page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / සුව අරණ / පපුවේ සෑම වේදනාවක්ම හෘදයාබාධ නිසා නොවේ, හෘදයාබාධයක් ඇතිවන ලක්ෂණ මෙන්න

පපුවේ සෑම වේදනාවක්ම හෘදයාබාධ නිසා නොවේ, හෘදයාබාධයක් ඇතිවන ලක්ෂණ මෙන්න

පපුවේ ඇතිවන සෑම වේදනාවක්ම හෘදයෙන් උපදින වේදනා නොවේ. පපුවේ මතුපිට ඇති සමෙන්, මස් පිඬුවෙන්, ඉළ ඇටවලින්, ප්ලූරාවෙන් හා පෙනහැල්ලෙන් ඇතිවන වේදනාවන් ද පපුවේ වේදනා ලෙස අපට දැනේ.

තවද හුස්ම ඉහළ පහළ යවන විට වන වේදනාව හෘදයේ වේදනාවක් නොවේ.අල්පෙනිති තුඩෙකින් අනිනා වැනි වේදනාවක්, කඩියකු කන්නා වැනි වේදනාවක් හෘදයේ උපදින වේදනාවක් නොවේ.පපුවේ වම් පැත්තේ ඇතිවන වේදනාව හෘදයේ දෝෂයක් නිසා උපදින්නේ ඉතාම කලාතුරෙකිනි. (මෙය වැදගත් කරුණකි)ක්ෂණයකින් ඇති වී නැති වී යන ඕනෑම වේදනාවක් හෘදය රෝග ලක්ෂණයක් නොවේ.

හෘදයේ වේදනාවක් අඩුම ගණනේ මිනිත්තු කිහිපයක් පවතී.

හෘදයාබාධයක ලක්ෂණ දැන් අපි බලමු

පපුවේ මැද ඇරැඹේ,එය පපුව තෙරපෙන්නාක් බඳුය. මහ බරක් තුබුවාක් වැනිය,ඉතා දැඩිය,වම් අත පහළට හෝ හක්ක දෙසට හෝ විහිදී යා හැකිය,පිට පැත්තේ උරපතු ඇට දෙක අතරට ද යා හැකිය,බඩේ දැවිල්ල ලෙස ප්‍රකාශ විය හැකිය,ඒ හා සමඟම අතුරු රෝග ලක්ෂණ කිහිපයක් ඇතිවිය හැකිය. එනම්(අධිකව දහඩිය දැමීම,වමනය හා ඔක්කාරය,පපුවේ ගැස්ම,හිස කරකැවිල්ල,හුස්ම ගැනීමේ අපහසුව)

හෘදයාබාධ ඇති කිරීමෙහිලා ඇතැම් අවදානම් සාධක වැදගත් බව වෛද්‍යවරුන් අතර පොදු පිළිගැනීමක් ඇත.

එම අනතුරු කාරක සාධක මෙසේය(ප්‍රධාන සාධක)

දුම්පානය, රුධිරයේ අධික කොලෙස්ටරෝල් මට්ටම,ස්ථුලතාව,අධික රුධිර පීඩනය,දියවැඩියාව,කායික ව්‍යායාම මඳ වීම,මානසිකඅසහනය,ජන්ම ප්‍රවේණිය,අප්‍රධාන සාධක ,මෘදු ජලය පානය කිරීම,උපත් පාලන පෙති භාවිතය,අධික කෝපි පානය,උපත් බර අඩු වීම,

මෙම අනතුරු කාරක අවදානම් සාධකවලින් ඈත් වූ තරමට ඔබට හෘදයාබාධයක් වැළැඳීමට පවත්නා අවදානම අඩු වේවි. එබැවින් මේ අනතුරුදායක සාධක අවම කර ගැනීමට පිළිපැදිය යුතු වත් පිළිවෙත් ගැන දැන සිටීම බෙහෙවින් වැදගත් වෙයි.

හෘදයාබාධයක් ඇති වීමට බහු සාධක බලපෑමක් අවශ්‍යය

මෙහි අදහස නම් හෘදයාබාධයක් ඇති වීමට එක් තනි අවදානම් සාධකයක් පමණක් හේතු කාරක නොවේ. කිසියම් පුද්ගලයකු කෙරෙහි අවදානම් සාධක වැඩි සංඛ්‍යාවක් බලපාන්නේ් නම් හෘදයාබාධයක් ඇති වීමේ අවදානම ද වැඩි වෙයි.

බහු සාධකත්වය පුද්ගලයාට බලපාන අයුරු

* සුමනදාස අධික රුධිර පීඩනයෙන් පෙළෙන්නෙකි. ඔහුගේ වයස අවු. 40කි. වයස අවු. 40ට වැඩි පිරිමියකු කෙරෙහි අධික රුධිර පීඩනය පවතී නම් ඒ හේතු කොට හෘදයාබාධයක් වැළැඳීමට ඔහුට ඇති අවදානම තුන් ගුණයකින් ඉහළ යන බව සංඛ්‍යා ලේඛන අනුසාරයෙන් අපි දනිමු.

* පේ‍්‍රමදාස දුම්පානය කරන්නෙකි. ඔහුගේ වයස අවු. 53කි. කිසියම් පිරිමියෙකු දුම්වැටි උරන්නේ නම් ඒ හේතුකොට ගෙන හෘදයාබාධයක් වැළඳීමට ඇති අවදානම තුන් ගුණයකින් වැඩි වන බව සංඛ්‍යා ලේඛන වලින් හෙළි වී ඇත.

* කලණදාස අධික රුධිර පීඩනය ඇත්තෙකි. එමෙන්ම දුම්පානයේ ද යෙදෙන්නෙකි. අධික රුධිර පීඩනය නිසා කලණදාසට හෘදයාබාධයක් ඇති වීමට පවත්නා අවදානම තුන් ගුණයකින් ඉහළය. එසේම දුම්පානය නිසාද එය තවත් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇත. දැන් ඔහුට පවත්නා සමස්ත අවදානම (3 + 3) = 6 ගුණයක් නොව (3 x 3) = 9 ගුණයෙකි.

අවදානම් කාරක සාධක අන්‍යොන්‍ය වශයෙන් තියුණු වන්නේ ගුණිත ක්‍රමයටය.ඒ නිසා යම් පුද්ගලයකු කෙරෙහි අනතුරුදායක සාධක කිහිපයක්ම බලපාන්නේ නම් ඒ තැනැත්තාගේ අවදානම බොහෝ වැඩිය.යම් පුද්ගලයකු කෙරෙහි බලපාන අනතුරුදායක සාධක එකක් පමණක් නම් ඔහුගේ අවදානම අඩුය.යම් පුද්ගලයකු කෙරෙහි බලපාන අනතුරුදායක සාධක නැති නම් ඔහුගේ අවදානම ඊටත් අඩුය. එහෙත් එය ශුන්‍ය නොවේ.අනතුරුදායක සාධක යම් පුද්ගලයකු කෙරෙහි බලපෑමට ඒ පුද්ගලයාගේ ප්‍රවේණිමය ගති ලක්ෂණ ද වැදගත් වෙයි.

මෙය හැමෝටම දැනගන්න පහතින් share කරන්න

Check Also

“චව් චව්” කෑවොත් ගොඩම තමයි මෙහි ඇති විශ්මිත ගුණ මෙන්න

ශාක ඵලවලින් මිනිස් සිරුරට ලැබෙන ‍පෝෂණය මිල කළ නොහැකිය. ඒවායේ අඩංගු විවිධ රසායනිකයන් ලෙඩ රෝග …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!