page hit counter
Saturday , September 23 2017
Breaking News
Home / Education / sri lanka history / කේරළයේ නොහදන ලංකාවේ සුප්‍රසිද්ධ මොනවද මේ කේරළ ගංජා

කේරළයේ නොහදන ලංකාවේ සුප්‍රසිද්ධ මොනවද මේ කේරළ ගංජා

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තවාසී පොලිසියේ වැඩිදෙනකුගේ ලොකුම හතුරා ජැමෙයිකන් ජාතික බොබ් මාලි ය. එයට හේතුව කේරළයේ ජීවත්වන ගංජාකාරයන්ගෙන් වැඩි දෙනා බොබ් මාලිගේ මුහුණ හෝ ඔහු ගංජා සුරුට්‌ටුවක්‌ අදින පිංතූරයක්‌ හෝ තිබෙන ටී ෂර්ට්‌ ඇඳීමයá එවැනි පින්තූර මුද්‍රණය කළ සාගත මලු හෙවත් රෙදි බෑග් එල්ලාගෙන රස්‌තියාදු ගැසීමය. බොබ් මාලි යනු 1945 දී ජැමෙයිකාවේදී ඉපිද, 1981 දී ඇමරිකාවේදී මියගිය ලෝක ප්‍රකට ගායකයකු බවත්, රෙගේ නමැති සංගීත සම්ප්‍රදාය ලොවට හඳුන්වා දුන් කීර්තිමත් කලාකාරයා බවත් මේ පොලිස්‌කාරයන් දන්නේ නැත. ඔහු වර්ග භේදවාදයට විරුද්ධ වූ බවත් කළු මිනිසුන්ගේ විමුක්‌තිය උදෙසා කටයුතු කළ සාම ක්‍රියාධරයකු බවත් ඔවුන් දන්නේ නැත. ඔවුන් හිතන්නේ බොබ් මාලි යනු ජාත්‍යන්තර මට්‌ටමින් ගංජා ජාවාරමක්‌ මෙහෙයවන කල්ලි නායකයකු හෙවත් ඨ්‌බටිඑeර ඛැadeර කෙනෙකු බවය. මේ නිසා බොබ් මාලිගේ පින්තූරය සහිත ගංජාකාරයකු අල්ලා ගත් විට එම විත්තිකරුගේ පස්‌ස පැත්තෙන් උල්කාපාත පිටවනතුරු පහරදීමට මෙකී පොලිස්‌කාරයෝ සූදානම් ය.

ඉන්දියාවේ පහළ කොනේ තමිල්නාඩුවට වම් පැත්තට වන්නට පිහිටි පටු තීරුවක්‌ වැනි ප්‍රාන්තයක්‌ වන කේරළය ආයුර්වේදයේ කේJද්‍රස්‌ථානය මෙන්ම ගංජා ව්‍යාපාරයේ මර්මස්‌ථානය ද වෙයි. එබැවින් සියලු ප්‍රාන්තවල වගා කෙරෙන ගංජා පැටවෙන්නේ කේරළයට ය. කේරළයෙන් ආපසු පිටරටවලට යෑවෙන විට මේ ගංජාවලට කේරළ ගංජා යන නම ලැබෙයි.

ගංජා ව්‍යාපාරය අන් කවර කලෙකත් නොවූ පරිදි කේරළය තුළ හිස ඔසවන්නේ 2014 සිටය. එයට හේතුව කේරළ ප්‍රාන්ත ආණ්‌ඩුව එම වසරේදී ප්‍රාන්තයේ සියලු රටබීම සාප්පු සහ තැබෑරුම්වල බලපත්‍ර අහෝසි කර මත්පැන් විකිණීම තරුපහේ හෝටල්වලට පමණක්‌ සීමා කිරීමය. කේරළය යනු ලංකාවටත් වඩා හොර අරක්‌කු පොළවල් තිබුණ ප්‍රදේශයකි. ප්‍රාන්තයේ පාරවල් දිගේ යන ඕනෑම පිරිමියකුගේ කනට කොඳුරා මත්පැන් වුවමනා ද යන්න විමසන බ්‍රොකර්ලා හැම තැනකම වූහ.

මෙය ජාතික මට්‌ටමේ ව්‍යසනයක්‌ බවට පත් විය. මේ ව්‍යසනයෙන් ප්‍රයෝජන ගැනීමට කල්පනා කළ කේරළයේ එක්‌සත් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නමැති දේශපාලන සන්ධානය 2011 දී පැවැති ප්‍රාන්ත මැතිවරණයේදී මත්පැන් තහනම් කරන බවට ඡන්ද පොරොන්දුවක්‌ දුන්නේය. ස්‌වකීය බේබදු ස්‌වාමිපුරුෂයන් මත්පැනින් ගලවා ගැනීමට හොඳම අවස්‌ථාව එළඹ ඇතැයි කල්පනා කළ කේරළ ගැහැනු ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් පෙරමුණට ඡන්දය දී එය ජයග්‍රහණය කරවූහ. එම ජයග්‍රහණය පිටුපස මත්පැනට කවදත් විරුද්ධ කේරළ කතෝලික පල්ලිය ද කේරළයේ ම පළාතක්‌ වූ ත්‍රිසුරයේ පිහිටි මල්බාර් ක්‍රිස්‌තියානි පල්ලිය ද මත්ද්‍රව්‍ය විරෝධී ආයතන සහ සංවිධාන ද වූ බව මෙහිදී සඳහන් කළ යුතුය. කේරළ ආණ්‌ඩුව සිය ඡන්ද පොරොන්දුව ක්‍රියාත්මක කරන්නේ 2014 දී ය. එතැන් සිට කේරළය ඉන්දියාවේ ලොකුම හොර අරක්‌කු තිප්පළ බවට පත් වන්නේය.

කේරළයේ හොර අරක්‌කු කර්මාන්තය කළ යුතුව තිබුණේ ඉතා විශාල බාධා මධ්‍යයේ ය. ඒ සඳහා පොලිසියට විශාල වශයෙන් පගා දිය යුතු වූ අතර ඊට සාපේක්‍ෂව නිෂ්පාදන මිල ඉහළ යැමෙන් හොර අරක්‌කු මිල ඉතා අධික විය. ඒ නිසා මිනිස්‌සු ක්‍රමයෙන් මත්පැන් අතහැර වඩා ලාභදායක වූ ගංජාවලට පුරුදු වූහ. කේරළයේ මත්පැන් කර්මාන්තයේ නීත්‍යනුකූලව යෙදී සිටි දහස්‌ ගණනකගේ රැකියා, මත්පැන් තහනමත් සමඟම නැති විය. නූතන කේරළ ගංජා බිස්‌නස්‌ එකේ සිටින වැඩිදෙනා ඔවුහුය.

ගංජාවල නිජබිම ඉන්දියාවේ කේරළය නොවූවද, එම ප්‍රදේශය ගංජාවල නිජබිම තරමට ප්‍රසිද්ධියට පත් වන්නේ 2014 න් පසුවය. කේරළයේ ප්‍රධානතම ගංජා ගැනුම්කරුවා වූ විදේශික රට බවට ශ්‍රී ලංකාව පත් වන්නේද ඒ සමගය. යුද්ධය අවසන් වීමත් සමඟම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අංශ කුඩු සහ ගංජා කෙරෙහි විශේෂ අවධානයක්‌ යොමු කරන්නට පටන් ගත් අතර ඇඹිලිපිටිය ඇතුළු ප්‍රදේශවල වනගතව පවත්වාගෙන ගිය ගංජා හේන් අක්‌කර සිය ගණන් ගිනි තබන්නට පටන් ගත්හ. සුරාබදු දෙපාර්තමේන්තුව ගංජාවල පරම සතුරා බවට පත් විය. ඒ නිසා මෙරට ගංජා ව්‍යාපාරිකයෝ කේරළයෙන් ගංජා ගෙන්වන්නට පටන් ගත්හ. ඒවා ලංකාවට ගෙනෙන ලද්දේ මෙයට වසර 50 කට පෙර හොර බඩු ගෙන්වූ මුහුදු මාර්ගය ඔස්‌සේය.

කේරළයේ කොච්චින් නගරයේ පිහිටි ධීවර වරායෙන් පටවන ලද ගංජා තොග ශ්‍රී ලංකාවේ යාපනයෙන්, වැල්වැටිතුරෙන් හෝ මන්නාරමෙන් රට තුළට ගෙනෙන ලදී. මෙසේ කේරළයෙන් ගෙනා ගංජා කිලෝ 55 ක්‌ පසුගියදා යාපනයේ මැදගල් ප්‍රදේශයට අයත් කුසුමන්තුරෙයි මුහුදු සීමාවේදී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි විය. එය එවැනි පළමුවන තොගය නොවේ. මෙවැනි වැටලීම් හාරසියයකට වඩා පසුගිය වසර දෙක තුළ පොලිසිය විසින් කරනු ලැබ ඇත. ඉකුත් ජුනි 28 වැනිදා යාපනේ අච්චුවේලියේදී කේරළ ගංජා කිලෝ 91 ක්‌ විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගන්නා ලදී

Cannabis Sativa යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන ගංජාවල ලිත ඉතිහාසය වසර 3500 කට වඩා පැරැණිය. වසර 2500 කට පෙර, ඉරානය සහ ඒ අවට භූමිය නිජබිම කරගෙන ජීවත් වූ ‘සිචියන්’ නමැති ගෝත්‍රික කණ්‌ඩායම් ක්‍රි. පූ. හතරවැනි සියවසේදී පමණ ගංජා පරිහරණයට ඉතා තදින් පුරුදුව සිටි බව හෙරෙඩෝටස්‌ නමැති ග්‍රීක ඉතිහාසඥයා ලියා තිබේ. වියළන ද ගංජා ඇට මල් සහ කොළ රැගෙන කුඩුකර, ගින්නෙන් රත් කළ ගලක්‌ මතට ඉස එවිට නගින දුම් ආඝ්‍රාණය කිරීමට ඔවුන් පුරුදුව සිටි බව ඔහුගේ ලේඛනවල සඳහන් ය. එසේම ක්‍රි. පූ. 1550 ට අයත්, එනම් මෙයට වසර 3566 කට පෙර ලියන ලද, ඊජිප්තුවෙන් සොයා ගන්නා ලද පැපිරස්‌ පතක ඖෂධයක්‌ ලෙස ගංජා පාවිච්චි කිරීම ගැන විස්‌තරයක්‌ ඇත. රූපක්‍ෂරවලින් ලියා ඇති මේ පැපිරස්‌ පත්‍රය 1873 දී පරණ බඩු වෙළෙන්දකු ළඟ තිබී මිලදී ගනු ලැබ, අද ජර්මනියේ ලිප්සිග්a කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇත. ඇදුම රෝගයට ගංජා මිශ්‍රිත ඖෂධයක්‌ මගින් ප්‍රතිකාර කළ හැකි බව එම පැපිරස්‌ පතේ සඳහන් ය.

ගංජා යනු බෙංගාලි නමකි. එම වචනයේ භාෂාත්මක පදනම සංස්‌කෘතය. ගංජාවලට ෙත්‍රෙලෝක විජයේaත්පත්‍ර යනුවෙන් ද කියනු ලැබේ. ග්‍රාස්‌, හෂීස්‌, හෙම්ප්, ඉන්ඩියන් හෙම්ප්, මර්ජුවානා, පොට්‌, රිµර් වීඩ් යන නම් ද ගංජා හැඳින්වීමට යොදනු ලැබේ. මෙහි අඩංගු THC හෙවත් Delt 9 Terahydro – cannbinol යන සංඝටකය මගින් මනුෂ්‍යයාගේ ස්‌නායුවලට බලපෑමක්‌ ඇති කරනු ලැබේ. වියළන ලද ගංජා මල් සහ කොළවලට කියන නම මරිජුවානා ය. එය ස්‌පාඥ්ඥ මූලයක්‌ ඇති පදයකි. ගංජා පැළයේ කිරි සහිත කොටස හෂීස්‌ ය. මෙය ඝනකමැති, අතේ ඇලවෙන, අඳුරු පැහැති අබිං ගුලියක්‌ හා සමානය. එය අරාබි නමකි. ගංජා ශාකයෙහි තිබෙන කෙඳි සහිත භාවය නිසා එමගින් නූල් නිෂ්පාදනය කළ කාලයක්‌ ද විය. එහෙත් එම ශාකය මත්ලෝලීන් විසින් අපහරණය කිරීමට පටන් ගැනීමත් සමඟම රෙදි කර්මාන්තය සඳහා එය වගා කිරීම නැවැත්විණ. එහෙත් ඖෂධ වර්ග කිහිපයක්‌ නිෂ්පාදනය කිරීම සඳහා යුරෝපීය සහ ආසියාතික රටවල් කිහිපයක ගංජා වැවීමට නීත්‍යනුකූල අවසර තිබේ. AIDS රෝගීන් තුළ කුසගින්න ඇති කිරීම සඳහාත්, පිළිකා රෝගීන්ට කරන රසායනික ප්‍රතිකාර නිසා ඔවුන් තුළ හටගන්නා ආහාර අරුචිය සහ වමනය නැති කිරීමටත් දෙන ඵ්රසබදක ඖෂධය සාදන්නේ ගංජා වලිනි. එසේම පිළිකා රෝගීන්ට දෙන රස ඖෂධ නිසා හටගන්නා වමනය සහ ආහාර අරුචිය නැති කිරීමට දෙන Cesamet ඖෂධය සාදන්නේ ගංජා මගිනි. එසේම පිළිකාව, ඇසේ සුද, කෙණ්‌ඩ පෙරළීම, අපස්‌මාරය, බරපතළ ආහාර අරුචිය, ශරීරයේ බර අඩුවීම යනාදියට දෙන සෘජු ඖෂධ සෑදීමේදී ද ගංජා යොදා ගනු ලැබේ.

ගංජා පාවිච්චියට ඇබ්බැහි වූ අයට රෝග තත්ත්වයන් ගණනාවකට මුහුණ දීමට සිදුවේ. ශ්වසන මාර්ගයේ පිළිකා හටගැනීම, ශ්වාස නාලිකා ප්‍රදාහය හෙවත් ඊරදජයසඑසි පෙනහළුවල තුවාල හටගැනීම, හෘද රෝග හට ගැනීම සහ හෘද ස්‌පන්දනය ඉහළ යැම. මානසික ඒකාග්‍රතාව නැතිවීම, අමතකවීම, ලිංගික උත්තේජනය නැතිවීම යනාදිය ඒවා අතරින් ප්‍රධානය.

ගංජා යනු අන් මත්ද්‍රව්‍ය හැමෙකක්‌ මෙන්ම හලාහල විෂ සේ බැහැර කළ යුතු මත් ද්‍රව්‍යයකි. එහෙත් යුරෝපයේ සමහර රටවල පිළිකා රෝගීනට අධික වේදනාවෙන් මිදීමේ නිර්වින්දන මගක්‌ ලෙස ගංජා පරිහරණය කිරීමට නීතියෙන් ඉඩ දී තිබේ. ඔවුනට තම ගෙවත්තෙහි ගංජා පැළ කිහිපයක්‌ වගා කරගත හැකිය. ඉන්දියාවේ සහ ලංකාවේ ආයුර්වේද වෛද්‍යවරුන්ට ඖෂධ සඳහා ගංජා යොදා ගැනීමට අවසර තිබේ. එහෙත් මදන මෝදකයට ගංජා යෙදීම නීතියෙන් තහනම් ය. කේරළයෙන් ගෙනාවත්, ඇඹිලිපිටියෙන් ගෙනාවත් මේ රටේ මදන මෝදක තුළ ගංජා නොවරදී. ඒ තමයි වෙළෙ¹මේ හැටි·

සංඛනාද වෙදගෙවත්ත

ඔබත් දිනපතා ගංජා ගහනවාද? සේරටම කලින් මේ ගැන අනිවා දැනගන්න මෙතනින් ලිපිය කියවන්න

මිතුරන්ටත් බලන්න පහතින් share කරන්න

Check Also

කට වරද්දාගත් මහ ඒජන්ත දින ගණනක් කැළෑවේ මංමුලාවෙයි “මුහුණු සයකි අත් දොළහකි මයුරාපිට වාහනේ”

‘‘මුහුණු සයකි අත් දොළහක් මයුරාපිට වාහනේ’’ කී සැණින් සංකේතවත් වන්නේ කතරගම දෙවියන්ය. කාර්තිකේය දෙවියන් ලෙස …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!