page hit counter
Sunday , September 24 2017
Breaking News
Home / දේශපාලන / Wasantha Senanayake / ඇමති වසන්ත සේනානායකගේ රුමේනියා සංචාරයෙන් ලංකාවට වාසි රැසක්.

ඇමති වසන්ත සේනානායකගේ රුමේනියා සංචාරයෙන් ලංකාවට වාසි රැසක්.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පසුගිය ජුනි 29 – ජුලි 7 කාලය තුලදී ශ්‍රී ලංකා – රුමේනියා ද්විපාර්ශ්විය දේශපාලන සම්බන්ධතා වර්ධනය කරගැනීම අරමුණින් පවත්වනු ලබන සම්මේලන මාලාවෙහි 2 වන අදියරට සහභාගිවීම සදහා රුමේනියාවේ සංචාරයක නිරත විය.

පසුගිය ජුනි මස 29 වන දින එරට ද්විපාර්ශවිය ගෝලීය සබදතා කටයුතු පිළිබද රාජ්‍ය ලේකම් මොනිකා ජෝර්ජිටා හමුවෙමින් එතුමා රුමේනියාව සමග දිගු කාලීනව පැවත එන ද්විපාර්ශ්වික සම්බන්ධතා තවදුරටත් ඉදිරියට ගෙනයාමටත් වඩ වඩාත් ශක්තිමත් කරගැනීමටත් ශ්‍රී ලංකාව බැදී සිටින බවට ප්‍රතිඥා දුන්නේය.

නව රාජ්‍ය අමාත්‍ය ධුරය ලබා ගැනීමත් සමග එතුමා සහභාගී වූ පළමු නිල සංචාරය වන්නේද මෙයයි.
එතුමාගේ මෙම නිල සංචාරය 1951 වසරේ සිට වසර 60 ක් පුරාවට ශ්‍රී ලංකාව සහ රුමේනියාව අතර පැවත එන ස්ථාවර මෙන්ම වඩාත් පුළුල් ද්විපාර්ශ්වික දේශපාලන සම්බන්දතාවලට නව පුනර්ජීවයක් විය.

මෙහිදී දෙරට අතර දේශපාලන ,ආර්ථික ,අධ්‍යාපනික ,සංස්කෘතික , ආරක්ෂක මෙන්ම ආගමික ආදී විවිධ කරුණු රැසක් පිළිබදව කථා බහට ලක්වූ අතර ඒ අතරින් විශේෂ අවධානයට ලක් වූ අංශ වුයේ බලශක්ති ,ග්‍රාමීය දියුණුව , කෘෂි , සෞඛ්‍ය , මුල්‍ය හා බැංකු , සංචාරක , අධ්‍යාපන , කම්කරු, ජල හා අපද්‍රව්‍ය කළමනාකරණය, මැණික් හා ස්වර්ණාභරණ, දුම්රිය එන්ජින් අලුත්වැඩියාව හා නිපදවීම , ගුවන්යානා හා පුහුණුවීම් තෙල් පිරිපහදුකරණයට අවශ්‍ය තාක්ෂණික සහය ලබා දීම ,නැව් සහ වරාය කටයුතු හා ආයුර්වේද ක්ෂේත්‍රයන් තුල ද්විපාර්ශිවික සම්බන්ධතා වැඩි දියුණු කර ගැනීම පිලිබදවයි.

රුමේනියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සම්බන්ධතා ස්ථාපිත වී 2017 වසර වන විට වසර 60 ක් පිරීමනිමිත්තෙන් එහි 60 වන සංවත්සරයට සමගාමිව ශ්‍රී ලාංකීය හා රුමේනියානු සංසකෘතික විදහා දැක්වෙන නර්තනාංග හා සංගීත අන්තර්ගත විශේෂ වැඩසටහන් කිහිපයක් රුමේනියාවේ බියුකාරස්ට් හා බ්‍රසොවූ නගර වල මෙන්ම ශ්‍රී ලංකාවේ මහනුවර සහ කොලබ යන නගර වල සංවිධානය කර තිබුණි.මිට අමතරව රුමේනියානු රජය හා ශ්‍රී ලංකා ප්‍රජාත්රාන්ත්රික සමාජවාදී ජනරජය අතර ගිවිසුමකින් අනතුරුව විසා ලබාදීමේ ක්‍රමවේදයන් පිළිබදවද ක්‍රියාපටිපාටියක් ඇති කරගන්නා ලදී.

ද්විපාර්ශ්වික නියෝජිතයින් රැසක් හමුවී දෙරට අතර ද්විපාර්ශ්වික වෙළද සහ සන්නිවේදන සබදතා දියුණු කරලීමේ අරමුණින් එරට වාණිජ හා සමාගම් කරුවන් විසින් බියුකාර්ස්ට් හි සංවිධානය කර තිබු ව්‍යාපාර සංසදයකට ද රාජ්‍ය අමාත්‍යවරයා සහභාගී වූ අතර එහිදී අමාත්‍යවරයා කරුණු දක්වමින් ශ්‍රී ලංකාව තුල රුමේනියානු ආයෝජකයින් හට ආයෝජන අවස්ථා රාශියක් ඇති බව පෙන්වා දුන්නේය .

රුමේනියානු රජයේ මැදිහත්වීමේ තුලින් යුරෝපිය සමුළුව හරහා ශ්‍රී ලංකාවට GSP + වෙළද පහසුකම් ලබා ගැනීමට හැකි වීම පිලිබදව රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී ස්තුතිය ප්‍රකාශ කර සිටි අතර මෙහිදී තව දුරටත් ශ්‍රී ලංකාව රජය විසින් රට තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරලීම අභිවර්ධනය හා ප්‍රතිසන්ධාන ගත කිරීම ආර්ථික වර්ධනය කරා තව තවත් ලගා වීම මෙන්ම ශ්‍රී ලක් වාසින් තුල සාමකාමිත්වය ප්‍රචලිත කිරීම පිළිබදවද අමාත්‍යවරයා කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේය .
මෙයට ප්‍රතිචාර දක්වමින් එරට රාජ්‍ය ලේකම් මොනිකා ජෝර්ජිටා මහත්මිය ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාවේ ධානාත්මක වර්ධනයක් ඇති බවත් එතුමියගේ රජයේ සම්පුර්න සහයෝගය රටේ ප්‍රතිසංස්කරණ වැඩසටහන් සදහා ලබා දෙන බවත් එමගින් ජාත්‍යන්තර සහයෝගිතාව අපේක්ෂා කරන බවත් පැවසිය .

රාජ්‍ය අමාත්‍යවරයා විසින් රුමේනියාවේ බලශක්ති අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ඉසුලියන් – රොබර්ට් මියුබෝරේට් ව්‍යාපාර පරිසර වෙළද හා ව්‍යසායකත්ව අමාත්‍ය ස්ටේර්ගා පියුඩියුලේ හා කම්කරු හා සමාජ සාධාරණය පිළිබද අමාත්‍ය ඩැනියෙලා බාබ්‍ර ඇතුළු අමාත්‍ය හා අමාත්‍ය ලේකම් වරුන් කිහිපදෙනෙකු හමු වූ අවස්ථාවේදී දෙරට අතර පෙර සිට පැවතෙන සබදතා පිලිබදව ද සාකච්චාවට ලක් කල අතර පොදු පෞද්ගලික හවුල් කටයුතු පිළිබද වූ නිශ්චිත යෝජනාවලි රැසක් පිලිබදවත් සාකච්චාවට ලක් කෙරුණි මෙහිදී විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ තෙල් හා වායු යන අංශවල නියුතු පුද්ගලයන්ට එම ක්ෂේත්‍ර වලට අදාළ තාක්ෂණික සහාය ලබාදීම හා ඒ සදහා අවශ්‍ය පුහුණුව ලබා දීම සම්බන්ධවත් තෝරාගත් විශේෂ ක්ෂේත්‍ර වල නියුතු ශ්‍රී ලාංකීක කම්කරුවන් හට ඊට අදාළ පුහුණුවීම් ලබා දීමේ අවස්ථා ඇති කිරීම පිලිබදවත් විශේෂයෙන් අවධානයට ලක් කෙරුණි.

මිට අමතරව බ්‍රාසොව් හි පිහිටා ඇති බ්‍රාන්සිල්වේනියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ඉයෝන් – වසයිල් ඇබ්රුඩන් මහතාගේ ආරාධනය පරිදි එහිදී සංචාරයක නියුතු වූ වසන්ත සේනානායක මහතා එහි කටයුතු කලා විශ්ලේෂණ කටයුතු ,ඔටෝ මොබයිල් ආරක්ෂණය හා සම්බන්දව ඉදිව ඇති නව මධ්‍යස්ථානය ආහාර හා සංචාරක මෙන්ම ලේයර් තාක්ෂනය පිලිබදව ද අධ්‍යනය කරන ලදී. මෙම සාකච්චා අතරතුරේදී මහාචාර්යවරයා විසින් ප්‍රකාශයක් කරමින් විශ්ව විද්‍යාල මගින් තෝරාගත් විෂය ක්ෂේත්‍රයන් සදහා වූ ශාස්ත්‍රපති උපාදියක් හෝ ආචාර්ය උපාදියක් සදහා අවස්තාවක් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ නිළධාරි මහතෙකුට පිරිනමන බව ප්‍රකාශ කර සිටියේය.

මෙය ශ්‍රී ලංකා – රුමේනියානු මිත්‍රත්වය අගයන ක්‍රියාවලියක් පෙන්නුම් කරන අතරම ට්‍රාන්සිල්වෙනියා හා පේරාදෙණිය විශ්ව විද්‍යාල වල අධ්‍යාපනික සහයෝගිතාව වර්ධනයේ මුලික පියවරක් ලෙසද දැක්විය හැක.

මිට අමතරව බ්‍රාසෝව් නුවරදී අමාත්‍යවරයා බ්‍රාසෝව් හි ප්‍රාන්ත සමුළුව ජනාධිපති ඇඩ්‍ර්යන් – ඉයෝන් වෙස්ට් මහතා හමුවූ අවස්ථාවේදී දෙරටේ ජනතාව අතර සුහදත්වය වර්ධනය කරලීම පිලිබදව මෙන්ම බ්‍රාසෝව් නුවර සහ මහනුවර නගරය අතර ඒකාබද්ධ වැඩසටහන් තුලින් දෙනුවර ව්‍යාපාර වැඩිදියුණු කරලීම පිලිබදවත් සාකච්චා කරන ලද අතර මෙහිදී අමාත්‍යතුමා විසින් එරට සිටින ශ්‍රී ලංකික පිරිසක් හමු වී කතාබස් කිරීමටද කටයුතු කර ඇත.

මෙම නිල සංචාරය සදහා රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා සමග ශ්‍රී ලංකා රුමේනියානු තානාපති තිස්ස විජේරත්න මහතා , විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මික සේමසිංහ ,රුමේනියාවේ ශ්‍රී ලංකා නියෝජිත ජෝර්ජ් සැවුයිනා හා ශ්‍රී ලංකාවේ රුමේනියානු නියෝජිත ජෝර්ජ් ඇලෝසියස් යන මහත්වරුන්ද සහභාගී විය.

Check Also

අයහපත් කාළගුණික තත්වය මත එජාප 71 සංවත්සරය දින නියමයකින් තොරව කල් යයි.

මේ මස 10 වෙනිදා රත්නපුරයේදී පැවැත්වීමට සුදානම් කර තිබු එක්සත් ජාතික පක්ෂ හැත්තෑ එක්වන සංවත්සරය මේ …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!