page hit counter
Wednesday , August 23 2017
Breaking News
Home / ක්‍රීඩා පුවත් / ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්වෙයි

ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වන බව ඇන්ජලෝ මැතිව්ස්, ක්‍රිකට් තේරීම් කමිටුවට වාචිකව දැනුම් දී තිබේ.

පවතින තත්වය හමුවේ අද උදෑසන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන ඇති බව ද වාර්තාවේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ පළමු වතාවට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි එක් දින තරගාවලියක් පරාජය වීමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් ඉල්ලා අස්විය යුතු බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ අදහස් පළවෙමින් තිබිණ.

විශේෂයෙන්ම මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හෝ ලසිත් මාලිංග නොමැතිව උපුල් තරංග ගේ නායකත්වයෙන් පසුගියදා සිම්බාබ්වේ හි සංචාරය කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත්වුවත්, ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ද සහිත කණ්ඩායම ශ්‍රී ලංකාව තුළ දීම තරගාවලිය පරාජයවීම ක්‍රීඩාලෝලීන් ගේ දැඩි විවේචනයට ලක් වී තිබුණි.

ඒ අනුව සිම්බාබ්වේ පිලට එරෙහිව ලබන සිකුරාදා (14) ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරඟයේදී වෙනත් ක්‍රීඩකයකු විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවනු ලබනු ඇත. දැනට වාර්තා වන පරිදි එම අවස්ථාව රංගන හේරත්ට පැවැරෙනු ඇතැයි කියැවේ. එහෙත් උපුල් තරංග සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාගේ නම් ද ඒ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වී තිබේ.

මැතිව්ස් අද (12) පෙරවරුවේදී කණ්ඩායමේ ක්‍රීඩකයන් හමුවීමෙන් පසුව සිය තීරණය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සූදානමින් සිටින බව ද වාර්තා වේ.

Check Also

ආහාර විසවීමක් හේතුවෙන් සිම්බාබ්වේ පිතිකරුවෙකු රෝහල්ගත කරයි

සූරියවැව මහින්ද රාජපක්‌ෂ ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී අද (06දා) පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ තෙවැනි එක්දින තරගයට …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!