page hit counter
Monday , December 18 2017
Breaking News
Home / එසැණ පුවත් / ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය මහනුවර රෝහලේදී සාර්ථකව සිදු කෙරේ – සෞඛ්‍ය අමාත්‍යාංශය

ශ්‍රී ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය මහනුවර රෝහලේදී සාර්ථකව සිදු කෙරේ – සෞඛ්‍ය අමාත්‍යාංශය

මහනුවර මහ රෝහලේදී සිදුකළ ශ්‍රි ලංකාවේ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථක බව සෞඛ්‍ය අමාත්‍යාංශය මීට ටික වේලාවකට පෙර නිල වශයෙන් දැනුම් දුන්නේය.

සෞඛ්‍ය අමාත්‍යංශ නිවේදනයට අනුව මෙම හදවත් බද්ධ සැත්කම පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදුකර තිබේ.

මෙම ශල්‍යකර්මය සඳහා මහනුවර මහ රෝහල, පේරාදෙණිය ශික්ෂණ රෝහල, අනුරාධපුර මහ රෝහල, වැලිසර ලය රෝහල, බොරැල්ල ළමා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් එක් වූහ.

මෙම ශල්‍යකර්මයට මුහුණ දී ඇත්තේ වයස අවුරුදු 34 ක කාන්තාවක් වන අතර ඇයට හදවත බද්ධ කරනු ලැබුවේ මොලය මියගිය 24 හැවිරිදි තරුණයෙකුගෙන් බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා උපුටා දක්වමින් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම් දුන්නේය.

-නිවුස්1st

Check Also

නුවර නුවරඑළිය සහ මාතලේ කඳු බෑවුම් නාය යාමේ අවදානමක.

පසුගිය කාලය තුළ නාය ගිය ස්ථාන යළි සක්‍රීයවීමට ඇති හැකියාව අවම වන නමුත් අධික වර්ෂාව …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!