page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / තරුණියන්ගේ සුද යාම හෙවත් ශ්වේත ප්‍රදර රෝගයට ආයුර්වේදීය ප්‍රතිකාර මෙන්න

තරුණියන්ගේ සුද යාම හෙවත් ශ්වේත ප්‍රදර රෝගයට ආයුර්වේදීය ප්‍රතිකාර මෙන්න

ජීවිතයේ ඇතැම් වැරදි දේවල් කරන්න අපි ලැජ්ජාවක් බියක් ඇති කර ගන්න ඕන තමයි. නමුත් ලැජ්ජාව බිය කියන වචන ලෙඩ රෝග සම්බන්ධව කථාබහ කරන විට කිසිවිටෙකත් අදාළ කරගත යුතු වන්නේත් නැහැ. නමුත් අවාසනාවකට සමහර රෝග සම්බන්ධව පවතින බිය එසේත් නැත්නම් ලැජ්ජාව නිසා බොහෝ අයගේ ජීවිත දරුණු මට්ටමේ ලෙඩ රෝග බවට පත් වී අවසන්. කෙසේ වෙතත් මෙවර අගයුර්වේදීය ලිපිය යටතේ කථාබහට ලක් වන්නේ එවැනි එක්තරා රෝගී තත්ත්වයක් පිළිබඳවයි. කාන්තාවන් අතර වර්තමානයේ සුලබව දැකගත හැකි රෝගී තත්ත්වයක් වන මෙය ලැජ්ජාව නිසා සඟවාගෙන සිටින බොහෝ අවස්ථා තිබෙන නමුත් ඊට සුදුසු ප්‍රතිකාර මොනවාද යන්න පිළිබඳ ඔවුන්ට නිවැරදි වැටහීමක් ඇත්තේ නැහැ. එබැවින් ආයුර්වේද වෛද්‍ය රන්පත රුවන් රත්නායක සමඟ ගෙනෙන මෙවර වෛද්‍ය සාකච්ඡාව “ සුද යාම” හෙවත් “ශ්වේත ප්‍රදර” රෝගය හා සම්බන්ධවයි.

මෙම රෝගී තත්ත්වයේ ස්වභාවය පිළිබඳ පැහැදිලි කළොත්?

සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ යෝනි මාර්ගය අවට ප්‍රදේශවල තෙත් වූ ස්‍රාවයක් සහිත වීම ස්වභාවිකව දැකගත හැකි තත්ත්වයක්. ඊට හේතුව ගර්භාෂය නිරන්තරව කලලයක් දරා ගැනීමට සූදානමින් සිටීම වන අතර එම ක්‍රියාවලියේදී ඩිම්බ නිකුත් වීමක් ද සිදු වේ. මෙම කාලය තුළදී යෝනි මාර්ගය ආශි‍්‍රතව ඇතිවන ස්‍රාවයන් වැඩි වශයෙන් දැකගත හැකි නමුත් සුදයාම වැනි රෝගී තත්ත්වයකදී එම තත්ත්වය නිරන්තරයෙන් දැකගත හැකි වේ. එහිදී අදාළ රෝගී තත්ත්වයෙන් පීඩා විදින කාන්තාවට ප්‍රමාණය ඉක්මවා යෝනි මාර්ගය ආශි‍්‍රත ස්‍රාවයන් පිටවීම මෙම “සුද යාම” රෝගී තත්ත්වයේදී සිදු වේ.

සුදයාම රෝගී තත්ත්වය හා සාමාන්‍ය ස්වභාවය අතර වෙනස පැහැදිලි කළොත්?

කාන්තාවකගේ සරු කාලය තුළදී ඩිම්බ නිකුත් වන අවස්ථාවලදී යෝනි මාර්ගය හරහා පිට කරන ස්‍රාවයන් වර්ණයක් හෝ ගන්ධයකින් තොරව නිකුත් වේ. නමුත් රෝගී තත්ත්වයක් වශයෙන් පවතින විට ඇතැම් අයට කිරි පැහැයට (මේවා බොහෝවිට මිදවූ කිරිවලට සමාන වේ) තරමක් උකු ද්‍රාවණයක් ලෙසින් වැඩි වශයෙන් පිටවිය හැකියි. තවද සුදු පැහැති කැබැලිති ලෙසද (පොල් කුඩු වැනි ස්වභාවයෙන්) යෝනි මාර්ගය අවට පැතිරී පැවතිය හැකියි. මීට අමතරව රතු පැහැයට, ළා රතු පැහැයට, කහ මෙන්ම තද කහ පැහැයට හුරු ද්‍රාවණ ලෙස ද දැකගත හැකි වේ.

මෙම රෝගී තත්ත්වයට ලක් වූ කාන්තාවන් මුහුණදෙන අපහසුතා මොනවාද?

සුදයාමේ රෝගී තත්ත්වය ආශි‍්‍රතව කාන්තාවන් විවිධාකාර ගැටලුවලට මුහුණ දෙනු ලැබේ. එහිදී යෝනි මාර්ගය අවට කසන ස්වභාවය, තුවාල ඇති වීම, ඉකිලි ආශි‍්‍රත ප්‍රදේශ කැසීමට ලක්වීම, නිතර නිතර ඇතිවන මුත්‍රා ආසාදන බහුල වශයෙන් දැකගත හැකි ගැටලුකාරී තත්ත්ව වේ.

සුද යාම සඳහා බලපාන හේතු මොනවාද?

තමාගේ සනීපාරක්ෂාව හොඳින් පවත්වාගෙන නොයාම, යහපත් සෟඛ්‍ය පුරුදු නොමැති වීම, ක්‍රිමි ආසාදන (පණු රෝග), ලිංගික චර්යාවන්, වැඩිපුර සිටින කාන්තාවන් මෙන්ම වැඩි වශයෙන් හිඳගෙන සිටින කාන්තාවන් ද මීට ගොදුරුවිය හැකියි. තවද බර ඉසිලීම, පොදු වැසිකිලි භාවිතයේදී ඒවායේ පිරිසිදුකම පිළිබඳ සැලකිල්ලක් නොදැක්වීම, බහු පුරුෂ සේවනය හා සමාජ රෝග සුදයාමත් සමඟ ඇතිවන කිරි පණු රෝගවලදී එම පණුවන් යෝනි මාර්ගය වෙත ප්‍රවේශ වී බිත්තර දැමීම ද මේ යටතේ කථාබහට ලක් කළ හැකියි.

ඉහත හේතූන්ට අමතරව උෂ්ණ අධික ආහාර ගැනීම මේ සඳහා බලපාන ප්‍රධාන හේතුවක් වශයෙන් හැඳින්විය හැකියි. විශේෂයෙන් තරුණ වයස්වල පසුවන කාන්තාවන් අමු අබ, අන්නාසි, බිලිං, ඇඹරැල්ලා, අච්චාරු වැනි දේවල් ආහාරයට ගැනීමත් කෘත්‍රිම ආහාර පානවලට යොමු වීමත් නිසා ඔවුන්ගේ ශරීර උෂ්ණ අධික තත්ත්වයට පත් වේ. තවද මෙවැනි රෝගීන්ට ආහාර ජීර්ණය ආශි‍්‍රතව ද රෝග ලක්ෂණ දැකගත හැකි වේ. ඒ අතර ආහාර අරුචිය මල බද්ධය හෝ විටින් විට මල අක්‍රමිකව පිට වීම ප්‍රධානවේ.එමෙන්ම ශරීරය කෘෂ වීම කැසීම් පළු දැමීම් ආශි‍්‍රත සමේ රෝග, පීනස් රෝග, අර්ශස් හිස කැක්කුම ද ශරීරය අප්‍රාණික ගතිය අධික කේන්තිය වැනි ලක්ෂණ මීට සමගාමීව ඇතිවිය හැකියි. තවත් සමහර අයට මල පිටවීමේ අක්‍රමිකතා ද තිබේ. ඒ වගේම නිතර නිතර මල බුරුල්ව පිටවීම මෙන්ම ඇතැම් අයට මල බද්ධය වැනි අපහසුතා ද තිබේ. මේවා සියල්ල සුදයාමේ රෝගී තත්ත්වයට සමගාමීව රෝගීන් තුළ දැකගත හැකියි.

මේ සඳහා සිදු කෙරෙන ප්‍රතිකාර මොනවාද?

ඉහත පැහැදිලි කළ පරිදි සුදයාමේ රෝගී තත්ත්වය සමගාමීව ඇතිවන එක් එක් රෝගී තත්ත්ව සඳහා වෙන් වශයෙන් ප්‍රතිකාර කිරීමක් මෙහිදී සිදු නොවේ. ආයුර්වේද වෛද්‍ය විද්‍යානුකූලව රෝගී තත්ත්වය සියුම් ලෙස වෛද්‍යවරයාගේ පරීක්ෂාවට ලක් වන අතර සියලුම රෝගී තත්ත්ව හා රෝග ලක්ෂණ මත ප්‍රතිකාර යොදනු ලැබේ.

මෙම රෝගී තත්ත්වය කාලයක් පැවතීමෙන් ඇතිවන ගැටලු මොනවාද?

සුදයාමේ රෝගී තත්ත්වයෙන් පීඩා විඳින කාන්තාවන් හට කාලයත් සමඟ ගර්භාෂය ආශි‍්‍රත යම් යම් රෝගී තත්ත්ව ඇති වීමේ වැඩි ඉඩකඩක් තිබේ. මේ නිසා ඔවුන් මුහුණදෙන ප්‍රධාන ගැටලුව බවට පත් වන්නේ දරුවන් නොලැබී යාමයි. තවද ලිංගික සංසර්ගයේදී ගැටලුකාරී අවස්ථාවන්ට ද මුහුණ දීමට සිදුවිය හැකියි. කෙසේ වෙතත් මෙම රෝගී තත්ත්ව කල්තබා හඳුනාගෙන නිවැරදිව ආයුර්වේද ප්‍රතිකාර ලබා ගැනීම හරහා රෝගී තත්ත්වය නිට්ටාවටම සුව කළ හැකියි.

නමුත් වර්තමානයේ බොහෝ කාන්තාවන් ඉතාමත් කාර්යබහුල ජීවිතයක් ගත කරන අතර ප්‍රතිකාර ලබා ගැනීමේ අවශ්‍යතාවක් තිබුණත් ප්‍රතිකාර නොලබා සිටින අවස්ථා ඕනෑ තරම් වෛද්‍යවරු ලෙස අපට දැකගත හැකියි. මේ නිසාම අපගේ වෛද්‍ය ක්‍රම අනුව නිපද වූ ඉතාමත් පහසුවෙන් ලබාගත හැකි ඖෂධ මේ වන විටත් ඔබට ලබාගත හැකි නිසා ඉතා පහසුවෙන් රෝග නිවාරණය කරගත හැකියි.

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!