page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / සුව අරණ / නාසයෙන් ලේ ගලන්නේ කුමන රෝගයක් නිසාද? හැමෝම දැනගන්න ඕන ඇත්ත කතාව මෙන්න

නාසයෙන් ලේ ගලන්නේ කුමන රෝගයක් නිසාද? හැමෝම දැනගන්න ඕන ඇත්ත කතාව මෙන්න

වයස අවුරුදු 42ක් වන මා හට මෑතක සිට නාසයෙන් රුධිරය බිංදු කිහිපයක් ගලා එන්නට පටන් ගැණුනි. විශේෂයෙන් මේ තත්ත්වය පැන නඟින්නේ තද අව්වේ ගොස් ඇවිද ආ පසුයි. අව්වට නිරාවරණය වූණොත් වැඩිවන නිසා පයින් ගමනක් බිමනක් යාමට ද මට අපහසුයි. රුධිරය පිටවන අවස්ථාවේදී නහය පිහිදානවිටදී එය වැඩියෙන් ධාරාවක් ලෙසද යාමට පටන් ගනී. ඒ වගේම සොටු සූරන විටදී ද නහයෙන් රුධිරය පිට වීම ඇති වේ. සෙම්ප්‍රතිශ්‍යාව නැතත් නාසයෙන් රුධිරය පිටවීම සාමාන්‍ය සිද්ධියක් වී ඇත. එක දිගටම සෑම දිනකම නොවුණත් ඉහත සිද්ධීන් වලදී නාසයෙන් රුධිරය පිටවීම මට මහත් බිය ගෙන දෙන්නකි. මේ කුමන රෝග තත්ත්වයක්ද?

අප සෑම කවුරුත් බොහෝ රෝගවලට බියවන්නේ එහි අවසාන ප්‍රතිඵලය දරුණු වීමෙන් සිදුවන හානිය ගැන දන්නා නිසයි. සමහර සුළු ආබාධ අප ගණන් නොගත්තත් යම් අවස්ථාවක ලේ පිටවන අවස්ථාවක් සිදු වුණොත් අපිට බියක් දැනෙන නිසා අප ඒ ගැන සැලකිලිමත් වනවා. එබැවින් යම් රෝග ලක්ෂණයක් ඇතිවනවා නම් වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වීම වඩාත් සුදුසුයි.

රෝගියෙකු බිය වීමත් එම රෝගය උත්සන්න වීමට යම්තාක් දුරට බලපෑමක් එල්ලවන බව කිව යුතුයි. කෙසේ වෙතත් රෝග ලක්ෂණ අනුව තවදුරටත් අප පරීක්ෂා කල යුත්තේ රෝගයට අදාළ මූලික පදනම කුමක්ද කියා සොයා බැලීමටයි. මනස සැහැල්ලුවෙන් තබා ප්‍රතිකාර කර ගැනීමට අප උනන්දුවීම සිදු කළ යුතුයි. ඔබ සඳහන් කළ මේ රෝග තත්ත්වයට හේතුව කුමක්විය හැකිද? අභ්‍යන්තරව පවතින දේවල් පිටතට නිරාවරණය වීම අසාමාන්‍ය බැවින් එය සිරුරේ යම් උපද්‍රවයක ලක්ෂණයක් විය හැකියි. අභ්‍යන්තරිකව පවතින රුධිරය නාසය වැනි ස්ථානයක් තුළින් පිටතට ඒමට නම් යම් රෝග ලක්ෂණයක් හෝ තැලීමකට ලක්විය යුතුයි.

නාසයෙන් රුධිරය පිටවීම රෝගයක්ද?

සිරුර අභ්‍යන්තර ක්‍රියාවලිය සිදුවන ක්‍රමය යම් ක්‍රමවේදයකට අනුව සිදු වේ. එම ක්‍රමවේදයට පටහැනිව හෝ පරිබාහිරව සිදුවීම සාමාන්‍ය තත්ත්වයෙන් සිදුවීමක් නම් නොවේ. ඒ අනුව මෙහිදී රුධිරය පිටවීම ද අස්වාභාවික තත්ත්වයකි. මෙය රෝගයක් ලෙස හඳුනාගත හැකියි. කිසිදු හේතුවක් නැතිව නාසයෙන් රුධිරය පිටවීම ආයුර්වේදයේ ඌර්ධවගත රත්පිත නමින් හඳුන්වයි.

ඌර්ධවගත රත්පිත

මෙම රෝග තත්තවය ඔබ සඳහන් කළ රෝග ලක්ණ මත සිදුවේ. බිංදුවක් වශයෙන්, ධාරාවක් වශයෙන් හෝ කිවිසුම් යාමකදී විසිරී හෝ තදින් නාසය සූරන විටදී රුධිරය පිට වේ. මෙසේ රුධිරය පිටවන අවස්ථාවලදී අප සැලකිලිමත් වීම වැදගත් විය යුතුයි.

ඒ ඇයි?

රුධිරය පිටවන බොහෝ අවස්ථා ඇතත් පිළිකා අවස්ථාවලදී ද රුධිරය පිටවීම මෙහි ඇති භයානකම තත්ත්වයයි. එසේ රුධිරය උණුසුම්ව නාසයෙන් පිට වේ නම් වඩා සැලකිලිමත් වීම වැදගත් වන්නේ ඒ නිසයි.

නාසයෙන් රුධිරය පිටවිය හැකි අවස්ථා

නාසයෙන් රුධිරය පිටවීමට බොහෝ කරුණු හේතු වේ. නාසයට පහරක් වැදීම, හිස පිටුපසට පහරක් වැදීම, වැටීමකදී හිස තැලීම, අධික රුධිර පීඩනය ඇති වීම නිසාද නාසයෙන් රුධිරය පිටවිය හැකියි. රුධිරය කැටි නොගැසීමේ රෝග (ඇතැම් හිමෝෆිලීයා වර්ග) ඇති අයට ද නාසයෙන් රුධිරය පැමිණිය හැකියි. කල්ගත වූ පීනසට ද ඇතැම් අවස්ථාවලදී ද නාසය තුළින් ලේ පිට වේ. කඳු හා උස් බිම්වල වාසය කරන අයට නාසයෙන් රුධිරය පිට වීමට ඉඩ ඇත.

භයානක කම

මේ රෝග තත්ත්වය භයානක වන්නේ ඉහත සඳහන් කළ රෝග අවස්ථාවලින් වෙන් කර හඳුනාගගත යුතු නිසයි. එය රෝගියා සමඟ සාකච්ඡා කර තොරතුරු විමසා බැලිය යුතුයි.

ප්‍රතිකාර

ප්‍රතිකාර කිරීමට ප්‍රථම ඔබ සන්සුන් විය යුතුයි. එසේම ඔබගේ නහය ප්‍රදේශයේ ඉහළ කෙළවර තදින් අල්ලා ගෙන කටින් හුස්ම ගැනීම කළ යුතුයි. නාසය සිසිල් කළ යුතුයි. (පුළුන් කැබැල්ලක් ආධාරයෙන් අයිස් තබා ගැනීම) ඖෂධීය ද්‍රාවණයක් ගෙන පුළුන් කැබැල්ලක තබා රැඳවිය හැකියි. මෙවිට රුධිරය ගැලීම නවතියි. මීට අමතරව පාවට්ටා පස් පංගුව තම්බා බීම සුදුසුයි. ඊට එහා ප්‍රතිකාර සඳහා රෝහල වෙත යා යුතුයි. සමහර අවස්ථාවලදී මෙවැනි රෝග තත්ත්වයකදී නස්‍ය කරණයකට වුවද ලක්කළ හැකියි. මේවා සිදු කරගත හැක්කේ ආයුර්වේද රෝහලක අදාළ වෛද්‍යවරයෙකු පමණි.

මේ සඳහා පිළිපැදිය යුතු කරුණු

අවේලාවේ ස්නානය, සීතාධික ආහාර ගැනීම,පින්නේ යාම,දුම් දූවිලිවලින් වැදීම, නිදි වැරීම, සීතල ජලය පානය, සීත ප්‍රදේශවල ගමන් බිමන් යාම නොකළ යුතුයි. උස් කඳුවල නැඟීම හා එහි වාසය කිරිම, උස් ගොඩනැගිලිවල වැඩිවේලා රැඳී සිටීම නොකළ යුතුයි. තදින් නාසය සූරන්න යාමද නොකළ යුතුයි. විශේෂයෙන් අව්වේ යාම නොකළ යුතුයි. මේ සෑම අතින්ම වැළකී උෂ්ණ ආහාර පාන ගැනීම ද නොකළ යුතුයි. ඉස්සො, බලමාළු,සාඩින්,විනාකිරි,ජාඩි වර්ග, කකුළුවා, දෙල්, අච්චාරු,සෝස් වර්ග, කොත්තු වර්ග වැනි කෑම සුදුසු නැති ආහාරයන්ය.

බොරැල්ල ආයුර්වේද ශික්ෂණ රෝහලේ විශේෂ වෛද්‍ය මංගලා මහලේකම

මිතුරන්ටත් දැනගන්න පහතින් share කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!