page hit counter
Monday , December 18 2017
Breaking News
Home / දේශපාලන / Mahinda rajapaksa / මහින්ද ඝාතන කුමන්ත්‍රණයක්. ඒකාබද්ධ විපක්ෂයේ සැලැස්ම හෙළි වේ

මහින්ද ඝාතන කුමන්ත්‍රණයක්. ඒකාබද්ධ විපක්ෂයේ සැලැස්ම හෙළි වේ

ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත‍්‍රී කණ්ඩායමක් තමන්ව ඝාතනය කිරීම සදහා කුමන්ත‍්‍රණය කර ඇති බව එජනිස මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

වැඩියෙන් කෑගහන මන්ත්‍රීවරයෙකු අමරවීරව මරලා දාමු යනුවෙන් ප්‍රකාශ කර ඇති බවත් ඒවට බයේ දේශපාලනයේ නිරත නොවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.මෙම පිරිස මන්ත‍්‍රීවරුන් 11 දෙනෙකුගෙන් යුතු බව ද අම්බලන්ගොඩදී පැවති ජනහමුවක් අමතමින් හෙතෙම සඳහන් කළේය.

තමාව දේශපාලනයෙන් ඉවත් කිරීමට එක් මන්ත්‍රීවරයෙකු යෝජනා කර ඇති බවත් තවත් දරදඩු යෝජනා ගෙන ආවත් අනෙක් මන්ත්‍රීවරුන් ඊට අකමැති වී ඇති බවත් තමා සහ ජනාධිපතිවරයා අතරත්, හිටපු ජනපති හා තමා අතරත් ගැටුම් ඇති කිරීමට එම කණ්ඩායම ලොකු උත්සාහයක් ගෙන ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.ශ්‍රීලනිපය සහ එජනිස එක්කිරීමට තමන් ගන්නා උත්සාහය ව්‍යර්ථ කිරීමේ අරමුණින් කටයුතු කරන කණ්ඩායමක් සිටින බවත් එම කණ්ඩායම ඇතුලේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකුගේ කණ්ඩායමක් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

නව අමාත්‍යධූරයේ වැඩි බාරගත් දිනයේ ජනපති කළ ප්‍රකාශය නිසා තමන්ට මෙවැනි සිද්ධීන්ට මුහුණ දීමට සිදු වන බව දැනසිටි බවත් මහින්ද අමරවීරට ගහන්න මන්ත්‍රීවරුන් හා ෆේස්බුක් කල්ලිය එක්වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Check Also

බුද්ධශාසන අමාත්‍යංශයට බෑ..මුස්ලිම් පල්ලි ඉදිකීමේ බලය අපට දෙන්න

මුස්‌ලිම් පල්ලි ඉදිකිරීම සම්බන්ධයෙන් අනුමැතිය දීමට බුද්ධශාසන අමාත්‍යාංශයට ඇති බලය ඉවත් කරන ලෙස ඇමැති රිෂාඩ් …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

error: Content is protected !!