂ දර්ශනයට ලක් කරන ලදී.

තවමත් කෙටුම්පත් කොට නැති අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව මහින්ද රාජපක්ෂ ඇතුළු ආණ්ඩු විරෝධී කණ්ඩායම කරන උද්ඝෝෂණය අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම විසින් හඳුන්වනු ලැබුවේ “බඩේ ඉන්න දරුවාට කේන්දර හැදීමක්” ලෙසිනි.

උන්වහන්සේ හිටපු ඒ බව කියා සිටියේ ත්‍රෛනිකායික මහනාහිමියන් ප්‍රමුඛ තමන්ද ඇතුලත් සංඝ නියෝජිත මණ්ඩලයක් අලුතින් ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට විරෝධය පා ජනාධිපතිවරයා හමුවූ දිනට පසුදා මල්වතු-අස්ගිරි නාහිමි වරුන් බැහැ දැකීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහනුවරට ගිය අවස්ථාවේය.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස් සිතේ මවා ගත් දේව්ල අනූව අනිසි ලෙස විරෝධතා දැක්වීම අනුමත කළ නොහැකි බව, මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනාහිමි පවසයි….

Nai-post ni SLRC News noong Sabado, Hulyo 8, 2017

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!