page hit counter
Monday , December 18 2017
Breaking News
Home / amazing / පුතුගේ හදවත දන් දුන් දෙමාපියන්ට ජනපතිගෙන් නව නිවසක්

පුතුගේ හදවත දන් දුන් දෙමාපියන්ට ජනපතිගෙන් නව නිවසක්

හදවත් බද්ධ කිරීමේ සැත්කම සදහා සිය පුතුගේ හදවත ලබාදීමට එකඟවූ දෙමාපියන් සදහා නව නිවසක් ඉදිකරදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබේ.

රිය අනතුරක් හේතුවෙන් මොළය මරණයට පත්වූ ප්‍රදීප් කුමාර සම්පත් තරුණයාගේ ශරීර අවයව පරිත්‍යාග කිරීම සදහා ඔහුගේ දෙමාපියන් කැමැත්ත පල කිරීමත සමගම මෙරට ප්‍රථම හදවත් බද්ධ කිරීම සදහා එම තරුණයාගේ හදවත යොදා ගැනුණි.

මව, පියා, වැඩිමහල් සහෝදරිය හා බාල සහෝදරියකගෙන් යුතු එම තරුණායාගේ පවුල දැඩි ආර්ථීක දුෂ්කරතාවයෙන් පසුවන අතර ඔවුන්ට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීම මත එම ස්ථානයේම නව නිවසක් ඉදිකෙරන බව මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා කීවේය.

මහනුවර මහ රෝහලේ අධ්‍යක්ෂවරයාගේ දැනුම්දීම මත ප්‍රදීප් කුමාර සම්පත් තරුණයාගේ දෙමාපියන් මහනුවර මහ රෝහලට පැමිණි අතර එහිදී රෝහල් අධ්‍යක්ෂවරයා විසින් ඔවුන්ට ජනාධිපතිවරයාගේ තීරණය දැනුම් දෙන ලදි.

 

Check Also

‘‘දුවගේ සැත්කම වැරදුණා කියලා මාධ්‍යට ප්‍රකාශ දෙන්න ලෑස්ති වෙන්න එපා..‘‘ මහනුවර රෝහලේ ප්‍රධාන වෛද්‍යවරියගේ කෙරුවාව මෙන්න

‘‘ඔයාලගේ දුවගේ සැත්කම ධන පැත්තට හැරෙන්නත් පුළුවන් සෘණ පැත්තට හැරෙන්නත් පුළුවන්. හැබැයි සෘණ පැත්තට හැරුණා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!