page hit counter
Monday , December 18 2017
Breaking News
Home / සුව අරණ / වකුගඩු රෝගීන්ට අනිවාරෙන් ගත යුතුම ආහාර මෙන්න

වකුගඩු රෝගීන්ට අනිවාරෙන් ගත යුතුම ආහාර මෙන්න

කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් හා මේද යන තුන ආහාරවල පවතින ප්‍රධාන පෝෂණ සංඝටකයන්ය. මින් කාබෝහයිඩ්‍රේට් ප්‍රධාන ශක්තිය සැපයීමේ ප්‍රභවය ලෙස ක්‍රියා කරයි. කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගත් පසු සිරුර තුළදී ඒවා ග්ලූකෝස් බවට පත් වෙයි. මෙම ග්ලූකෝස් මෙම ශක්තිය සැපයීමේ මූලික අනුව ලෙස ක්‍රියා කරයි. ඉන්සියුලින් නැමැති හෝමෝනය මඟින් සෛලවලට මෙම ශක්තිය භාවිතා කර ඒවායේ නියමිත කෘත්‍ය ඉටු කිරීමට ඉඩ ලබා දෙයි.

ඇතැම් කාබෝහයිඩ්‍රේට් ආහාරවල තන්තු අඩංගු වේ. මෙමඟින් හෘදය, රුධිර වාහිනී හා අන්ත්‍රය යන අවයවයන්වලට රෝග වලින් ආරක්ෂාව සලසයි. ඩයලයිසිස් ප්‍රතිකර්මය ලබන රෝගීන් හෘද රෝග වලින් මිය යෑමට වැඩි ඉඩක් ඇත. අධික තන්තුමය ආහාර මඟින් කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ද අවම කිරීමට උපකාරී වෙයි. තවද තන්තු මඟින් රුධිර පීඩනය ද අඩුවන බවට සොයාගෙන ඇත. මීට අමතරව ප්‍රදාහ තත්ව ද අඩුවන බවට තහවුරු වී ඇත.

කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාර

පිෂ්ඨයමය එළවළු (කොස් දෙල් අලවර්ග), පාන්, පලතුරු, කිරි ආහාර, පැණි රස ආහාර

අප ශරීරයට අවශ්‍ය ශක්තිය නිපදවීමට මෙම ආහාර ඉන්ධන ලෙස ක්‍රියා කරන නමුත් දියවැඩියා රෝගීන්ගේ සීනි මට්ටම ඉහළ දැමීමට ද හේතු වේ. මස්වල හා මේදවල කාබෝහයිඩ්‍රේට් නැත. මෙම මස් වලින් හා මේද වලින් ද ශක්තිය අපට ලැබෙයි.

ආහාරයට ගත යුතු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය ශරීර බර මත තීරණය වේ. සිරුරේ බර වැඩි නම් අඩු ප්‍රමාණයක් ගත යුතු අතර සිරුරේ බර අඩු නම් වැඩි ප්‍රමාණයක් කාබෝහයිඩ්‍රේට් ආහාරයට ගත යුතුය.

පරිතාන/රුධිර කාන්දු පෙරනය හා කාබෝහයිඩ්‍රේට්වල අවශ්‍යතාවය

රුධිර කාන්දු පෙරනය කරන රෝගීන්ගේ දෛනික ශක්ති අවශ්‍යතාවෙන් 50% – 60% අතර ප්‍රමාණය කාබෝහයිඩ්‍රේට් ආහාර වලින් සැපයිය යුතු වේ.

පරිනාත කාන්දු පෙරනය සිදු කරන රෝගීන්ගේ කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාවය රුධිර කාන්දු පෙරනය සිදු කරන රෝගීන්ට වඩා අඩු වේ. පරිතාන කාන්දු පෙරනයට ඩෙක්ස්ට්‍රොස් අඩංගු මාධ්‍යයක් භාවිතා වන නිසා එම ඩෙක්ස්ටෙ‍්‍රීස් නැවතී කාබෝහයිඩ්‍රේට් ශරීරයට අවශෝෂණය කර ගනී. මෙම ඩෙක්ස්ට්‍රෝස් නිසා රුධිරයේ සීනි මට්ටම ද වැඩි විය හැකිය. එම නිසා මොවුන්ගේ කාබෝහයිඩ්‍රේට් අවශ්‍යතාවය මුළු කැලරි ප්‍රමාණයෙන් 35% -40% අතර වේ. ඉතිරි 15% ඉහත කී ආකාරයට ඩෙක්ස්ට්‍රෝස් මඟින් සැපයේ. මේ අනුව වකුගඩු ආහාර වේලේ ප්‍රධාන ශක්ති ප්‍රභවය ලෙස කාබෝහයිඩ්‍රේට් දැක්විය හැකිය.

ලිපිඩ

රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම

අධික මේද තත්ත්වය, ස්ථුලතාවය, දුම්පානය වකු ගඩු රෝගයට අහිතකර ලෙස බලපෑම් ඇති කරයි.

වකුගඩු රෝගය උත්සන්න වීම විශේෂයෙන්ම මුත්‍රා සමඟ ප්‍රෝටීන් පිටවීමේදී ලීපෝප්‍රොටීන් පරිවහහනය වීමේ අසාමාන්‍යතා හා බැඳී පවතී.

මේද අප ආහාරයේ අත්‍යවශ්‍ය කොටසක් වේ.

කෘත්‍ය

මේද ද්‍රව්‍ය විටමින් අප සෛල තුළට පරිවහනයට උදව් වේ.

ඊස්ට්‍රජන්, ටෙස්ටොස්ටෙරෝන් වැනි හෝමෝන නිපදවීමට භාවිතා වේ.

අත්‍යවශ්‍ය මේද අම්ල, සෛල බිත්ති සෑදීමට, සමේ නිසි පැවැත්මට හා ස්නායු ආවේග සම්පේ‍්‍රෂණයට උදව් වේ. නමුත් අධික ලෙස මේදය, හෘද රෝග ඇති වීමට, බර වැඩි වීමට හා අහිතකර සෞඛ්‍ය තත්ත්වයන්ට හේතු වෙයි.

මේද කොටස් දෙවර්ගයකින්ම යුක්තය.

1. සංතෘප්ත මේද-මස්, කිරි නිෂ්පාදන
2. අසංතෘප්ත මේද-රටකජු, ශාක තෙල්, මාළු

සංතෘප්ත මේද – රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වැඩි කරනු ලබයි. මෙමඟින් හෘද රෝග වැඩි වෙයි. එම නිසා සංතෘප්ත මේද ආහාරයේ අවම කළ යුතුය.

අසංතෘප්ත මේද – රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි. නමුත් මෙම අසංතෘප්ත මේද මඟින් ආහාර පිසීමේදී (උදා. සෝයා තෙල්) එහි මේද අණුවල ඇති බන්ධන හයිඩ්‍රජනීය වී ට්‍රාන්ස් වර්ගයේ මේද අම්ල සාදන අතර මෙමඟින් ද ඹ්ච්ඹ් මට්ටම වැඩි කරන නිසා අහිතරක වේ.

 

Check Also

කෝපි මන්ඩි සතුව ඇති විශ්මිත බලය මෙන්න – මෙය දැනගත් පසු කිසිදිනක කෝපි මන්ඩි විසිකරන එකක් නෑ

අපි අතර සිටින බොහෝ දෙනෙක් උදෑසන අවදිවූවායින් පසුව කෝපි කෝප්යක් පානය කිරීමට පුරුදුවී සිටිනවා. කෝපි …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!