page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / හිරට හිරේ තද යට ඇදුම් ඇන්දොත් පිරිමින් වඳ භාවයට

හිරට හිරේ තද යට ඇදුම් ඇන්දොත් පිරිමින් වඳ භාවයට

“වස්ත්‍ර” නොහොත් “ඇඳුම්” අඳින්නේ විලිවසා ගැනීමටය. නමුත් අද ඒවා මෝස්තර බවට නිර්මාණය වී ඇත. තරුණ තරුණියන්ගේ යෞවනය වඩාත් අලංකාර ලෙස කැපී පෙනෙන්නට මේ මොස්තර ඉවහල් වී ඇති අතර තමන්ගේ පෞරුෂය වර්ධනය පිළිඹිබු කරන්නනට ද එය අත්වැලකි.

“උඩින් ඔපේ යටින් හපේ”

සත්‍ය තතු එසේ වුවද පිටතින් අප දකින ඇඳුමින් පැළඳුම්න් පමණක් අපට සෑහීමකට පත්විය නොහැක. හේතුව උඩ ඇඳුම් මෙන්ම යට ඇඳුම් ද අපගේ දිවියේ නීරෝගී භාවයට අතිශයින් වැදගත් වන බැවිනි. “උඩින් ඔපේ යටින් හපේ” යන කියමන සනාථ කරන ඇතැම් අයගේ යට ඇඳුම් දෙස බලන කළ සහමුලින්ම ඇතිවන්නේ අප්‍රසාද ජනක පිළිකුල දනවන තත්ත්වයකි.

ලිංගේන්ද්‍රියට ආරක්ෂාව

එසේම තදට – හිරට යට ඇඳුම් අඳින පිරිමි පක්ෂය ද බොහෝය. අවබෝධයෙන් තොරව යට ඇඳුම් තෝරා ගැනීම නිසා අනාගතයේදී පසුතැවිලි වන්නට සිදුවන්නේ ද ඔවුන්ටමය. පිරිමි යට ඇඳුම් පිළිබඳව සලකා බැලීමේදී ඒවා කවර ආකාරයකින් හැඳින්වුවද ලිංගේන්ද්‍රය ආරක්ෂා කර ගැනීමට යට ඇඳුම් අත්‍යවශ්‍යය.

ප්‍රධාන වශයෙන් ශිෂ්ණය, වෘෂණ කෝෂ, වෘෂණය ආදිය තුවාල වීමෙන්, ගැටීමෙන්, තැලීමෙන්, තද වීමෙන්, පහර වැදීමෙන් සිදුවන අනතුරුවලින් ආරක්ෂා කර ගැනීම අතිශයින් වැදගත්ය. තවද ඔවුන්ට තිබෙන වාසිය වන්නේ විලිවසා ගැනීමට අඳින කලිසමයි. ඔවුන්ගේ ලිංගේන්ද්‍රිය ආරක්ෂා වීමට එය රුකුළක් වේ.

නයිලෝන් නිසා දිලීර ආසාදන

විශේෂයෙන්ම පුරුෂ යට ඇඳුම් තෝරා ගැනීමේදී කපුවලින් තැනූ මෘදු වාතය ගමන් කළ හැකි සිදුරු සහිත ඒවා තෝරා ගන්න. නයිලෝන් අද ව්‍යාප්තව ඇතත් ඒවා කෘත්‍රිම රෙදිවලින් සකසා ඇති නිසා සෞඛ්‍යයට අහිතකරය. කපු ඇඳුම්වලින් දහඩිය උරා ගැනීම නිසා වාතාශ්‍රය සපයන නමුදු නයිලෝන් නිෂ්පාදන නිසා ස්‍රාවය වන දහඩිය සහ චර්ම ස්‍රාවයන් රඳවා ගන්නා බැවින් එම ප්‍රදේශයෙන් දුඟදක් හමයි. යට ඇඳුම් තෙත්වීම හේතුවෙන් දිලීර ආසාදන ඇති වේ. දුර්ගන්ධයක් හමයි.

පැය 8කට වඩා යට ඇඳුමින් සිටින්න එපා

යට ඇඳුම් දිනපතා හොඳින් සෝදා පිරිසිදු කර තද අව් රශ්මියෙන් වේලාගත යුතුය. තද හිරු රශ්මිය නිසා සියලු විෂබීජ විනාශ වී යයි තවද ඇඳ නොසිටීමට වගබලාගන්න. හේතුව ඉකිලි ප්‍රදේශවල දහඩිය දැමීම නිසාත් අපිරිසිදු හා රළු යට ඇඳුම් නිසාත් අඪදඨ එධපථ ලෙස හැඳින්වෙන දිලීර ආසාදන ඇතිවිය හැක. ඒවා කැසීමට ලක්වී සැරව මතු වී තුවාල ඇතිවිය හැක.

ශුක්‍රාණු අක්‍රීය වේ

යට ඇඳුම් තෝරා ගැනීමේදී දෙපා සහ කලවාවලට තද නොවන පරිදි තට්ටම් පෙදෙස හිර නොවන පරිදි තරමක් ඉහිල් යට ඇඳුම් තෝරාගන්න. තද යට ඇඳුම් සිරුරට අපහසුවක් ගෙන දෙන අතර තද හිර යට ඇඳුම් නිසා දරුවන් නොලැබී වඳ භාවයට ද පත්විය හැක. ශූක්‍ර මෝචනයකදී බැහැර වන ශූක්‍රාණු ප්‍රමාණය අඩුවිය හැක. වෘෂණ කෝෂ උදර කුහරයෙන් පිටත පිහිටි වලල්ලක් ලෙස පිහිටා ඇතත් ඒවාගේ ප්‍රශස්ථ කාර්්‍ය සිදුවන්නේ ශරීර උෂ්ණත්වයට වඩා සෙල්සියස් අංශක 0.8ක අඩු උෂ්ණත්වයකදීය. තද යට ඇඳුම් ඇඳිම වෘෂණ කෝෂ ශරීර උෂ්ණත්වයට සම වෙමින් ශුක්‍රාණු අක්‍රිය කරවීමට ක්‍රියාකාරී විය හැක.

හර්නියා සහ අර්ශස්

අක්‍රීය ශුක්‍රාණු නිසා දරුඵල නොලැබේ. තවද හර්නියා, අර්ශස් වැනි රෝගවලට තද යට ඇඳුම් දායක වීමට සමත් වේ.

ශරීරය වර්ධනය වන නිසා මෙම යට ඇඳුම් සඳහා මිම්ම මාස 06 කට වරක් බැගින් නැවත නැවත ලබාගෙන නියමිත ප්‍රමාණයට යට ඇඳුම් මිලදී ගන්න. එවිට ඔබට මෙම ගැටලුවට මුහුණ දීමට සිදු නොවනු ඇත.

දීප්ති ෆොන්සේකා – දිනමිණ

මිතුරන්වත් දැනුවත් කරන්න පහතින් share කරන්න

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!