page hit counter
Tuesday , December 19 2017
Breaking News
Home / amazing / මඩකළපුවේ ගොළු දරුවකුට විශ්මිත සැත්කමකින් කටහඬ දෙයි

මඩකළපුවේ ගොළු දරුවකුට විශ්මිත සැත්කමකින් කටහඬ දෙයි

මඩකළපුව ශික්ෂණ රෝහලේ ගොළු ළමයකුට සිදුකළ ශල්‍යකර්මයකින් කතා කිරීමේ හැකියාව සාර්ථකව ලැබී ඇති බව රෝහල් අධ්‍යක්ෂ එම්. ඉබ්රාලබ්බේ මහතා පැවැසීය.එරාවුර්හි පදිංචි ළමයාට මෙම ශල්‍යකර්මය සිදු කරන ලදී. මඩකළපුව ශික්ෂණ රෝහලේ කන, නාසය හා උගුර පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්. ජීවදාස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිට පැමිණි විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායම විසින් මෙම ශල්‍යකර්මය සාර්ථකව සිදුකරන ලදී.

උපතේ සිට කතා කළ නොහැකි මෙම ළමයාහට පැය හය හමාරක පමණ කාලයක් කළ ශල්‍යකර්මය සාර්ථකව සිදුවුණු බවට මඩකළපුව ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ තවදුරටත් පැවැසීය.

මඩකළපුව – ජේ.කාන් – මව්බිම

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!