page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / යුද්ධයෙන් ජනතාව බේරා ගත්තත් ඩෙංගුවලින් මියයැම කනගාටුවක්‌

යුද්ධයෙන් ජනතාව බේරා ගත්තත් ඩෙංගුවලින් මියයැම කනගාටුවක්‌

උතුරු නැගෙනහිර පැවැති බිහිසුණු යුද්ධයෙන් තමා මේ රටේ ජනතාව බේරාගත් නමුත් ඩෙංගු උවදුරෙන් ජනතාව බේරා ගැනීමට නොහැකිවීම ගැන තමා කනගාටු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසනවා.

ඩෙංගු උවදුර රට පුරාම තදින්ම පැතිරී යන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා මෙම මදුරු උවදුරු මැඬලීම සඳහා දේශපාලන බේදයෙන් තොරව සියලු තරාතිරමේ ජනතාව අද පෙරමුණ ගෙන ක්‍රියා කළ යුතුව ඇතැයිද කීය.

රටේ සිදුවන සෑම ප්‍රශ්නයක්‌ම අද තමාගේ නමට බැර කරන අතර ඩෙංගු උවදුරත් කොයි මොහොතක හෝ තමා වෙත එල්ල කිරීමට හැකි බවද හෙතෙම පැවැසීය.

ආණ්‌ඩුව පළි ගැනීම් දිගින් දිගටම කරගෙන යන බවත් තවමත් ඒවායේ අවසානයක්‌ දකින්නට නැති අතර දැන්වත් ජනතාව වෙනුවෙන් ආණ්‌ඩුව ක්‍රියාශිලී විය යුතු බවත් මහින්ද රාජපක්‍ෂ මහතා පැවැසීය.

Check Also

හිටපු ජනපති මහින්ද පිලිගන්න පැමිණි යතුරුපැදි දෙදහස පෙළපාලිය මෙන්න

මහින්ද රාජපක්ෂ හිටපු ජනපති දඹුල්ල දඹුල්ලේ හිටපු නිදහස් පක්ෂ සංවිධායක නිවසේ පැවැති පුන්‍යමය කටයුත්තක් සදහා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!